Monetag add

2017/01/16

මහින්දගෙ ජන බලය දැක ආණ්ඩුව බය වෙයි - මහින්දානන්ද




 



ලබන මස 27 වනදා නුගේගොඩ පවත්වන රැස්වීමට මහින්ද රාජපක්ෂ මහතා සමඟින් අලුත් මුහුණු කිහිපයක් සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

එම රැස්වීම කඩාකප්පල් කිරීමට මේ වන විටත් ආණ්ඩුව කටයුතු කරන බවත් සිය කණ්ඩායමේ ඇතැම් පිරිස් අත්අඩංගුවට ගැනීම් සිදුකරමින් සිටින බවත් අද (16) පෙරවරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේය. 

කෙසේ නමුත් රැස්වීම සාර්ථකව පවත්වන බව ඔහු පැවසිය. 

මේ ආණ්ඩුව රටට සිදු කරන අහිතකර ක්‍රියාවන් එරෙහිව තම පිරිස කටයුතු කරන බව මන්ත්‍රීවරයා කියා සිටියේය. 

ඇහැට කනට පේන සංවර්ධනයක් සිදු කළේ මහින්ද රාජපක්ෂ පමණක් බව එම මාධ්‍ය හමුවට එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 

යහපාලන ආණ්ඩුව බලයට පත් වී වෙනසක් ඇති කරන බව පැවසුව ද සෑබෑවින්ම මෙතෙක් එවැනි කිසිදු වෙනසක් සිදුව නොමැති බව හෙතෙම කියා සිටියේය. 

වත්මන් ආණ්ඩුව මහින්ද පරදවන්න කුමන්ත්‍රණය කළ ඇතැම් පිරිස් අද වන විට මහින්දට තිබෙන ජන බලය දැක බිය වී ඇති බව ඔහු පැවසිය. 

එදා සමහරු බලාපොරොත්තු වුණේ මහින්ද රාජපක්ෂ මහතා පැරදුණ පසු නිවසට වී සිටිනු ඇතැයි කියා නමුත් සෑබෑවින් ඔහුට ජනබලය වැඩී වු බව මන්ත්‍රීවරයා අනාවරණ කළේය. 

යහපාලන ආණ්ඩුව පැවසුවේ කොමිසම් සභා ස්ථාපිත කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බව වුවත් එය වචනයට සීමා වු වැඩපිළීවෙලක් බව ඔහු කියා සිටියේය. 

No comments:

Post a Comment