නීතිපතිවරයාගේ විරෝධතාව ඉවත දමමින්, අමාත්‍ය සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කර ඉදිරිපත්වූ පෙත්සමක් සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජන.20) තීරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු නොවන සරත් ෆොන්සේකා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම නීතියට පටහැනි බව, දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ අජිත් ප්‍රසන්න ගොනු කළ එම පෙත්සමින් කියැවිණි.
ඒ හේතුවෙන් අදාළ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම කැඳවූ අවස්ථාවේ ඊට විරෝධය පෑ රජයේ නීතිඥයාගේ තර්කය වුයේ, අදාළ කරුණ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිමය පදනමක් නොමැති බවය.
එහෙත්, පෙත්සම පිලිබඳ මූලික කරුණු විමසීමක් කළ යුතු බව කී අගවිනිසුරු කේ. ශ්රීපවන්, පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 14 වෙනිදාට එය යළි කැඳවන ලෙස නියෝග කළේය.
No comments:
Post a Comment