Monetag add

2017/01/08

පිලිකා රෝගීන්ට බුදු සරණයි- ඖශධ මිල වැඩි කියා රාජිත ආදේශ ඖශධ ගෙන්වන්නට සැරසෙයි

වෛද්‍යවරුන් ඖෂධ ජාවාරමෙන් මුදල් ලබාගැනීම අනුච්තයි’ සෞඛ්‍ය ඇමැති කියයි. බෙිරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර සංගම්වල දරුවන්ට පාසල් උපකරණ ඛෙදාදීම වෙනුවෙන් බෙිරුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

‘පිළිකා නාශක ඖෂධවල මිල අධිකයි. එම නිසා මට අවශ්‍ය වුනා ඊට ආදේශකයක් ඉදිරිපත් කිරීමට. ඒ අනුව රුසියාවෙන් ඖෂධයක් ආනයනය කර රෝහල්වලට ඛෙදාහැරීයා. එම ඖෂධය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පිළිකා නාශක ඖෂධයක් ලෙස පිිළිගෙන තිඛෙනවා. මෙි ආකාරයට ඉන්දියාවෙන් ද තවත් ඖෂධ වර්ග දෙකක් ආනයනය කිරිම සදහා මෙි වනවිට අධ්‍යයන කටයුතු සිදු කරනවා. 


රුසියාවෙන් ආනයනය කළ ඖෂධය රෝගීන්ට ලබාදීම ඇතැම් වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළා. ඖෂධවල හොද නරක විශ්ලේෂණය කිරීමට ඖෂධවෙිදය පිළිබද උගතුන් සිටිනවා. මීට පෙර රෝගීන්ට ලබාදුන් පිළිකා ඖෂධය රුපියල් දෙලක්ෂ 80,000 කට තමයි අලෙවි කළේ. නමුත් නව ඖෂධය ඊට වඩා එක්ලක්ෂ 50,000 කින් අඩුයි. මෙම ඖෂධය රෝගීන්ට ලබාදීම ප්‍රතික්ෂේප කරන වෛද්‍යවරුන් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශණයක් සිදු කළා. 

එම විමර්ශණයට අනුව මෙි වනවිට එක් වෛද්‍යවරයෙකු පමණයි ඖෂධය ලබා නොදෙන්නේ. මෙි අතර මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 14 දෙනෙකු එකවර ඩෙන්මාර්කයේ සංචාරයකට ගොස් තිඛෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු වාර්තා වුනා මෙම සංචාරයට මූල්‍ය ප්‍රතිපාදන ඖෂධ සමාගමක් විසින් ලබා දී ඇති බවට. එම නිසා මෙි පිළිබදව පරීක්ෂා කිරීමට අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිසම් සභාවට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුවට පරීක්ෂණ බාරදීමට මම තීරණය කළා. 

මුදල්වලට වහල් වෙමින් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ රෝගීන්ට ලබාදෙන ඖෂධ ප්‍රතික්ෂේප කිරීමට වෛද්‍යවරුන්ට හැකියාවක් නැහැ. ඊට විරුද්ධව මම ක්‍රීයා කරනවා. මෙයත් ඖෂධ ජාවාරමෙි තවත් කොටසක්. වෛද්‍ය වෘත්තීකයන් ඖෂධ ජාවාරමෙන් මුදල් ලබා ගන්නවා නම් එය එම වෘත්තීයට ගැලපෙන්නේ නැහැ. පිවිතුරු වෛද්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීම මාගේ අරමුණයි.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

– නිපුන් ඒකනායකwww.mahindagesewaya.wapka.mobi

ලංකා ආණ්ඩුව හිමිකරුවන්ට පහර දී ඉඩම් චීනෙට ලියයි - ලොකු අකුරින් ජාත්‍යන්තර මාධ්‍යවලත් ලියවෙයි

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානවත්යෙන් ඊයේ 2017 ජනවාරි 8 වෙනි දින හම්බන්තොට වරාය සහ ඒ අවට ඉඩම් අක්කර 15000 ක් චීන ආයෝජන කලාපයක් සඳහා වසර 99 කට බදු දීමේ ආරම්භක උත්සවය හම්බන්තොට මිරිජ්ජවිල පැවත්වුනි.

