Monetag add

2021/05/14

ඔංචිල්ලාවක ගෙල සිරවීමෙන් අවසන් ගමන් ගිය දෙදරු පියා


ඔංචිල්ලාවක ගෙල සිරවීමෙන්

මුන්දලම වේළුසුමනපුර ප්‍රදේශයේ දෙදරු පියෙකු ඔංචිල්ලාවක ගෙල සිරවීමෙන් මරණයට පත්වී තිබෙනවා.

මෙම ඔංචිල්ලාව ගසේ අත්තක ඇන්ටනා වයරයක ආධාරයෙන් සකස්කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

බුලත් විටක් සපමින් ඔංචිල්ලාවේ රැදි සිටියදී වයරය ගෙලෙහි පැටලි මරණය සිදුව තිබෙනවා.

ඔහුට වයස අවුරුදු 3ක කුඩා දැරියක් සිටින අතර දින 7 කට පෙර ඔහුගේ බිරිදට කුඩා බිළිදියක් උපත ලබා ඇති බව සඳහන්.

පිළිකාවකට ගොදුරුව සිටින මව හා මරණයට පත්වු සොහොයුරෙකුගේ ආබාධිත දරුවාද රැක බලා ගෙන ඇත්තේ මරණයට පත්වූ පුද්ගලයා යි.

මෙරට කොරෝනාවෙන් මසකට අඩුම 600ක්.. මාස කිහිපයකින් දහස් ගණනක් මියෙනු ඇතැයි පුරෝකතන කෙරේ.


මෙරට කොරෝනාවෙන් මසකට අඩුම 600ක්.. මාස කිහිපයකින් දහස් ගණනක් මියෙනු ඇතැයි පුරෝකතන කෙරේ…





කොරෝනා වසංගතය මෙරට තුල පැතිරීම වෙනස්වන බවක් පෙනෙන්නට නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ විධායක කමිටු සාමාජික ප‍්‍රසාද් කොලඹගේ මහතා පවසන්නේ පවතින තත්ත්වය මත මසකට රෝගීන් හයසීයක් පමණ මරණයට පත් වීමේ ලකුණු පෙනෙන්නට ඇති බවයි.

වෛරසය පාලනය සඳහා සෞඛ්‍ය අංශ විසින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන එතරම් විශ්වාසයක් තැබිය නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

සෞඛ්‍යය ධාරිතාව යනු ඇඳන් පමණක් 

2021/03/31

කොළඹ ට්‍රැෆික් අඩු කරන්න කණු මත දුම්රිය මාර්ග 04 ක් හදන්න අනුමැතිය



කොළඹ නාගරික සීමාවේ රථ වාහන තදබදයට පිළියම් ලෙස කණුමත දුම්රිය මාර්ග 4ක් සෑදීමට යෝජනා වී තිබෙනවා.

ඒ සඳහා කැබිනට් අනුමැතියද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

2020/12/07

මහ පාරේ පවුලක් වැනසූ නරුමයා ටික් ටොක් දමන්න රේස් පැදපු පුද්ගලයෙක්


     
bike

මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේ මෝසස් පටුමඟ අසල පදික මාරුවේදී දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ යතුරුපැදිකරු සමාජජාලා ගිණුම් වල පළ කිරීම සහ මුදල් ඔට්ටු තබා රේස් පැදීම සිදු කරන පුද්ගලයෙක් බව හෙළිවෙනවා.

ලහිරු ෆර්නැන්ඩෝ නම් විසිහැවිරිදි සැකකරු පුරුද්දක් වශයෙන් සෑම දිනකම රාත්‍රීයේ මහා මාර්ග වල අධික වේගයෙන් රේස් ධාවනය කර තිබේ. 

එවන් අවස්තාවන්හි වීඩියො පටිගත කර ෆේස්බුක්, ටික් ටොක් වැනි සිය සමාජජාලා ගිණුම් වල පළ කිරීමටද මෙම පුද්ගලයා කටයුතු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අධික වේගයෙන් රිය පදවා ඇති සැකකරු මීට පෙරද රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දඩ නියම වූ අයෙකු බවයි.

මේ අතර මාධ්‍ය ඇමතු මෙම විසි හැවිරිදි පුද්ගලයාගේ පෙම්වතිය ප්‍රකාශ කළේ රිය අනතුරක් සිදු කර දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ සිය පෙම්වතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසත්, එම පවුලට මුදලින් උපකාර කිරීමට තමන් සුදානම් බවය.

මෙම අනතුරින් ගැබිනි මවක් වූ අදාල අනතුරකට ලක් වූ කාන්තාවගේ කුස තුල සිටි දරු ගැබද අහිමි වී තිබේ.

129709075_297922368214287_2662786231304103364_n

129935356_761416024719615_3185526496799112728_n

130192003_1021428815026660_6542978957612934870_n

130468305_394626005305494_1572612474619947212_n

2020/09/06

බන්දුල ඒකත් ගොඩදායි ද?



බන්දුල ගුණවර්ධන !

මතකයිනේ ?

ඕ ලෙවල් කාලේ තමන්ට වෙන්නේ මොකද්ද කිය කියා සිතා ඉද්දී ජීවිතය ජයගන්නට තාක්ෂණික විෂය නම් අලූත් පාරක් තනලා දුන්නු අධ්‍යාපන ඇමතිතුමාව…

මතකයිනේ ?

විසිහතර පැයේ නිකං ඇරලා දාලා කාබාසිනියා කරපු සතොසට යළි පණ දීපු වෙළෙඳ ඇමතිතුමාව…

මතකයිනේ ?

