බලපත්‍රයක් නොමැතිව මගීන් ධාවනය කරන බස් රථ සඳහා රු.10,000ක්ව පැවති දඩ මුදල රු.ලක්ෂ දෙක දක්වා ඉහළදමා තිබේ.
එ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව අද (23)රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
වර්තමාන රජය කිසිදු අවස්ථාවක මාධ්‍ය මර්දනක් සිදුකර නැති බවත්, රජයේ කිසිවෙකු මාධ්‍ය පිළිබඳ අදහසක් හෝ මතයක් පළකළ පමණින් එය මාධ්‍ය මර්දනයක් ලෙස සැලකිය යුතු නැති බවත් හෙතෙම අවධාරණය කළේය.
එහෙත් අද දවසේ මාධ්‍ය නිදහසක් නොමැති බවට චෝදනා එල්ල කරන මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේදී මාධ්‍යවේදීන් 13 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත්, 87 දෙනෙකුට හිරිහැර සිදුකළ බවත් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා සිහිපත් කළේය.
එහෙත් විද්‍යුත් මාධ්‍ය නියාමනය පිළිබඳ කිසිදු නියාමනයක් හෝ ආචාර ධර්ම පද්ධතියක් නොමැති බව පෙන්වා දුන් අතර අමාත්‍යවරයා ඒ සඳහා නියාමන ක්‍රමයක් සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍ය සංගම්, මාධ්‍යවේදීන් ඇතුළු මහජන සංවිධානවල අදහස් ලබා ගනිමින් ස්වාධීන මාධ්‍ය කොමිෂමක් මඟින් ක්‍රියාත්මක කිරීමට
අපේක්ෂා කරන බව අවධාරණය කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් විමසන ලද පැනයකට පිළිතුරු දෙමින් මෙම මාධ්‍ය හමුවට එක්වුණු සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ඒ-4 කොලයටත් තමාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යාමට සිදුවූ බවයි.
ඕනම කෙනෙකුට අල්ලස් කොමිසමට පැමිණිලි කළ හැකි බවත්,එහි දොරටුව විවෘතව පවතින බවත් ඒ අනුව වැදගැම්මකට නැති පැමිණිලි පවා ඇතැමුන් සිදුකරන බවත් සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර සාමාන්‍ය පුද්ගලයෙකුට තදබල අසනීපයක් සෑදුනු විටකදී වුව ජනාධිපති අරමුදලෙන් ලබාදෙනු ලබන්නේ ලක්ෂ දෙකක පමණ මුදලක් වුවද, රාජිත අමාත්‍යවරයා රොගාතුරු වූ අවස්ථාවේදී කෝටියක මුදලක් ලබාදුන් බව සත්‍යයක්දැයි මාධ්‍යවේදියෙකු විමසන ලදී.
ඊට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ තමාට ප්‍රතිකාර සඳහා කෝටියක මුදලක් ලැබුණු බව සත්‍යයක් බවයි.
තමාට පමණක් නොව ජනාධිපති අරමුදලෙන් කෝටියක මුදලක් කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්රීවරයාටද එකල ලැබුණු බවත්, සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් නොව මන්ත්‍රීවරයෙකුට විශේෂ වරප්‍රසාද පවතින බැවින් එවැනි මුදලක් ජනාධිපති අරමුදලෙන් ලැබීම ප්‍රශ්නයක් නොවන බවයි.
අනෙක් අතට ජනාධිපතිවරයා තීරණය කරනු ලබන්නේනම් සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද, ලක්ෂ දෙකකට වඩා වැඩි මුදලක් ලබාදීමට හැකියාව පවතින බව සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.

No comments:
Post a Comment