එහිදි තම පාරම්පරික ඉඩ්ම් ඇතුලු ලොව මුහුදු ගමන් මාර්ග අනුව වටිනාම වරායක් වන හම්බන්තොට වසර 99×2 එනම් වසර 198 කට චීනයට ලබාදීමට එරෙහිව සාමකාමී උද්ගෝසනයක් සහිත සත්‍යයක්ග්‍රහයක් මහා සංඝරත්නය ප්‍රමුඛත්වයක් පොදු විපක්ෂයේ සහභාගිත්වයෙන් ප්‍රදෙශවාසින් විසින් පැවත් වු අතර එයට කොළඹ ඇතුළු වෙනත් ප්‍රදේශවලින් සහභාගි වූ මැරයන් විසින් පහරදීම හේතුකොට ගම්මුන් අතර ඇති වු නොසන්සුන්තාවය මැඩලීමට පොලිසිය ජනතාවට පහර දුන් ආකාරය එම සෑම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.

එම ජාත්‍යන්තර පලකල පුවත් කිහිපයක් පහතින්...

  1. http://www.gettysburgtimes.com/news/business/article_fcd861bc-841e-5ed4-bc0b-a49ea36deb84.html
  2. http://www.scmp.com/news/asia/south-asia/article/2060214/violent-clashes-erupt-sri-lankan-protesters-march-against?utm_source&utm_medium&utm_campaign=SCMPSocialNewsfeed
  3. http://abcnews.go.com/International/wireStory/sri-lanka-govt-supporters-attack-china-port-deal-44615209
  4. http://www.heraldcourier.com/news/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_de9b0f76-9142-5b04-800a-1b525ab7362f.html
  5. http://www.stltoday.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_ba79c1aa-6881-5e45-833b-dbde144abe16.html
  6. http://cn.shafaqna.com/EN/CN/3856750
  7. http://www.heraldextra.com/news/world/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_244cf724-2fb7-5a65-8497-5b043e7d004d.html
  8. http://www.greensboro.com/business/nation_world_ap/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_5f0728dd-097f-5159-b238-e5b36fb9d853.html
  9. http://www.ledger-enquirer.com/news/business/article125126889.html
  10. http://qctimes.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_749fe012-2bce-56aa-8376-8419a9512a0f.html
  11. http://mtstandard.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_2f1b0220-9697-58c0-9e43-8370824ade15.html
  12. http://goldenisles.news/ap/international/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_d7cb7f97-0f6f-579b-bfa9-ef8bbb23bade.html
  13. http://azdailysun.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_29768e26-a1f1-5017-8d36-f644c6902f3c.html
  14. http://magicvalley.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_8bfe0399-996c-57d9-ac96-b5856b4aa698.html
  15. http://www.startribune.com/sri-lanka-gov-t-supporters-attack-china-port-deal-protesters/409961345/
  16. http://www.heraldonline.com/news/business/article125126889.html
  17. http://journaltimes.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_e929f3b8-4ce9-5243-92ec-42e0abb00b73.html
  18. http://www.fredericksburg.com/business/business-wire/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_843cd7c9-0e41-5083-9f4a-51458bedd95f.html
  19. http://www.godanriver.com/work_it_sova/news/wire/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_1ff8aeaa-6add-51b0-a290-887ef2d44532.html
  20. http://www.morganton.com/news/business/ap/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_d4a09fc5-aa29-5390-a780-5aa4ae1391a1
  21. http://www.ajc.com/business/injured-clashes-sri-lanka-over-china-port-deal/4UwWiRCXBoFhkl3zR1kV6K/
  22. http://host.madison.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_4dc165f6-726d-5e6a-909d-823bf75fa9f9.html
  23. http://www.bdtonline.com/region/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_bf943b6e-cd6f-5ad6-80bc-42531ca32c3e.html
  24. http://www.thepublicopinion.com/news/associated_press/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_166a7d38-5fdd-51af-81f0-19b7536a2d4c.html
  25. http://cumberlink.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_22c26757-e66b-5864-8af8-2e06cd8d5346.html
  26. http://www.kentucky.com/news/business/article125126889.html
  27. http://chippewa.com/business/clashes-erupt-as-sri-lankans-protest-china-port-deal/article_8283d917-0ff5-52d6-98a4-db8423fee7b7.html
  28. http://www.salina.com/news/world/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_b0da082e-b22f-5c0c-98f5-4177037c93ef.html
  29. http://www.omaha.com/news/world/sri-lanka-gov-t-supporters-attack-china-port-deal-protesters/article_329ddbd8-8300-5339-aa3f-1ef61e4a0031.html
  30. http://kdhnews.com/business/police-brace-for-sri-lanka-rally-against-port-lease-to/article_99be2bb5-8fb9-5cf3-9fdf-da096a81dd69.html
  31. http://www.gettysburgtimes.com/news/business/article_fcd861bc-841e-5ed4-bc0b-a49ea36deb84.html