රට පුරා ආර්ථික මධ්‍යස්ථාන හදලා ගෙදර කුස්සියට නැවුම් හා සාධාරණ මිලට එළවළු, පලතුරු ගන්න පුළුවන් සිස්ටම් එකක් හදපු වෙළෙඳ ඇමතිතුමාව…

දෙන දෙන වැඩේ ගොඩ දාන බන්දුල වගේ ඇමතිවරයෙක් මේ තුන් ලෝකේ කොයි කැබිනට්ටුවකවත් සිටියාද, සිටිනවද කියලා දන්නේ දෙයියෝ තමයි. ඒ තරමටම ඔහු ඉපදිලා තියෙන්නේ “වැඩ ගොඩ දාන්නම” කියලයි අපට නම් හිතෙන්නේ. සංසාර පුරුද්දක් වගේ ගේන ඒ “වැඩ කිරීමේ කලාවයි, out of box සිතීමේ හැකියාවයි” නිසා තමයි ඔහුට එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

මේ දවස්වල රට හැමතැනම කතාවෙන්නේ දේශීය ආර්ථිකයක් ගැන. යුඑන්පී, ශ්‍රී ලංකා, වම, දකුණ කියලා භේදයක් නෑ. කොයි කවුරුත් කතා වෙන්නේ අපේ රට ගොඩ දාන්නේ කොහොමද කියලා. අපේ ජනාධිපතිතුමායි, අගමැතිතුමයි මේ පාර කැබිනට්ටුව හදද්දි “දෙයක් වේ නම් සුදුස්සාටම හිමිවිය යුතුය” යන ආදර්ශ පාඨයට මුල්තැන දීලා වගේ හදලා තියෙන්නේ. ඒ නිසා වෙන්නැති රටේ වෙළඳාම පිළිබඳව වගකීම බන්දුලට ම පවරන්නට ඇත්තේ. ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු ! ආර්ථික විද්‍යාව තම ජිවිතයම කර ගත්තු අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා රටේ වෙළඳ ඇමතිවරයා කරවීමෙන් ජනාධිපතිතුමා කර ඇත්තේ අශ්වයාගේ කරට රොකට් එකක් හයි කරා වගේ වැඩක්.

බන්දුල ගුණවර්ධන කියන්නේ උපන්ගෙයි සුපිරි චින්තකයෙක්. රටක් ගොඩ දාන්න අපනයන වර්ධනය කරන්නේ නැතුව බැහැ කියන දේ ඔහු කියන්න පටන් ගත්තේ අපි කවුරුත් ඉපදෙන්නටත් කලියෙන්. ඉතින් ඔහු වෙළෙඳ ඇමැතිවරයා උනාම ඉස්සෙල්ලාම හොයලා බැලුවේ අපේ රටේ හදලා, රට යවන්න පුළුවන් දේවල් මොනවද කියලා. අන්න එතෙන්දි තමා ඔහුට “ත්‍රෛලෝක විජය පත්‍රම්” මුණගැසෙන්නේ.

            ඔබ කවුරුත් දන්න වචනයෙන් කිව්වොත් කංසා. එහෙම නැත්නම් මරුජුවානා, KG, Cannabis.

ගංජ කාරයෙක් කියලා මිනිසුන් තමන්ගේ මුඛයෙන් නොව අධෝමුඛයෙන් කතා කරන කංසා ගැන ඇයි ප්‍රබුද්ධ, බුද්ධිමත් හා ජාතියට මහා දූ දරු කැලක් බිහි ගුරුවරයෙකු ලෙසින් බන්දුල වගේ කෙනෙක් හොයන්න පටන් ගත්තේ.

ඇත්තටම ගංජා කොලේට මුවා වෙලා ඇමෙරිකන් සුද්දා ලෝකෙට කරපු වින්නැහිය තමා අපිට එහෙම හිතන්නත් පුරුදු පුහුණු කෙරේ.

කංසා මුලින්ම හොයා ගන්නේ මීට අවුරුදු 12,000 කට විතර කලින් චීනයේ අල්තායි කදුවැටිය ගංගා නිම්නයේදී. චීන්නු ලෝකෙ මුල්ම කඩදාසිය හැදුවෙත් මේ කංසා සහ මල්බෙරි එකට එකතු කරලා. අපේ ආයුර්වේද ප්‍රතිකර්ම වල අර්ශස් රෝග, ශ්වසන  රෝග හා කාන්තාවන්ගේ මාසික ශුද්ධි වේදනාව සමනයටත් කාලාන්තරයක් තිස්සේ මේක යොදා ගත්තා. ඒ වගේම අතීතය ඉදන් ගොඩක් නිර්මාණකරුවන් හා ලෝකය දෙස හරිම අපූරුවට දකින්න කැමැති පුද්ගලයන් මේවා තම මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්නත් භාවිතා කරා.

කංසා කියන්නේ මීටර් දෙකක් උසට වැඩෙන, ඒකටම ආවේණික රසායනික ද්‍රව්‍ය අසූවක් හා ඉතා වටිනා රසායනික ද්‍රව්‍ය 365 ක් පවතින ශාකයක්. අතීතයේ මෙය ගෘහණියන් මස් පිසීමේදී මස් මෘදු වෙන්නත් යොදා ගත්තා. ඒත් අද වන විට හෙරොයින්, අයිස් වැනි මත් ද්‍රව්‍ය වලට සලකන හැන්දෙන්ම තමා මේ කන්සා වලටත් සලකන්නේ.

