Monetag add

2017/01/21

ඇමති කමෙන් යනවනම් යන්න කියන්න - අගමැති සජිත්ට ඉවත් වෙන්න කියයි

සජිත්ට අගමැතිගෙන් ප‍්‍රතිචාර
පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී තම අමාත්‍යංශට ලබාදී තිබූ මුදල් කප්පාදු කර ඇති බව කියමින් තමා ඇමතිකමින් ඉවත්වන බව කී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුව ජාතික පුවත්පත්වල කර්තෘවරුන්ට දුරකථනයෙන් අමතා එය අභ්‍යන්තර සාකච්ඡාවක් බව කියමින් ඔහු එය පුවත්පත්වල පල නොකරන්නයි ඉල්ලා ඇති බව පැවසේ.
සජිත් මහතා, මේ ප්‍රකාශය කර තිබුණේද අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමති රවී කරුණානායක හා අගමැතිවරයාට ඉතා සමීප ඇමතිවරයකු වන මලික් සමරවික්‍රම යන තිදෙනාම කැබිනට් රැස්වීමට පැමිණ නොසිටි අවස්ථාවේදීය.
ඔවුන් විදෙස් සංචාරයකට එක්ව සිටි බැවින් එම රැස්වීමට සහභාගි නොවුණි.

අදාළ කැබිනට් සාකච්ඡාවේදී ජනපති මෛත්‍රීපෙල සිරිසේන මහතා සජිත්ගේ චෝදනාව අගමැතිවරයා පැමිණි පසු සලකා බැලීමට තීරණය කරන බව පැවසූ ආකාරයට සිද්ධිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සංචාරයේ නිරත නිලධාරියකු දැන්වූ විට අගමැතිවරයා ප්‍රතිචාර දක්වා ඇත්තේ යනව නම් කමක් නැහැ වෙන කෙනෙක් ගන්න බැරියැයි කියමින් බවද  වාර්තා වේ.

කවුරු මොනා කිවුවත් ත්‍රිකුණාමලය වරාය අපි ඔයාලට දෙනවා - අගමැති ඉංදියාවට කියයි

ත‍්‍රිකුණාමලය ඉන්දියාවට දෙන බව අගමැති තහවුරු කරයි..






ත‍්‍රිකුණාමලය වරාය ඉන්දියාව සග එක්ව සංවර්ධනය කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
ඉන්දීය නාලිකාව සමග අදහස් පල කරමින් අගමැතිවරයා මේ බව කියා සිටියේ මේ දිනවල ස්විට්සරලන්තයේ යෙදෙන සංචාරය අතරතුරදීය.
ත‍්‍රිකුණාමලය සංචාරයක කලාපයක් බවට පත් කිරීමට මෙමගින් හැකිවනු ඇති බවටද අගමැතිවරයා එහිදී විශ්වාසය පල කලේය.

සිසු හඬට කළ පහරදීම හෙළා දකිනවා - ජාතික භික්ෂු පෙරමුණ

සිසු හඬට කළ පහරදීම හෙළා දකිනවා





අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන් ඊයේ(19) දිනයේ සිදුකළ පාගමනට ආණ්ඩුව ජල ප‍්‍රහාර හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරමින් කළ මර්දනය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ජාතික භික්ෂු පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පෙන්වා දෙන්නේ මෙලෙස විරෝධතාවන් මර්දනය කිරීම වත්මන් ආණ්ඩුවට ඇති එකම විසඳුම බවයි.

එම නිවේදනය පහත පරිදි වෙයි,

රටේ සහ ජනතාවගේ  විරෝධයට ලක්ව ඇති මාළඹේ ‘‘හොර උපාධි කඩය’’ ලෙස නම් වී ඇති මුදලට වෛද්‍ය උපාධිය විකුණන සයිටම් ආයතනය වසා දමන ලෙස බලකරමින් ඊයේ දින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මූලිකව සිදුකළ පාගමනට දෙමුහුන් ආණ්ඩුවට ඇති එකම විසඳුම වූ ජල ප‍්‍රහාර හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරමින් කළ මර්දනය දැඩි පිළිකුළෙන් හෙළාදකින්නෙමු.