රට සංවර්ධනය කරන්න පුහුණු ශ්‍රමිකයින් අත්‍යවශ්‍යයි. හිතුනොත් ඉන්දියාවෙන් ගේනවා අගමැති

 රට සංවර්ධනය කරන්න පුහුණු ශ්‍රමිකයින් අත්‍යවශ්‍යයි

රට සංවර්ධනය කරා ගෙන යාමට නම් පුහුණු ශ්‍රමිකයින්ගේ දායකත්වය අතශවශ්‍ය වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවයා පෙන්වා දෙන්නේ විදේශිකයින් මෙරට ආයෝජනය කිරීමට පෙර පුහුණු ශ්‍රමිකයින් පිළිබඳව සොයා බලන බවයි.

 එම නිසා රට තුළ පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා චීන වෘත්තීය පුහුණු ආයතනය සඳහා ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

හම්බන්තොට වරාය විකුනුවාද නැද්ද ? සම්පූර්ණ විස්තරය මෙතනින්



හම්බන්තොට වරාය විකිණිම සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳ මේ වන විට දැඩි කතාබහක් ඇති ව තිබේ.

ගිවිසුම අත්සන් කළා ද? – නැතහොත් එය කල් දැමුවා ද?

ප්‍රශ්නය:-
හම්බන්තොට වරාය විකිණිමට සම්බන්ධ ගිවිසුම ජනවාරි 08 දක්වා කලා තැබුවා කියන්නේ ?
අකිල විරාජ් කාරියවසම් මහතා:-
නෑ අපි මේ මූලික ගිවිසුම අපි අත්සන් කරලා ඉවරයි ඇත්තටම දැන් 07වැනිදා කරන්නේ මේක ලෝන්ච් කරන එක
මාධ්‍යවේදීන් :-
අවසන්වරට තිබුණු මාධ්‍ය හමුවේ දී ඔබතුමා කිව්වේ, 07වැනිදා මේ ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. එකේ කල් යාමක් තියෙනවාද?
මලික් සමරවික්‍රම මහතා :-
තාම අපි සාකච්ඡා ක‍රගෙන යනවා.. මම හිතන්නේ තව දවස් 10ක් 14ක් යන කොට ඒක අවසන් කරන්න පුලුවන් වෙයි කියලා..
අමාත්‍යවරුන් කෙසේ අදහස් පළ කළ ද රාමුගත ගිවිසුමක් දැනටමත් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුව සහ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින් සමාගම අතර අත්සන් කර තිබේ.
මෙම රාමුගත ගිවිසුම කැබිනට් අනුමැතිය මත අත්සන් කර ඇති බව එහි සඳහන් ය.
80%ක් චීන සමාගමට ත් 20%ක් වරාය අධිකාරියටත් හිමිවන පරිදි අවසන් එකඟතාව දක්වා ගමන් කළ යුතු අකාරය මෙම රාමුගත ගිවිසුමේ සඳහන් වේ.
වරාය අධිකාරිය ඇතුළු සියලුම ආයතන මෙම රාමුගත ගිවිසුමට අනුව ක්‍රියාකරනු ඇති බවට මෙහි සහතික වී ඇති අතර කෙසේ වෙතත් රජය මේ වන විට පැවසුවේ, අවසාන ගිවිසුමක් අත්සන් කර නොමැති අතර එය කල්යනු ඇති බව ය.
ප්‍රශ්ණය :-
දැන් මේ ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාවලියේ දී කල් යන්නේ ජනාධිපතිතුමාගේ අනුමැතියක් නැති ව කරන්න යන නිසා ද ?
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා :-
ජනාධිපතිතුමාගේ නෙමෙයි පාර්ලිමේන්තු අනුමැතියක් තියෙන්න ඕනේ, නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න ඕනෑ කැබිනට් මණ්ඩලය අනුමත කරන්න.ෆ්‍රේම් වර්ක් හදන්න පුළුවන් අවබෝධතා පුළුවන් හැබැයි ගිවිසුම එන කොට නීත්‍යානුකූල වෙන්න ඕනෑ

ප්‍රශ්ණය :-
දැන් මේක යහපාලන රජයක්නේ ඒ පාර්ශවය ඔබතුමාලගේ පාර්ශවය සාක්චඡා පවත්වලා නැද් ද ?
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා :-
ප්‍රශ්නේ තියෙන්නේ යම් යම් කරුණු ආර්ථික කමිටුවෙන් සාකච්ඡා කරන්න ඇති නමුත් ජනාධිපතිතුමා මුලින් ම පැහැදිලිව කිව්වා මේක පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි කියලා.
වසන්ත සමරසිංහ මහතා :-
මොකක් ද මේ විකාරේ? මොකක්ද මේ වංචාව බොරුව? අපි ආණ්ඩුවට කියන්නේ ජනතා විරෝධය යට ගහන්නේ නැහැ කියලා කල්දානා කියලා අත්සන් කරන්න හැදුවොත් ඒ කට එරෙහි ව මේ රටේ ජනතාව පෙළගස්වන්නත් අපි කටයුතු කරනවා.ඒ නිසා සියවසේ බොරුකරුවන් පත්වෙන්න කරන තරගය වෙනුවට ජනතාට වෙච්ච පොරොන්දු වෙන්න ඕනේ
චන්ද්‍රසිරි මහගමගේ මහතා :-
හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වරායක් බවට පරිවර්ථනය කරන්න.ඒ වගේම නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට ලබාදෙන්න එපා. ඒ වරායත් ඒ නැගෙනහිර ජැටියත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන වරායක් බවට පරිවර්ථනය කරලා මේ සමස්ත ක්‍රියාවලිය සඳහා අපේ සහයෝගය ලබාදෙනවා. ඒ සහයෝගය ලබා දෙන්නේ රටේ ජනතාව සුඛිත මුදිත කිරීමේ දැනුවත් කිරීමේ අරමුණ ඇතිව. ඒ නිසා මේ ගිවිසුම බැරි වේලාවත් අත්සන් කළොත් අනිවාර්යෙන්ම මේ ආන්ඩුව රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීමේ පළවෙනි ‍වෙඩිමුරය වරාය අධිකාරියෙන් පත්තුකරනවා

2017/01/07

අපිට ඕන දේ නොදුන්නොත් ජනපති යාපනේ ඇවිත් ඉවරයි - දෙමල සංදානයෙන් ජනපතිට අනතුරු අගවයි

              දෙමළ සන්ධාන මන්ත‍්‍රීගෙන් ජනපතිට රතු එළියක්
යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන ආකාරයේ විසදුමක් හිමි නොවන්නේ නම් සාමකාමී වාතාවරණයක් මැද ජනපතිවරයා යාපනයට පැමිණෙන අවසන් අවස්ථාව ද මෙය විය හැකි බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි
දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුනොවන ආකාරයෙන් පසුගිය කාලය පුරා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් ගෙන ආ බවත් නව රජයද මෙම ජනතාවට දෙන ලද පොරොන්දු කඩකරමින් ව්‍යවස්ථාවක් ගෙන එ්මට සැලසුම් කරන බවත් එතුමා පැවසීය
මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටි සමයේ උතුරු නැගෙනහිර ජනතාවගේ බහුතර ජන්දය ජනාධිපතිවරයාව පත්වීමට බෙහෙවින් ඉවහල් වූ බවත් මෙම ජනතාවගේ පොරොන්දු ඉටුකරමින් ජනවාර්ගික අර්බුදයට ස්ථීර විසදුමක් ගෙන එන බවට සහතික වූ බවත් එසේ පොරොන්දු වූ ජනාධිපතිවරයා අර්බුද විසදන ආකාරයේ කටයුතු කිරීමක් දක්නට නොමැති බවත් පැවසිය
-සිරාජ් හසීම්

අත තියන්න එපා රටට” සිරිසේන -වික්‍රමසිංහට මහා සංඝරත්නය අනතුරු අගවති

                        muruththettuwe-ananda-thero_newsalert_30_12_2016


යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව හෙද නිලධාරීන් දස දහසක් සමඟ වීධි බසින බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති , පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි .උන්වහන්සේ සදහන් කලේ , නව ව්‍යවස්ථාව හරහා මේ රට කැඩීමට , බෙදීමට, රජයට කිසි ලෙසකින් ඉඩ ලබා නොදෙන බවයි .
රට විකුණාගෙන කෑම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් ,ආණ්ඩුව කිරීමට නුසුදුසු පිරිසක් පාර්ලිමේන්තුවට රිංගා රට විකුණා දැමීමට උත්සහ කලද එය ලෙහෙසි නොවන බව ආනන්ද හිමියෝ වැඩිදුරටත් පැවසුවා.
රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළහොත් එදිනට රෝගීන්ට අපහසුතාවක් නොවන ලෙස හෙද නිලධාරීන් 10000ක් පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බවද ආනන්ද හිමියෝ රජයට අනතුරු අගවති.
ආණ්ඩුවට දැන් විකුණන්නට ඉතිරිව ඇත්තේ හිර ගෙදර , පොලිසිය සහ උසාවිය පමණක් බවත් , සිරිසේන -වික්‍රමසිංහ ආණ්ඩුව කරන මේ විගඩම් වහාම නතර කල යුතු බවත් රට ඉදිරිය කරා ගෙන යන වැඩපිළිවෙලක් සකස් කල යුතු බවද උන්වහන්සේ සදහන් කලා.
දැන්වත් මේ රජය වහාම පලි ගැනීම් නතර කල යුතු බවත් , මේ ආණ්ඩුව වසර දෙකක් පූරාවටම සිදු කර ඇත්තේ කහ ඉර සුදු කිරීම , අසිමිතව පලි ගැනීම පමණක් බව උන්වහන්සේ අවධාරණය කලා.
විධායක බලතල ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වහාම තමන්ගේ බලතල යොදා , රට ආරක්ෂා කල යුතු බවත් , ඒවාට පිටු පාමින් රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය දඩබ්බර ලෙස කටයුතු කලහොත් මුළු පාර්ලිමේන්තුවම වටලන බවද උන්වහන්සේ සදහන් කලා.
මේ අතර , නව ව්‍යවස්ථාවෙන් රටට වන හානිය පිළිබඳ රට දැනුවත් කර ඊට එරෙහිව ජනමතයක්‌ ගොඩනැඟීම සඳහා බොදු බල සේනා සංවිධානය ලබන හත් වැනිදා “අත තියන්න එපා රටට” තේමාව යටතේ දැවැන්ත සමුළුවක්‌ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා .

2017/01/06

සීනි මිල ඉහලට








වෙළෙඳපොළ තුළ සීනි මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අද වන විට රජය පැනවූ රුපියල් 95ක පාලන මිල ඉක්මවා රුපියල් 105ක් දක්වා සීනි කිලෝග්‍රෑමයක තොග මිල ඉහළ ගොස් ඇති බව ය.
2017 අයවැය යෝජනාවලට අනුව ජනවාරි පළමු වන දා සිට සීනි කිලෝග්‍රෑමයක් සඳහා 2% ක සෙස් බද්දක් පනවා තිබේ.
මේ අනුව සීනි කිලෝග්‍රෑමයක් සඳහා ගෙවිය යුතු සම්පූර්ණ බදු මුදල රුපියල් 15.50කි.
මෙම තත්ත්වය යටතේ ඉදිරියේදී රජයේ පාලන මිලට සීනි අලෙවි කළ නොහැකි බව සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති හේමක ප්‍රනාන්දු සඳහන් කළේ ය.