සැබැවින්ම කංසා කියන්නේ ඖෂධයක්. නවීන විද්‍යාවේ පිළිකා සෛල විනාශ කරන ප්‍රතිකාර වලට, මානසික ගැටලු නිරාකරණය කරන්න වගේම පාකින්සන් වැනි ස්නායු රෝග වලට බෙහෙතක් විදියටත් නූතන බටහිර ලෝකයේ පවා මේ කංසා යොදාගන්නවා. කංසා වලට 2019 වර්ෂයේ විතරක් ඇමරිකන් ඩොලර් බිලියන 9.1 ක ජාත්‍යන්තර වෙළෙඳපොළක් ලෝකය තුළ නිර්මාණය වෙලා තිබුණා.

අද වර්තමානයේ ඖෂධයක් විදියට පමණක් නෙවෙයි එය ප්‍රයෝජනයට ගන්නේ. කංසා ඇට වලින් ප්‍රංශය මේ මොහොත වන විටත් තෙල් හදනවා. පිටි හදනවා. කංසා ශාකයේ කදේ පොත්තෙන් නූල්, රෙදි, ප්ලාස්ටික් හදනවා. අරටුවෙන් කඩදාසි, කොම්පෝස්ට් පොහොර හදනවා. යුරෝපා රටවල් තෙල් සායම් හදන්න, වාර්නිෂ්, සබන්, ෂැම්පු, මුද්‍රණ තීන්ත හදන්න විතරක් නෙවෙයි ඉන්ධන හදන්නත් මේ කංසා යොදාගන්නවා. අපේ සමහරු දොහොත් මුදුන් දී වැදන් ඉන්න මේ බටහිර රටවලත් කංසා ශාකය නීති ගත වෙලා තියෙනවා. ( කොන්දේසි සහිතව සහ රහිතව ) සුද්දෝ අපට එපා, එපා කියා කංසා වලින් වැඩ ගන්නේ එහෙමයි !

මේක ඇත්තටම ඇමරිකන් කුමන්ත්‍රණයක් ! 1900 මුල් කාලය වෙද්දී ඇමෙරිකාව කාර්මික නිෂ්පාදන අතින් ලෝකෙ ඉදිරියටම පැමිණෙමින් සිටියා. ඔවුන් ලී කුඩු යොදා ගනිමින් කඩදාසි, ඖෂධ, ඉන්ධන, රෙදි වර්ග හදන තාක්ෂණයන් දියුණු කරමින් සිටියා. ඒත් එක පරහක් ඔවුන්ට තිබ්බා. ඒ ලෝකය පුරාම ඒ වෙද්දීත් කංසා වලින් ඒ නිෂ්පාදනම කරනවා. ඉතින් ඇමරිකාවට ඕන වුණා ලෝකය පුරාම කතාවක් යවන්න කංසා මිනිසාට අහිතකරයි කියලා. එහෙම කරලා කංසා ශාකය ලෝකේ භාවිතයෙන් අයින් කරලා තමන්ගේ නිෂ්පාදන ලෝකයට විකුණන්න තමා ඔවුන් සැලසුම් කරේ. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාව තව තවත් බලවත් වුණා. ඒ බලය යොදාගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය බළල් අතක් කරගෙන කංසා ශාකය ලෝකය පුරා තහනම් කරා. ඒකට සංස්කෘතික වශයෙනුත් පහර දුන්නා. සුද්දන් කියන්නා ඕනෑම දේකට Yes, sir ! කීමට සැරසී සිටිනා කළු සුද්දන් ඒකට උදව් කරා. අපේ රටෙත් ඉන්නා කලු සුද්දෝ තමන්ගේ duty එක උපරිමයෙන් කරා. නීති තනන සහ ක්‍රියාත්මක කරන කළු සුද්දන් ද ඔවුන්ගේ වගකීම සීයට සීයක් ඉටු කරා. ඒ විදියට තමයි කංසා ශාකය ශ්‍රී ලංකාවේ නීතියෙන් සහ ජන මනසෙන් දෙකෙන්ම තහනම් දෙයක් වුණේ.

Grand View පරීක්ෂණ ආයතනය පුරෝකතනය කරන විදියට 2027 වර්ෂයේදී කංසා ශාකය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 73.6 ක වෙළඳපොලක් ලෝකය තුළ නිර්මාණය වේ යැයි අපේක්ෂා කරනවා. සැබැවින්ම ඇමරිකන් ඩොලර් බිලියන 73.6 ක් කියන්නේ අපි වගේ චුට්ටි ආර්ථිකයකට මහා සාගරයක් වගේ.

ඉතින් මේ වැළලුණු කතාව ගොඩ අරන් ඒකේ සත්‍ය පාදගත්තු බන්දුල ගුණවර්ධනයන්ට සිතන්නට ඇති කංසා වගා කර අපනයනය කිරීමෙන් අපේ රටටත් විදේශ විනිමය ගේන්න පුළුවන් නේද කියලා. මේක ගැන හොයන්න රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයත් දැන් පෙරට ඇවිල්ලා ඉන්නවා. ඒක හොද දෙයක්.

බන්දුල ඇමතිතුමා මේ හදන්නේ අපේ ගමේ ගුණපාලට, ටවුමේ චොප්පේ අයියට ගංජා සුරුට්ටු පොවන්න නම් නෙමෙයි. ඔහු පෙන්වා දෙන්නේ විදේශ විනිමය සඳහා පූර්ණ රාජ්‍ය අධීක්ෂණය යටතේ අපනයනයට කංසා වගා කළ හැකි බවයි.

