Monetag add

2017/02/12

අකිලගෙන් තවත් ගොන් කතාවක්/සිගිරිය භාර මහ හිමි සහ පුරාවිද්‍යා එකෙන් අකිලගෙ රෙදි ගලවයී

සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව සඳහා විදුලි සෝපාන සහ විදුලි මෝටර් රථ යෙදවීමට අවධානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පුරාවිද්‍යාවට හානී නොවන පරිදි අදාළ කටයුතු සිදුකිරීමට මේ වන විටත් සැලසුම් සකස් කරමින් පවතින බවය.ලෝක උරුමයක් වන සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා විදුලි සෝපාන සහ විදුලි මෝටර් රථ හඳුන්වාදීම අත්‍යවශ්‍ය බව අකිල විරාජ්කාරියවසම් අමාත්‍යවරයා පවසයි.සීගිරියේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා මෙම අදහස් පළ කළේය.

 කෙසේ වෙතත් සීගිරිය භාරව සිටින මහ නායක හිමි අකිලට මේ ක්‍රියාව කරන්න්න් එපා. කරන්න දෙන්නෙත් නෑ. මේක මේ පුන්‍යභූමියට නොගැලපෙන දෙයක් යැයි පවසා ඇත.

පුරාවිද්‍යා එකෙන්ද මෙම ක්‍රියාවට අවසර නොදෙන බව ප්‍රකාස කර ඇත.