2017/01/02

මේක වහ පාලනයක්-රටටත් විසයි-අනාගත පරපුරටත් විසයි

මේක වහ පාලනයක්-රටටත් විසයි-අනාගත පරපුරටත් විසයි


සංවර්ධන විශේෂ විධිවිධාන පනත තුළින් 'සුපිරි ඇමති' වීමට උත්සාහ දරන්නේ අන් කිසිවෙකු නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව සමාජවාදී ජනතා පෙරමුණේ මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ජනාධිපති‍වීමේ හැකියාවක් නොමැති නිසා එම බලතල කෙසේ හෝ අත්පත් කර ගැනීමේ අරමුණෙන් යුතුව මෙම පනත් කෙටුම්පත ගෙනවිත් ඇති බව විතාරණ මහතා කියා සිටියේ අද(02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මේ ආණ්ඩුවට තමන් කිසි විටෙකත් යහපාලන ආණ්ඩුව යයි නොකියන බවත්, මෙය වහපාලන ආණ්ඩුවක් බවත්, එම නිසා මෙම ආණ්ඩුව රටටත්,අනාගත පරම්පරාවටත් විස බව ඔහු සඳහන් කළේය.

මෙම ආණ්ඩුව තුළ ශ්‍රීලනිප පිරිස් සිටියද ක්‍රියාත්මක වන්නේ එජාප ප්‍රතිපත්ති පමණක් බවත්,එජාප ප්‍රතිපත්ති කවදත් රටට හිත‍කර ‍නොවූ බවත් ඔහු කියා සිටියේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වුණු ශ්‍රී ලංකා සමාජවාදී පෙරමුණේ මහ ලේකම් රාජා කොල්ලුරේ මහතා කියා සිටියේ දැන් ආණ්ඩුව තව දුරටත් අනුවණ ලෙස ක්‍රියා කරනවාද,එසේත් නැතිනම් පනත අකුළා ගන්නවාද යන්න තීරණය කළ යුතු කාලය එළඹ ඇති බවයි.

මේ වන විටත් මෙම පනත් කෙටුම්පත පළාත් සභා 9න් 8ක්ම පරාජයට පත්කර ඇති බව කොල්ලුරේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කණිජතෙල් සංස්තාව උද්ඝෝශණයකට සැරසෙයි

  ඛනිජ තෙල් සේවකයින් වර්ජනයකට සැරසෙයි




ඉදිරි සතිය තුළ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එහි කැඳවුම්කරු ඩි.ජේ.රාජකරුණා මහතා සඳහන් කළේ ත්‍රීකුණාමලය චීන වරායේ පිහිටි තෙල් ටැංකි නීති විරෝධී ආකාරයෙන් ඉන්දියන් තෙල් සමාගම පරිහරණය කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් රජය කඩිනම් අවධානය යොමුකළ යුතු බව ඩී.ජේ.රාජකරුණා මහතා සඳහන් කළේය.

ආණ්ඩුවේ වැඩ පිලිවෙල රජයේ දේපල විකුනන්න. ඩලස් කියයි

ආණ්ඩුවේ වැඩපිළිවෙළ රාජ්‍ය දේපල විකිණීමයි





රාජ්‍ය දේපල විකිණීම වත්මන් ආණ්ඩුවේ නව වසරේ වැඩපිළිවෙළ වී ඇති බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එහි පළමු පියවර ලෙස හම්බන්තොට වරාය චීනයට විකිණීම ලබන සතිය තුළ සිදුවන බවයි.

මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පළ කළේය.

රවීට විරුධ්දව අල්ලස් හා දූශනයට පැමිනිල්ලක්. කොපියක් මෙහි ඇත

1988 වසරේදී ඩෙල්මේජ් ආයතනයේ සේවකයෙක්ව සිට අද වන විට විශාල දේපලකට උරුමකම් කියන වත්කම් මුදල් ඇමති රවි කරුණානායක මහතා එරෙහිව  අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන අවස්ථාවට සහභාගී වෙන ලෙස ඉල්ලමින් මාධ්‍ය ආයතන වෙත යොමු කරන ලද ලිපිය මෙහි දැක්වෙයි.


කොලබ කොටස් වෙලදපල 10%කින් පහලට

කොළඹ කොටස් වෙළදපල පසුගිය 2016 වසරේදී සමස්ථ මිල දර්ශකය 10%කින් පහල බැස තිබේ.