රටක් ගොඩනැගීම සඳහා ගත යුත්තේ ප්‍රසිද්ධම තීරණය නොව සුදුසුම තීරණයයි. ඒ බව බන්දුල ගුණවර්ධනගේ අතීත දේශපාලන භාවිතයෙන් අපට පෙනී යයි. අපේ රටේ මෙවැනි දේශපාලනඥයන් තව හය හත් දෙනෙකු හෝ රටේ සිටියා නම් මේ රට සිංගප්පූරුවක් වී දැන් බොහෝ කල්.

කොයි මගුලේත් ඇද දකින අපේ කළු සුද්දන්ට, සුදු මහත්වරුන්ගේ කංසා තහනම ඉරා ගන්නට කොන්දක් තිබේ දැයි අප නොදනිමු. එහෙත් ඒ කටයුත්ත බන්දුල වැනි මිනිසෙක් කරට අරගෙන ඇති නිසා එය විය නොහැක්කක් යැයි කිව නොහැකි ය. මන්ද, බන්දුල යනු කළ නොහැකි බොහෝ යහපත් දේ, අතීතයේ සාර්ථකව සිදු කෙරූ වැඩ්ඩෙක් නිසාය.

එවන් මිනිසෙක් රටට, ජාතියට වාසනාවක් බව පසක් වන්නේ එම තීරණවලින් ප්‍රතිලාභ ලබන නූපන් ඊලග දූදරු පරම්පරාවටයි.


උපුටා ගත්තේ  සසංක වීරරත්නගෙන්

2020/09/01

ගංජා රට යැව්වොත් සියලු අපනයන පරාදයි – ආචාර්ය බන්දුල ගුණවර්ධන


ගංජා පදනම් කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය කොට අපනයනය කළහොත් සියලුම අපනයන භාණ්ඩවලට වඩා වැඩි විදේශ විනිමයක් උපයාගැනීමට හැකිවනු ඇතැයි පශ්චාත් උපාධි පර්යේෂණාත්මක නිබන්ධනයක් මගින් පෙනවා දී ඇති බව වෙළඳ අමාත්‍ය අආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. විස්මයට පත්වන සටහන් කලාවක් සහිත ඉතා ශක්තිමක් ලෙස අධිරාජ්‍ය විරෝධීන්ට එරෙහිව සටන් වැදීමට කංසා භාවිතා කළ නිසා අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවේ කංසා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ බව පැවසූ අමාත්‍යවරයා ලෝකයේ වනත් රටවල ඉතා බහුල අපනයන භාණ්ඩයක් ලෙස කංසා භාවිතා වන බව පෙන්වා දුන්නේය.

සාම්ප්‍රදායික බටහිර වෙළඳපොළ වෙනුවට අප්‍රිකානු මෙන්ම ආසියානු ජාත්‍යන්තර වෙළඳපොළ කරා ගමන් කිරීමට මෙරට වෙළඳපොළ විවිධාංගීකරණය කළ යුතු යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. අලුත් ලෝකයේ නව තාක්ෂණය සහිතව නවීකරණය වූ අපනයන ක්‍රමයක් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

2020/08/31

උතුරේ ඉඩමකට එන්න කියලා දෙමළ මිනිස්සු ලක්ෂයකට බෝම්බ ගහලා මරලා දැම්මා -විග්නේෂ්වරන්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්(Video)

මුල්ලිවයික්කාල් වලදී ලක්ෂයකට අධික අහිංසක ජනතාවක් බෝම්බ ගසා ඝාතනය කල බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා චෝදනා කරනවා.

රූපවාහිනී වැඩසටහනක් හා සම්බන්ධ වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ආරක්ෂිත කලාපයක පිහිටි මෙම ඉඩමට එලෙස අහිංසක ජනතාව ගෙන්වා ගෙන ඝාතනය කිරීම පිලිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පරීක්ෂණයක් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරනවා.

එම පිරිසෙන් එක් අයෙකුවත් ත්‍රස්තවාදීන් නොවන බවයි ඔහු එහිදී කියා සිටියේ.

කෙසේ වෙතත් රණවිරුවන් විසින් ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ලක්ෂ සංඛ්‍යාත අහිංසක දමිළ වැසියන් මානුෂීය මෙහෙයුම කාලයේදී මුදවා ගත් අතර එම සිදුවීම් ඔහුට අමතකව ඇති බවයි පෙනී යන්නේ.

අදාළ වීඩියෝව පහතින්

2020/02/28

එම් සී සී ගිවිසුම අත්සන් නොකිරීමට තීරණය කෙරේ…


එම් සී සී ගිවිසුම අත්සන් නොකිරීමට තීරණය කෙරේ…



ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරිමට නියමිතව තිබූ ගිවිසුම අත්සන් නොකිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඊයේ (27දා) රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ. එම්.සී.සී. ගිවිසුම පිළිබඳව සළකා බැලීම සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තාවේ අනුව මෙම තීරණය ගෙන තිබේ.

2019/11/01

සජිත් දැනටත් පරාදයි, අපි ඝෝඨාභයට සහය දෙනවා - එජාපයේ මාතලේ ප්‍රා/ මංත්‍රීන් රැසක් ඝොඨාභයට සහය දෙන්න තීරණය කරයි



සජිත් දැනටමත් පරාජය වෙලා ඉවරයි. අපි දිනන ඝෝඨාට සහය දෙන්න තීරණය කළා. මොකද අපිට අපේ මිනිසුන්ට වැඩ කරන්න ඕන. ඒ නිසා ඝෝඨාභයට සහය දීලා අපෙ මිනිසුන්ට වැඩ කරන්න අපි තීරණය කළා.