ආණ්ඩුවේ ප‍්‍රබලයන්ගේ හා හිතවතුන්ගේ දූ දරුවන් සහ ඥාතිවරුන් ඇතුළු එක්තරා පංතියක් සිය සමාජ තත්වය ආරක්‍ෂා කරගැනීමේ ආභරණයක් ලෙස අද මෙම ආයතනයෙන් වෛද්‍ය උපාධි ලබාගන්නා බව ඉතා පැහැදිලිය. ඔවුන්  කිසිසේත් වෛද්‍ය උපාධියක් ලැබීමට සපුරාගත යුතු ලංකාවේ සම්මත සෙසු සුදුසුකම් කිසිවත් සපුරා නැති අතර මුදල් වියදම් කිරීමට ඇති හැකියාව පමණක් එකම සුදුසුකම බවට පත්කරගෙන ඇත.

සියල්ල විකුණාගෙන කෑමේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය සපුරාගැනීම තුළින් තම පංතියට හා පංතියේ හිතවතුන්ට ජාවාරම් කාරී ලෙස මුදල් ඉපයීමට ඉඩ ලබාදී ඇත. සයිටම් ආයතනයට නැගෙන මහජන විරෝධතා නොතකා ගොලූවන් බිහිරන් සේ ආණ්ඩුවේ බලවතුන් හැසිරෙන්නේ ඒ නිසාය. එපමණක් නොව ආන්දෝලනාත්මක මරණ කීපයක් පවා මේ වන විට සිදුවී තිබියදී බලවතුන් මේ ගොලූ වෘතය රකින්නේ ජනතාවගේ ජීවිත වලට වඩා ඔවුන්ට මුදල් වටිනා බැවිනි.

එහෙත් රටට ආදරය ඇති විශ්වවිද්‍යාල සිසුන්, වෛද්‍යවරුන්, කම්කරුවන්, දේශපාලනඥයින් ආගමික නායකයින්  ඇතුළු සැම දිනෙන් දින ආණ්ඩුවේ විකූණාගෙන කෑමේ ප‍්‍රතිපත්තියට එරෙහිව නැගී එමින සිටියි.

සයිටම් ආයතනය සම්බන්ධයෙන්ද එය එසේමය. අන්තරේ ඊයේ සිදුකළේ එහි තවත් එක් පියවරකි. එම සියලූ සිසු සිසුවියන් හා හිමිවරුන් එකාවන්ව රොදබැඳ ආණ්ඩුවේ මුග්ධ ප‍්‍රහාරය හමුවේ ධෛර්යයෙන කටයුතු කළ ආකාරය පිළිබඳ ජාතික භික්‍ෂු පෙරමුණ ඒ සැමට දිරිවඩන්නෙමු. සයිටම් ආයතනය අහෝසි කරන තෙක් ජනතාව තුළින් දිනෙන් දින නැගෙන විරෝධය කුළුගැන්විය යුතු බවද අවධාරණය කරන්නෙමු. 

ෆොන්සේකාගේ ඇමති කමට කෙලවෙන ලකුණු-අජිත් ප්‍රසන්නට ජය අත් වෙන ලකුණු

ෆොන්සේකාගේ මන්ත‍්‍රීධූරය අභියෝගයට ලක්වෙයි  –  පෙත්සම යළි කැදවයි
නීතිපතිවරයාගේ විරෝධතාව ඉවත දමමින්, අමාත්‍ය සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කර ඉදිරිපත්වූ පෙත්සමක් සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජන.20) තීරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු නොවන සරත් ෆොන්සේකා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම නීතියට පටහැනි බව, දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ අජිත් ප්‍රසන්න ගොනු කළ එම පෙත්සමින් කියැවිණි.
ඒ හේතුවෙන් අදාළ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම කැඳවූ අවස්ථාවේ ඊට විරෝධය පෑ රජයේ නීතිඥයාගේ තර්කය වුයේ, අදාළ කරුණ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිමය පදනමක් නොමැති බවය.
එහෙත්, පෙත්සම පිලිබඳ මූලික කරුණු විමසීමක් කළ යුතු බව කී අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 14 වෙනිදාට එය යළි කැඳවන ලෙස නියෝග කළේය.

