එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන එස්.බී දිසානායක සහ ඩීලාන් පෙරේරා යන මහත්වරුන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.
අද(29) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතින් සිය පක්ෂ සමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා වෙයි.
එස්.බී දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්ත්රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය.
No comments:
Post a Comment