සජිත් දැනටම පරාජය වුනේ ඔහු වටේ ඉන්නෙ අන්තවාදීන් ත්‍රශ්ථවාදීන් නිසා. අනික් කාරනාව මහ බැංකු වංචාව සිදු කල අය. සජිත් ඔවුන් එක්ක නිදිවදිනවා. අපිට රෙද්දක් ඇදන් බෑ සජිත්ට සහය දෙන්න.

අනික් කාරණාව සජිත් ආවොත් නැවත අගමැති රනිල්. ඒක ඔවුන් පැහැදිවම ප්‍රකාශ කළා. රනිල්ගේ පාලනයට ජනතාව කැමතිම නෑ. ඒ කාරණාවත් සජිත්ගේ පරාජයට ලොකු හේතුවක්.

අනික සජිත්, ඔහු රණවිරුවන් ගොවියන් ගැන බැලුවෙ නෑ. මාතලේ අපේ දිස්ත්‍රික්කයේ ඉන්නව ගොඩක් රණවිරුවන් සහ ගොවියන්.

රණවිරුවන්ට සිදු වුන කිසිම අක්‍රමිකතාවක් ගැන සජිත් ඇහැක් ඇරලා බැලුවෙ නෑ. සජිත් ආණ්ඩුවේ නෙවෙයි වගේ හිටියෙ.
ගොවියන්ටත් ලොකු බලපෑමක් කළා මේ ආණ්ඩුව. පොහොර මිළ අහස උසට නැග්ගුවා. වී සහල් වලට නියම මිළක් දුන් නෑ.

සජිත් මේවට විසදුම් දෙනවලු. හැබැයි ඒවා චන්ද ගුංඩු විතරයි කියලා අපි දන්නවා. මොකද ආණ්ඩුවේ ඉන්න සජිත් මේවට කතා කරන්න ජනාධිපති වෙන්නම ඕනද? නෑ..

මේ හේතු නිසා අපිට සජිත් වෙනුවෙන් කතා කරන්න බෑ ජනතාව ඉස්සරහ රෙද්දක් ඇදගන.

එජාපයේ මාතලේ ප්‍රා/ මංත්‍රීන් රැසක් එකට රැස් වී මේ ප්‍රකාශය කරමින් කියා සිටියේ ඔවුන්ගේ පූර්ණ සහය ඝෝඨාභයට දෙන බවය.

Team - Slpastnews.tk

2019/08/29

එස්.බී හා ඩිලාන් පොහොට්ටුවට

එස්.බී හා ඩිලාන් පොහොට්ටුවට


 ක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී දිසානායක සහ ඩීලාන් පෙරේරා යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.
අද(29) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතින් සිය පක්ෂ සමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.
එස්.බී දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය.

2019/08/28

සජිත්ගෙන් දෙමළ මංත්‍රීන්ට පොරොන්දු ගොන්නක් - සියලු විස්තර මෙතනින්



2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගන සජිත් ප්‍රේමදාස උතුරේ සියලු පක්ෂවල සියලු මංත්‍රීන්ට පොරොන්දු පත්‍රයක් ලබා දී ඇති බව අප ආරංචි මාර්ග සදහන් කරයි. ඔවුන් ඉදිරි සතිය තුල එය මාධ්‍යට ඉදිරිපත් කරන බවද පැවසූහ. ඔවුන් සජිත් මේ සම්බන්ධව සමග මුහුනට මුහුන සාකච්චා කිරීමටද බළාපොරොත්තු වන බව පවසයි.

සජිත්ගේ පොරොන්දු පත්‍රයේ ඔවුන් පැවසූ කිහිපයක් පහත ඇත.

* උතුරට වෙනම රාජ්‍යයක් ලබා දීම
* උතුරේ සෑම විටම ජාතික කොඩිය නොමැතිව ඊලාම් කොඩිය එසවීමට අවසර ලබා දීම
* උතුරේ සෑම විටම දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීමට අවසර ලබා දීම
* මොන රාජ්‍ය නායකයෙක් හෝ දේශපාලන නියෝජිතයෙක් උතුරට යනවනම් උතුරේ ආණ්ඩුවෙන් අවසර ගත යුතු බවට නව නීතියක් ගෙන ඒම
* උතුරේ ඇති දමිළ ජාතික, ආගමික ස්ථාන හැර අනික් හැම ජාතික, ආගමික ස්ථානයක්ම උතුරෙන් ඉවත් කිරීමට පියවර ගැනීම.
* උතුරට දමිළ භාෂාව රාජ්‍ය භාෂාව ලෙස නම් කිරීම
* උතුරෙන් හමුදා කදවුරු හා මාර්ග බාධක ඉවත් කිරීම

මේ සජිත්ගේ පොරොන්දු පත්‍රයෙන් කිහිපයක් පමණයි. ඉදිරි සතියේ ඔවුන් සියල්ල මාධ්‍යට ඉදිරිපත් කිරීමට සූදානම්.

දමිළ මංත්‍රීන් පවසන්නේ ඔහුගෙ මේ පොරොන්දු සියල්ලට ඔවුන් කැමති බවත්. ඔවුන්ගේ ඉල්ලීම් කිහිපයක් ඇති බවත්, එයට සජිත් කැමති වුවහොත් අනිවාර්යයෙන්ම සජිත්ට සහය දෙන බවයි.

මෙය මාධ්‍යට ලබා දුන් සැනින් අප සජිත්ගේ ලිකිත ලිපිය ඔබට ලබා දෙන්න සූදානම්.

Slpastnews.tk අලුත් පුවත් සදහා පිවිසෙන්න.

2019/08/23

කවුරු මොන නාඩගම් නැටුවත් 2020 එජාප ජනපති අපේක්ෂයා මම - රනිල් කියයි




සජිත්ගේ අද රැලිය අතරතුර එහි නොගිය රනිල් ඇතිලු එජාපයෙ අනික් ඇමති මංත්‍රීවරු සිරිකොතේදී අද රැස් වී ඇත්තේ සජිත්ට විරුද්ධවය.

එහිදී පිරිස ඇමතූ රනිල් කියා ඇත්තේ "සජිත් මොන නාඩගම් නැටුවත් 2020 එජාප ජනාධිපති අපේක්ෂය මම"  කියාය.

වැඩි දුරටත් රනිල් කියා ඇත්තේ සජිත් ඇතුලු පිරිස පක්ශයෙ විනය කඩ කඩ කරමින්, ප්‍රතිපත්ති විනාශ කරමින් මහ පුටුවට පෙරේත වෙලා මේ ගෙන යන වැඩ පිළිවෙල වහාම නැවැත්විය යුතුයි, එසේ නැත්තන් පක්ෂ නායකය විදිහට මම විනය ක්‍රියාමාර්ගයක් ගන්නව ඔවුන්ට විරුද්ධව.

මේක අපේ පක්ෂය විනාශ වෙන වැඩක්. අතීතයෙ කිසිදාක එජාපයේ මෙවැනි පහත් වැඩ වෙලා නෑ. ප්‍රේමදාසගෙ පුතෙක්ද කියලත් සැකයි සජිත් මට දැන්නම් කියමින් රනිල් තදින්ම සජිත්ට බැන වැදී ඇත.

කෙසේ නමුත් අපට ආරංචි වුනේ ඒ පිරිස ඒකමතිකව 2020 එජාප ජනපති අපේක්ෂය ලෙස රනිල් තෝරා ගත් බවයි. නුදුරෙදිම ඉතා ඉක්මනින්ම ඒ බව මාධ්‍යට මුදා හරින බවද ඔවුන් තීරණය කල ඇත.

SlPastNews team Matale

2019/06/26

රට සහ හෙට මාතලේ වියත්මඟ සම්මන්ත්‍රණය කොහොමද.?




මේක සංවිධානය කරලා තිබුනේ ඉන්ජිනේරු නාලක බංඩාර කෝට්ටෙගොඩ මහතා,
අහපු හැම කෙනෙක්ම කියපු කතාව තමා මෙය අතිසාර්ථකව පැවැත් වුන බව.

අසනීප තත්වයක් නිසා ඝෝඨාබය රාජපක්ෂ මහතා නාවත්,
ආචාර්ය නාලක ගොඩහේවා
එරන්ද ගිණිගේ
මිලින්ද රාජපක්ෂ
පාලිත කොහොන යන මහත්වරුන් පැමිණ 'රට සහ හෙට' යන මැයෙන් මාතලේ වියතුන් දැනුමෙන් මුවහත් කළා.
ඒ විතරක් නෙමෙයි මේ පරදේශකාරී, ජනතා විරෝධී දුර්ධාන්ත ආණ්ඩුව ගෙන යන නොහොබිනා වැඩ ගැනද දැනුවත් කළා.

බළයට එන්න කලින් රනිල් මෛත්‍රී ගොතපු බොරු සාක්ශි සමඟ  නිවැරදි කරලා පෙන්නුවා, බැදුන්කර වංචාව, රණවිරු දඩයම, ජාතික සම්පත් විකිණීම, රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම, අනවශ්‍ය ණය ලබා ගැනීම සහ එම මුදල් වලින් රට සංවර්ධනය නොකර අනවශ්‍ය ලෙස ඇමති වරුන්ගේ පෞද්ගලික වියදම් දැරීම ගැන විවේචනය කළා.

මෙහිදි එරන්ද ගිනිගේ මහතා දක්වපු කතාවෙ විශේෂ කරුනක් උනා 'ඝෝඨාබය ලංකාවේ අනාගතය සඳහා අලුත් දැක්මක් රටට ඉදිරිපත් කළා' යන්නයි.

ආචාර්ය නාලක ගොඩහේවා පැවසුවේ 'මේ ආණ්ඩුව රටේ සිවු බියක් ඇති කල බවය'

පාලිත කොහොන මහතා ප්‍රකාශ කලේ 'මේ ආණ්ඩුව ගහන්න යන ඇමරිකානු ගිවිසුම ඝෝඨාගේ ගිවිසුමට සමාන නැති බවය'

මිලින්ද රාජපක්ෂ කියා හිටියේ 'මෙ ආණ්ඩුව රටේ සාමය සතුට ඇති කළ රණවිරුවන් හිර කලා' යන්නයි.

තවද මෙහිදී 'රටට ඇමරිකන් හමුදාව ගේන දේශද්‍රෝහියා රනිල්' යන්නද හෙලි කරනු ලැබූහ.

මේ සදහා හිටපු මංත්‍රී වරු, සංවිධායක වරු, ප්‍රා නායකයින්, විවිධ වෘත්තීකයන් බෞද්ධ හා අන්‍යාගමික නායකයින් දහසකට අධික පිරිසක් පැමිණ සිටියා. ඔවුන්ගේ එක අරමුණ ප්‍රාර්ථනය උනේ 2020 දි ඝෝඨාබය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමය.

Team sl past news

2019/06/13

සහරාන්ගේ රහසිගත සාකච්ඡාව


සහරාන්ගේ රහසිගත සාකච්ඡාව
මෙහි දෙබස්වලට සවන් දීමේදී පෙනී යන්නේ, සහරාන් සිදුකළ දේශන සම්බන්ධයෙන් උද්ගත වූ මතභේදයක් මුල්කරගෙන අදාළ සාකච්ඡාව පවත්වා ඇති බවයි. 
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සිදුකළ දේශන හේතුවෙන් එම සංවිධානය තුළ මතභේදාත්මක තත්ත්වයක් හට ගැනුණු අතර ඒ පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇත.
අදාළ සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලයින් ප්‍රථමයෙන් සිදුකරන්නේ තමන් කවුරුන්ද යන්න හඳුන්වාදීමයි.
එහිදී එම පිරිස තම තමන් නමින් හඳුන්වා දෙයි.
ලාෆීර්,  කලීල්, සහරාන්... ලෙස ඔවුන් තමන්ව හඳුන්වා දෙයි.
මෙහිදී එක් සාමාජිකයෙක් සහරාන් හෂීම්ගේ ඉගැන්වීම් විවේචනය කරනු ලබන ආකාරයද දැකගත හැකිය.
ඊට සහරාන් හෂීම් ද තම මතය ඉදිරිපත් කරනු ලබයි.
මේ සාකච්ඡාවට සම්බන්ධ වූ පිරිස් සහරාන් හෂීම්ගේ ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයින්ද?

2019/02/28

ශරීරයේ විසක් ඇති බව පවසා දේවාලය ඇතුළට එන්න කියලා දැරිය දූෂණය කළ දකුණු පළාත් සභා මන්ත්‍රිට වැඩ වරදියි




වයස අවුරුදු 16ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්ප කුමාර නොහොත් රත්තරං අක්මීමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපයෝජනයට ලක් වූ දැරිය සිය මව්පියන් සමග ඉකුත් 22 වැනිදා මෙම සැකකරුගේ දේවාලයට ගොස් ඇත්තේ ආබාධිත තත්ත්වයේ පසුවන සිය නැගනියට සුවය පතා ශාන්තිකර්මයක් සිදුකර ගැනීම සඳහායි.

එම අවස්ථාවේ සැකකරු ප‍්‍රකාශ කර ඇත්තේ ඊට පසු දින උදෑසන දේවාලය වෙත පැමිණෙන ලෙසයි.

එලෙස පැමිණි අවස්ථාවේදී අපයෝජනයට ලක්වූ දැරියගේ ශරීරයට විෂ ද්‍රව්‍යක් ඇතුළු වී ඇති බව සැකකරු පවසා තිබෙනවා. එය ඉවත් කිරීමට යැයි පවසමින් දේවාලය තුළට ගෙන ගොස් සැකකරු තමන් අපයෝජනයට ලක්කර ඇති බවයි එම දැරිය සිය මව වෙත පසුව පවසා ඇත්තේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණු අතර කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත දැරිය යොමු කර වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඇතැයි සඳහන්.

2018/12/04

අජිත් පී පෙරේරාට මානුෂික රෝගයක් - කොළඹ මහ රෝහලෙන් සනාථ කරයි

                          



අජිත් පී පෙරේරා එජාපයේ රනිල් වෙනුවෙන් පෙනි ඉන්න ප්‍රභලයෙක්. රනිල් අගමැති දූරයෙන් ඉවත් කල දින සිට අරලිය මන්දිරයේ සිටිමින්, විරෝධතා වලට යමින් ඔහු ඉතාමත් අවිවේකී ලෙස මේ මාසයක් කාලය ගෙවුවා කියන එකත් නොරහසක්!

පසු ගිය දින වල ඔහු සමාජ මාධ්‍යවල(මුහුණු පොත,ට්විටර් ඇතුලු සමාජජාලා වල) සටහන් කලේ
"ජය සමරන්නට සූදානම් වන්න"
"සාමකාමිව ජයග්‍රහණය සමරන්න"
වැනි වැකි. මොහු එය සමාජජාලා වලට සීමා කලේ නෑ. ප්‍රසිද්ධ වේධිකාවල, මාධ්‍ය සාකච්චා තුල පමණක් නොව නිවසේදී හැම මොහොතකම කියවා ඇත්තේ මේ වැකිමයි. ඔහු එයින් නැවතී නැහැ නිදි යහනෙදිද මොහු හිනෙන් හෝ සැබැහින් කියවා ඇත්තේ මේ වැකිමයි.

ඔහුගේ බිරිදට මෙය මහත් හිසරදයක් උන නිසා ඔහුගේ අකමැත්තෙන් උවද බලෙන්ම මෙන් මොහුව ජාතික රෝහලට යොමු කර ඇත. ඔහු මාණුසික වෛද්‍ය වරයෙක් ලගට යොමු කර විට වෛද්‍ය වරයා කියා ඇත්තේ

"මොහු දැඩි පීඩනයකින් ඉන්නෙ, මේ කියවන්නේ ඒකයි, ඔහුගේ හදවතේ තියෙන දෙ කන්න ගියත් බොන්න ගියත් වැසිකිලි ගියත් නිදන්න ගියත් ඔහු නොදැනුවත්වම ඔහුගෙ මුවින් කියවෙනවා. මේක මානසික ප්‍රශ්නයක්. මේකට බෙහෙත් තියෙනවා මාස ගානක් බොන්න වෙයි" කියාය.

මොහු මෝහනය කල අවශ්තාවේ මොහු කියා ඇත්තේ "ඔව් රනිල් සර් අගමැති උනා. ජයග්‍රහණය සාමකාමිව සමරන්න. දැන් අපිට බය නෑ. රනිල් හොරකම් කලේ නෑ" කියාය.

