මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව අද රාජකාරි කටයුතු ආරම්භ කළේ ය.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා සඳහන් කළේ, අද දිනයේ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොමිසම හමුවට කැඳවූ බව ය.
එහිදී මහ බැංකුවේ ආකෘතිය, මහ බැංකු අධිපතිවරයාගේ සුදුසුකම් සහ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනයට ලක්කර තිබේ.
විමර්ශන කටයුතු අද පස්වරු 1.45ට පමණ අවසන් වූ අතර එය යළි ත් හෙට රැස්වීමට නියමිත ය.
No comments:
Post a Comment