තමාට විදේශගතවීමට අවසර ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අධිකරණයෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් නිරීක්ෂණ ලබාගැනීමට අවශ්‍ය බව නීතිපතිවරයා විසින් අද(23)කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ.
දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ලවන චෝදනාවන්ට අදාළව බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩු දෙකක් විභාගවෙමින් පවතින අතර එම නඩුවලට අදාළව ඔහුට විදේශ ගමන් තහනම් කර ඇත.
එසේ වුවද තමාට විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා විසින් අධිකරණයෙන් ඉල්ලීම් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් නිරීක්ෂණ ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කර තිබේ.
එම නිසා අදාළ ඉල්ලීම දෙසැම්බර් මස 2වන දින යළි කැඳවන බව කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන මිය දැනුම්දී ඇති අතර එදිනට මෙම ඉල්ලීමට අදාළ විරෝධතාඇත්නම් ඉදිරිපත් කරන ලෙස රජයේ නීතිඥවරියට දැනුම්දී තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා විසින් තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දෙසැම්බර් 10 සිට මාර්තු 01 වන දින දක්වා කාලය තුළ අමෙරිකාවේ සංචාරය කිරීමට අවශ්‍ය බවත්, ඒ සඳහා තමාට පනවා ඇති විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙසත් නීතිඥවරුන් මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
No comments:
Post a Comment