කෙසේ හෝ මේ ප්‍රශ්නය නිසා බිරිද ඔහුට දේශපාලනයෙන් ඉවත් වෙන ලෙසද පවසා ඇත. ඔහු දිනපතා බෙහෙත් ගන්න බවත් දිනාතාමා එන්නතක් ලබා දෙන බවත් ආරංචිය.

අප ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු!

2018/11/30

රනිල් tna එකට දුන්න පොරොන්දු එලියට - මෙන්න සියලු විස්තරේ



එක්සත් ජාතික පෙරමුණට සහය පළකිරීමේ ලිපිය ලබාදීමෙන් පසු තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්.සම්බන්ධන් ප්රමුඛ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලීමේන්තු කණ්ඩායම 29 දා සවස 4.30 ට පමණ අරලියගහ මන්දිරයේදි රනිල් වික්රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

01 ත්රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම
02 දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම
03 උතුරේ ආරක්ෂක හමුදාව බාරයේ ඇති සියලු ඉඩම් නිදහස් කිරීම
04. හමුදා කදවුරු සියල්ල ඉවත් කිරීම
05 උතුරු නැගෙනහිර සියලු පාලන කටයුතු දෙමල ජාතික සංවිධානයට අවැසි පරිදි ඉටු කිරීම
06 පොලිස් බලතල හා ඉඩම් බලතල ලබා දීම

දෙමළ සංධානය තමන්ට එක් උවෝත් මේ සියලු ඉල්ලිම් අනිවාර්යයෙන්ම ඉටු කරන බවද රනිල් වික්‍රමසිංහ සම්බන්න් ඇතුලු සංධානයට ප්‍රකාශ කර ඇත

2018/11/19

අනුර කුමාර සහ විජිත හේරත් පක්ෂයම පාවා දුන්නා – ජවිපේ ලාල් කාන්ත සියල්ල හෙළිකරයි!


H


විශ්වාසභංග යෝජනාව සම්බන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණේ 
අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන් ක්‍රියා කරන
ආකාරය තම පක්ෂයේ බහුතර මතය නොවන බව කේ.ඩී ලාල්කාන්ත කියා සිටී.
මෙය ජනතා විමුක්ති පෙරමුණ අදාල ප්‍රශ්නයක් නොවන අතර ධනපති පන්තියේ පක්ෂවල ගැටලුවලට ජවිපෙ මැදිහත් නොවිය යුතු බව ද කියා සිටී.
පවතින දේශාපලන තත්වය අවසන් වූ පසු පක්ෂය කැදවා මේ පිළිබදව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද අනුරාධපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ලාල්කාන්ත මහතා මේ බව කියා සිටියේ ය.

2018/11/18

මාතලේ විල්ගමුවෙ එජාප ක්‍රියාකාරීන් දෙදෙනෙක් ආභාදිත රණවිරුවෙක්ට පහර දෙයි



පසු ගිය 14 වෙනිදා රාත්‍රියේ මාතලේ විල්ගමුවෙ එජාප ක්‍රියාකාරීන් දෙදෙනෙක් පාදයක් අහිමි විශ්‍රාමික ආභාදිත රණවිරුවෙක්ට පහර දෙයි

ආභාදිත රනවිරුවො කියන්නෙ මිහිපිට දෙවිවරු කිවොත් මා නිවැරදයි. ඔබ මාව අනුමත කරයි.

මේ සිදුවීම දින තුනකට පෙර සිදු වූවක්. විශේෂයෙන්ම අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ඉල්ලන එජාපයේ මංත්‍රීන් දෙදෙනුකෙගේ මිලෙච්ච ක්‍රියාවක්.
මෙය සිදු කර ඇත්තේ ප්‍රියන්ත හා ජයන්ත යන එජාපයේ ක්‍රියාකාරීන් දෙදෙනා.

මාතලේ විල්ගමුවෙ ආභාදිත රණවිරු අතුලට මොවුන් දෙදෙනා අමාෂික ලෙස පහර දී තිබෙනවා. මේ නිසා තුවාල වූ රනවිරුවා තාමත් රෝහල් ප්‍රතිකාර ලබමින් පසු වෙනවා.

අප මිහිපිට දෙවියන් සේ සලකන රනවිරුවෙක්ට එල්ල කල මේ මැර ප්‍රහාරය අප පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර මේ සම්බන්ධව නිසි බළධාරීන් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි විශ්වාස කරනවා.

0712798228 මේ රණවිරුවගෙ නම්බරය. මේකෙන් ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැක.

අවසානයේ ඇසිය යුතු පැනයක් ඇත!

අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන අහන, කතා කරන, ඉල්ලන එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදය මෙයද.???

මේ ගැන ඔබේ අදහස් යටින් ලියන්න අමතක කරන්න එපා.

2018/11/10

පාර්ලිමේන්තුව විසිරීමත් සමඟ එජාප නායකත්වයේ වෙනසක්


පාර්ලිමේන්තුව විසිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය අත්සන යෙදීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් මේ මොහොතේ සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේ දැනටමත් තීරණය වී ඇත්තේ එළැඹෙන ජනවාරියේ පැවැත් වීමට නියමිත මහමැතිවරණයේ දී එජාපය, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් තොරව සිය මැතිවරණ ව්‍යාපාරයට එළැඹෙන බවයි.

කෙසේවුවත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ගිලිහෙන පක්ෂ නායකත්වයට පත් වන්නේ කවරෙක්ද යන්න එකඟතාවකට පත්වීමට නොහැකි වී ඇත්තේ අදාළ සාකච්ඡාව මේවන විටත් අවසන් වී නොමැති හෙයිනි