Monetag add
2018/01/31
"කවුද දිනන්නේ?" පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් තවත් සමීක්ෂණ වාර්තාවක් අන්තර්ජාලයට[SlPastNews]
මේ දිනවල මැතිවරණය වෙනුවෙන් විවිධ සමීක්ෂණ වාර්තා අන්තර්ජාලගත කරනවා විවිධ කණ්ඩායම්.මේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් කතිකාචාර්ය වරුන් හා සිසුන් කණ්ඩායමක් සැකසූ "කවුද දිනන්නේ?" සමීක්ෂණ වාර්ථාව
ඔවුන් පවසන්නේ මෙය සෑම ප්‍රදේශයකම ගමින් ගමට ගොස් ගෙයින් ගෙට ගොස් ජනතා මත අදහස් අනූව ඔවුන් මෙය නිර්මාණය කරන්නක් බවය.
ඔවුන් මෙය නම්කොට ඇත්තේ "කවුද දිනන්නේ?" යනුවෙනි.
මේ ඔවුන්ගේ සමීක්ෂණ වාර්ථාවයී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 33.5%
එක්සත් ජාතික පක්ශය - 26%
ශ්‍රී ලංකා නිදහස් පක්ශය - 13%
ජනතා විමුක්ති පෙරමුණ - 11.5
වෙනත් සුලු පක්ශ - 16%
ඒ අනුව ඔවුන් මේ ගැන පුංචි පැහැදිලි කිරීමකුත් කරලා තියෙනවා,
මෙම මැතිවරණයෙදි තරග දෙකක් දැකිය හැකි බවය,
ඒ පලමු හා දෙවන ස්තාන දෙක සදහා පොහොට්ටුව හා එජාපයයි. නමුත් පුංචි අගයකින් පොහොට්ටුවට වැඩි චන්ද සංක්‍යාවක් ලබාගන පලමුවැනි ස්තානය හිමි කරගත හැකි බව හා
අනික තුන්වන හා හතරවන ස්තාන සදහා වෙනම තරගයක් ජවිපෙ හා ශ්‍රීලංනිප අතර දක්නට හැකි බවය. මෙම වාර්තාවට අනූව ශ්‍රීලංනිප හතරවැන්නා වී ජවිපෙ තුන්වැන්නා වීමේ 38% ක සම්භාවිතයක් ද ඇති බව ඔවුන් පෙන්වා ඇත
තවදුරටත් ඔවුන් කියා සිටියේ මෙම සමීක්ෂණය අනික් ඒවා සමග බලන කල මෙය නිවැරදි වීමේ සම්භාවිතය 90% ක්වත් ඔවුන් සහතික වන බවය. මෙය ජනතා අදහස්වලින්ම සැකසූ නිසා අනික් සමීක්ෂණ වලට අභියෝගයක් වෙමින් මෙම සමීක්ෂණය මෙම අගයන්ට ඉතාමත් සමීපව මෙම ජයග්‍රහණ වෙනසක් නොවී මේ ආකාරයටම නිවැරැදි වන බවය.
මැතිවරණයෙන් පසුව මෙය ගැන මීටත් වඩා ජනතාව කතා කරන තරමටනම මෙය නිවැරැදි වන බව ඔවුන් දැඩි විශ්වාසයෙන් කියා සිටියි.
තවද ඔවුන් පවසන්නේ මෙය හුදෙක් ජනතා අදහස්වලුන්ම නිර්මාණය වූවක් බවත් කිසිම දේශපාලන පක්ශයට පක්සපාතිව නිර්මාණය නොවූවක් බවත් අපක්ෂපාතීව නිර්මාණය කල බවත්ය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment