Monetag add

2017/01/07

අපිට ඕන දේ නොදුන්නොත් ජනපති යාපනේ ඇවිත් ඉවරයි - දෙමල සංදානයෙන් ජනපතිට අනතුරු අගවයි

              දෙමළ සන්ධාන මන්ත‍්‍රීගෙන් ජනපතිට රතු එළියක්
යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන ආකාරයේ විසදුමක් හිමි නොවන්නේ නම් සාමකාමී වාතාවරණයක් මැද ජනපතිවරයා යාපනයට පැමිණෙන අවසන් අවස්ථාව ද මෙය විය හැකි බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි
දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුනොවන ආකාරයෙන් පසුගිය කාලය පුරා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් ගෙන ආ බවත් නව රජයද මෙම ජනතාවට දෙන ලද පොරොන්දු කඩකරමින් ව්‍යවස්ථාවක් ගෙන එ්මට සැලසුම් කරන බවත් එතුමා පැවසීය
මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටි සමයේ උතුරු නැගෙනහිර ජනතාවගේ බහුතර ජන්දය ජනාධිපතිවරයාව පත්වීමට බෙහෙවින් ඉවහල් වූ බවත් මෙම ජනතාවගේ පොරොන්දු ඉටුකරමින් ජනවාර්ගික අර්බුදයට ස්ථීර විසදුමක් ගෙන එන බවට සහතික වූ බවත් එසේ පොරොන්දු වූ ජනාධිපතිවරයා අර්බුද විසදන ආකාරයේ කටයුතු කිරීමක් දක්නට නොමැති බවත් පැවසිය
-සිරාජ් හසීම්

1 comment:


  1. ප්‍රිය මිත්‍රවරුන් වෙත ඉතාමත් ගෞරවයෙනි,
    ඔබගේ වෙබ්ව අඩවියෙන් ටිනා තොරතුරු බෙදා ගන්න බව පෙනේ. මේ සමග අමුණා ඇති ලිපි දෙක කියවා බලා ඒවායේ දැක්වෙන “සිංහල” අපට මේ සිංහල රටේ ඇති අයිතිය හිමිවීම පිලිබඳ එයිතිහාසික පසුබිම වන “අප රටේ අතීත රජවරු බුදු සසුනට නම වතාවක් මෙම පින් බිම පූජාකිරීම” පිළිබඳව සිංහලයා දැනුවත් කිරිමටත් දැනට විවිධ ලෙස බෙදී ඇති අප ජාතිය ඒ මගින් එක්සත් කර සිංහල අප වර්තමානයේ මුහුණ පා ඇති බිහිසුණු ව්‍යසනයෙන් ගොඩ ගැනීමට සහායවන ලෙසත් ගෞරවයෙන් ආරාධනා කරමු.
    මෙයට
    ශාසන හිතකාමී

    සුදර්ශන රම්බන්ඩාර
    (Email: srambandara@ymail.com )