2017/01/16

මැතිවරණය කල්යෑමේ වගකීම කොමිසමේ සභාපති භාරගත යුතුයි

මැතිවරණය කල්යෑමේ වගකීම කොමිසමේ සභාපති භාරගත යුතුයි





මැතිවරණය පැවැත්වීම කල්යෑමේ වගකීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා භාරගත යුතු බව ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.

මැතිවරණය පැවැත්වීමේ බලතල එම කොමිසමට පවතින බව උන්වහන්සේ පෙන්වා දෙනු ලබයි.

මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේය.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම කොට්ඨාස ක්‍රමය යටතේ පවත්වන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේදී ප්‍රකාශ කළේය.

මහින්දගෙ ජන බලය දැක ආණ්ඩුව බය වෙයි - මහින්දානන්ද




 



ලබන මස 27 වනදා නුගේගොඩ පවත්වන රැස්වීමට මහින්ද රාජපක්ෂ මහතා සමඟින් අලුත් මුහුණු කිහිපයක් සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

එම රැස්වීම කඩාකප්පල් කිරීමට මේ වන විටත් ආණ්ඩුව කටයුතු කරන බවත් සිය කණ්ඩායමේ ඇතැම් පිරිස් අත්අඩංගුවට ගැනීම් සිදුකරමින් සිටින බවත් අද (16) පෙරවරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේය. 

කෙසේ නමුත් රැස්වීම සාර්ථකව පවත්වන බව ඔහු පැවසිය. 

මේ ආණ්ඩුව රටට සිදු කරන අහිතකර ක්‍රියාවන් එරෙහිව තම පිරිස කටයුතු කරන බව මන්ත්‍රීවරයා කියා සිටියේය. 

ඇහැට කනට පේන සංවර්ධනයක් සිදු කළේ මහින්ද රාජපක්ෂ පමණක් බව එම මාධ්‍ය හමුවට එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 

යහපාලන ආණ්ඩුව බලයට පත් වී වෙනසක් ඇති කරන බව පැවසුව ද සෑබෑවින්ම මෙතෙක් එවැනි කිසිදු වෙනසක් සිදුව නොමැති බව හෙතෙම කියා සිටියේය. 

වත්මන් ආණ්ඩුව මහින්ද පරදවන්න කුමන්ත්‍රණය කළ ඇතැම් පිරිස් අද වන විට මහින්දට තිබෙන ජන බලය දැක බිය වී ඇති බව ඔහු පැවසිය. 

එදා සමහරු බලාපොරොත්තු වුණේ මහින්ද රාජපක්ෂ මහතා පැරදුණ පසු නිවසට වී සිටිනු ඇතැයි කියා නමුත් සෑබෑවින් ඔහුට ජනබලය වැඩී වු බව මන්ත්‍රීවරයා අනාවරණ කළේය. 

යහපාලන ආණ්ඩුව පැවසුවේ කොමිසම් සභා ස්ථාපිත කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බව වුවත් එය වචනයට සීමා වු වැඩපිළීවෙලක් බව ඔහු කියා සිටියේය. 

ලොතරැයි අලෙවිය ඉවරයි. අලෙවෙකරුවන් 33000 ක් ඉල්ලා අස් වෙයි






ලොතරැයි අලෙවිකරුවන් 33,000ක් අද දිනයේ ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමයේ ලේකම් බී.එස්.එස්. මදරසිංහ මහතා පැවසුවේ ලොතරැයි මිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් අද දිනයේ ලොතරැයි අලෙවියෙන් ඉවත් වන බව ය.
ඊට 50,000කට අධික වූ ලොතරැයි නියෝජිතයින් මෙන්ම දිවයින පුරා සියලු අලෙවිකරුවන් එක්ව සිටින බව ඔහු සඳහන් කළේය.