Monetag add

2017/02/24

ලඟදිම පළාත් පාලන අමාත්‍යාංශය වටලනවා

ළඟදීම පළාත් පාලන අමාත්‍යාංශය වටලනවා


පළාත් පාලන අමාත්‍යවරයාට හා ලේකම්වරයාට අමාත්‍යාංශයෙන් පිට විය නොහැකි ලෙස නුදුරේදී ම එම අමාත්‍යාංශය වැටලීමක් සිදු කරන බව පළාත් පාලන නියෝජිත ප්‍රධානීන්ගේ සංසඳයේ සභාපති උදේනි අතුකෝරාළ මහතා පවසයි. 

අද (24) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය. 

පළාත් පාලන මැතිවරණය පැවැත් වීමට ආණ්ඩුවට බලකරමින් මාර්තු මස 18 වන දා පනස් තුන් ලක්ෂයක අත්සන් ලබා ගැනීම ආරම්භ කර මේ ජනතාවට නියම ප්‍රජතන්ත්‍රවාදය ප්‍රදර්ශනය කරන බවත් ඉන් නොනැවති පළාත් පාලන අමාත්‍යාංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත් වීමට ද කටයුතු කරන බව සභාපතිවරයා මෙහිදි පවසා සිටියේ ය. 

එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සීමා නීර්ණ වාර්තාව ගැසට් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් තව ගැසට් කිහිපයක්ම ඒ සඳහා අවශ්‍ය බවද පැවසීය. ඒ අතර පළාත් සභා සඳහා මන්ත්‍රීන් සංඛ්‍යාව ගැසට් කිරීම හා පනත පිළිබඳ  ගැසට් නිවේදනයක් ලබා දිය යුතුව ඇති බව උදේනි අතුකෝරාළ මහතා වැඩි දුරටත් පැවසීය. 

No comments:

Post a Comment