    “සිංහල” අපට මේ සිංහල රටේ ඇති අයිතිය හිමිවීම පිලිබඳ එයිතිහාසික පසුබිම වන “අප රටේ අතීත රජවරු බුදු සසුනට නම වතාවක් මෙම පින් බිම පූජාකිරීම” පිළිබඳව සිංහලයා දැනුවත් කිරිමටත් දැනට විවිධ ලෙස බෙදී ඇති අප ජාතිය ඒ මගින් එක්සත් කර සිංහල අප වර්තමානයේ මුහුණ පා ඇති බිහිසුණු ව්‍යසනයෙන් ගොඩ ගැනීමට හැක.
    ‘සිංහල දීපය’ උතුම් සංඝරත්නය හමුවේ සම්බුද්ධ ශාසනයට නම වතාවක් පූජාකිරීම *
    අප ඉතිහාසයේ සුවිශේෂී සිද්ධීන් ලෙස සැලකිය යුතු අවස්ථා ගණනින් නවයකි. එහිදී සිදුවුයේ බුදු දහම සුරක්ෂිතව පවතින්නේ මෙම දිවයිනේ බව දන්නා අපේ රජවරු කීපදෙනෙක් ඔවුන්ගේ අල්පේඡ්ඡතාව, නිහතමානී බව, සද්ධාවන්ත බව, ත්‍යාගශීලී බව, සහ ශ්‍රේෂ්ඨ පූජා බුද්ධිය විදහා දක්වමින් වරින් වර නම වතාවක්ම මෙම ‘සිංහල දීපය’ උතුම් සංඝරත්නය හමුවේ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමය. ඒ සෑම වාරයකදීම ගරුතර සංඝරත්නය මෙම දිවයින සහිත රාජ්‍යය නැවත නැවතත් රජතුමාට භාර කළේ ශාසනය වෙනුවෙන් ආරක්ෂා කරගෙන පාලනය කරගෙන යාමටය. මෙහි විස්තර වංශ කථා වලත්, ධර්ම ග්‍රන්ථ වලත්, ජනප්‍රවාදයේත් සඳහන්වේ.
    සෑම සිංහලයෙක්ම රට, ජාතිය, ආගම පමණක් නොව තමාගේත් අනාගත පැවැත්ම උදෙසා මෙම ඓතිහාසික අවස්ථා කීපය හැදෑරීම යෙහෙකි. සිංහලේ නම්වූ අප දේශයේත්, සිංහල ජාතියේත්, සම්බුද්ධ ශාසනයේත් ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් අප සැම දෙනාම මෙම අවස්ථාවන් සියල්ල සමස්ථයක් ලෙස ගෙන තරයේම අවධාරණය කළයුතුය. මීට වඩා ආරක්ෂාවක්, පිහිටක්, සරණක් අපට නැත්තේය.
    බුදු සුසුනේ පැවැත්ම වෙනුවෙන් රජතුමා රටේ භාරකාරත්වය දැරීම *
    මෙම පූජා කිරීම් වලට අනතුරුව සිදුවූයේ බුදු සුසුනේ පැවැත්ම සදහා රජතුමා රටේ අයිතියක් වෙනුවට භාරකාරත්වය දැරීම පමණි. රජතුමා සංඝරත්නයේ අවවාද අනුශාසනා ද අනුව රාජ්‍ය විචාරීම කළේ ය. රජු රට රැක්කේම පාලනය කළේම බුද්ධ ශාසනය වෙනුවෙනි. බුද්ධ ශාසනය රැකීමේ වගකීමත් ඒ සඳහාම රට රැකීමේත්, පාලනය කිරීමේත් අයිතිවාසිකම රජුට ලැබෙන්නෙ මේ ආකාරයෙනි. විටින් විට මෙය නව වතාවක්ම මෙසේ සිදුවීමෙන් ඉතා පිරිසිදු ලෙස, ස්ථිරසාර ලෙසම මෙම සමස්ත දිවයිනම බුදු සසුනට පූජා කළ පුණ්‍ය භුමියක් බවට පත්වන්නේය. අප රටට “ධර්ම ද්වීපය” යන විරුදාවලිය ලැබීමටත් “ගෞතම බුද්ධ රාජ්‍යය” සහ “බුදුන්ගේ දේශය” යනුවෙන් හැඳින්වීමටත් සුදුසු වන්නේ එහෙයිනි.
    සිංහලේ රජුට රට රැකීමේ මෙම අයිතිවාසිකම ලොව අපටම විශේෂිත වූවක් බව මෙයින් හඳුනාගත යුතුය. සිංහලේ රජු නැති කළ මෙම භාරකාරත්වයේ අයිතිවාසිකම ලැබෙන්නේ මුලු මහත් සිංහල ජාතියටය. මෙම අයිතිවාසිකමට අභියෝග කිරීමට මිහිපිට කිසිවෙකුටත් නොහැකිය. මේ අනුව මෙරට වාසී සියලුම ජනතාව මෙම ඵෛතිහාසික සත්‍යය නොබියව එකහෙලා පිළිගත යුතුය. ඒ ගැන කතාකළ යුතුය. නොදන්නා කෙනෙකුට පැහැදිලිකරදිය යුතුය. සිංහල ජාතිය සතු මෙම දිවයිනේ භාරකාරත්වයට විරුද්ධ වන්නකු වේ නම් ඒ පරගැතියෙකු හෝ උන්මත්තකයෙකු විය යුතුය. නැත්නම් ආත්ම ගරුත්වය මුදලකට විකුණුනු ජාති බ්‍රෂ්ටයකු වියහැක.
    සිංහලයාට ලැබුණු විශේෂ අභිමානය *
    සම්බුද්ධ ශාසනය රැකීමට ද ඒ වෙනුවෙන් මේ දිවයිනෙහි භාරකාරත්වය දරමින් එය රැක පාලනය කිරීමේ ශුද්ධ වූ අයිතිවාසිකම, වගකීම සහ යුතුකම දැරීමට ද ලැබීම ජාතියක් වශයෙන් සිංහලයාට “විශේෂ අභිමානයක්” ගෙනදෙන්නකි. නුතන ව්‍යවස්ථා සම්පාදනයේදී යොදාගන්නා “ජනතා පරමාධිපත්‍ය” අවුරුදු දෙදහසකටත් පෙර ඉතා ගෞරවනීය අන්දමින් සිංහලයාට හිමිවන්නේ ඉහතකී “අයිතිවාසිකම සහ වගකීම” මහින්දාගමනට අනතුරුව අපට දරන්නට ලැබීමෙනි. අද රටත්, සිංහල බෞද්ධයාත් මුහුණපා සිටින කෙනහිලි, ගැටළු, ප්‍රශ්න සහ අභියෝග සියල්ල ජයගැනීමට අප යොදා ගත යුත්තේ මෙම සත්‍යයයි. අප අවබෝධයෙන් යුක්තවම වහා දරාගත යුත්තේ මෙම විශේෂ අභිමානයයි.

    ReplyDelete