එසේම වෙළලපල ප‍්‍රාග්ධනීකරණය 13%කින් පමණ පහල බැස ඇත. මෙය ආසියාවේ සෙසු කොටස් වෙළද පොලවල් හා සසදද්දී දුර්වල ක‍්‍රියාකාරීත්වයකි

2017/01/01

ජාතික ලොතැරැයි මන්ඩල 2 ත් විකීමේ කූට ප්ලෑනක්. ටිකට් එකක් රු 30 ක් දක්වා වැඩි කරයි

                                     ලොතරැයි මණ්ඩල දෙකම පුද්ගලීකරණය කිරීමේ සැලසුමක් 

ආණ්ඩුව ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන ආයතන දෙක පාඩු ලබන බව පෙන්වා පෞද්ගලීකකරණය කිරීමේ සූදානමක් ඇති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අවධාරණය කරයි.
ලොතරැයි පතක මිල ඉහළ දැමීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පසුගියදා කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා මේ බව පැවසී ය.
මේ වන විට ලොතරැයිපත් වර්ග 20කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වන අතර දිනකට ලොතරැයි පත් ලක්‍ෂ 45ක් පමණ අලෙවි වේ. ඉන් ආණ්ඩුවට මිලියන විස්සක් පමණ උපයන බවත් මහජන සුබසාධනය සඳහා ආරම්භ කළ ලොතරැයි පත මඟින් ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ අහිමි වෙමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.
හතළිස් දහසකට ආසන්න පිරිසක් ලොතරැයි පත් අලෙවි කිරීමේ නිරත වන බවත් ඔවුන් ගැනද ආණ්ඩුව සිතිය යුතු බවත් මාරඹගේ මහතා පැවසී ය.
ජාතික ලොතරැයි මණ්ඩලයෙවත්, සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙවත් වුවමනාවට මෙවැනි තීරණ නොගන්නා බවත් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ අවශ්‍යතාවට අනුව මෙවැනි තීරණ ගන්නා බවත් පැවසූ ඒ මහතා ආණ්ඩුව මෙම ආයතන දෙක පාඩු ලබන බව පෙන්වා පෞද්ගලීකකරණය කිරීමේ අදහසක් ඇතැයි ද කියා සිටියේය.
මේ අතර රුපියල් 20ක් වන ලොතරැයි පතක මිල 2017 ජනවාරි මස 1වැනිදා සිට රුපියල් 30ක් දක්වා ඉහළ දැමීමට සාපේක්ෂව තමන්ට රුපියල් 5.25ක කොමිස් මුදලක් ලැබිය යුතු යැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අවධාරණය කරයි.
කොටුව සම්බෝධි විහාරස්ථානයේදී පසුගියදා පැවැති එම සංගමයේ විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළැඹි එම සංගමය තමන්ට දැනට ලැබෙන සියයට 17.50ක ප්‍රතිශතයට අනුව එකී කොමිස් මුදල ලැබිය යුතු වුවද නව මිල සංශෝධනය යටතේ වැඩි කර ඇත්තේ සත 50ක කොමිස් මුදලක් පමණක් බවද ඒ අනුව තවත් රුපියල් 1.25ක කොමිස් මුදලක් ලැබිය යුතු යැයිද පෙන්වා දෙයි.
ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජනාධිපතිවරයා ආරම්භ කළ ජාතික වකුගඩු නිවාරණ අරමුදල මඟින් ඒකාබද්ධ අරමුදල, ජනාධිපති අරමුදල ඇතුළු අවශ්‍යතා සඳහා පසුගිය වසරේදී රුපියල් බිලියන 16.97ක් රජයට ලබාදී ඇතත් 35,000ක් පමණ වන ලොතරැයි නියෝජිතයන්ගේ හා සේවකයන්ගේ අභිවෘද්ධිය උදෙසා රජය පියවර ගෙන නොමැති බවත් තමන්ට ලැබිය යුතු කොමිස් මුදල ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ බලධාරීන්ගේ අවධානය යොමු කරන බවත් එම සංගමය සඳහන් කරයි.

2016/12/30

සිරිසේනට මරණ තර්ජන කලැයි කියූ දිනූශට ඇප



සිරිසේනට මරන තර්ජන කලැයි කියපු ඩිනූශට ඇප. රු ලක්ශයක ශරීර ඇප මත මුදා හෑරේ. අජිත් ප්‍රසන්නගේ දැඩි රහාර හමුවේ සාදාරන නඩුවක් විය මෙය.දිනූසට කෙලවන්න ආ පූජිතගේ ගොට්ටන් ආගිය අතක් නැත.