යෝජිත ව්‍යවස්ථා මර උගුලෙන් රට බෙදෙන අනතුර මහින්ද නිසි බරින් ටක්කෙටම හඳුනාගනී...
රටේ සියලු කලබල අස්‌සේ සිදුකෙරෙන ව්‍යවස්‌ථා සංශෝධනය නිසා බරපතළ ජාතික උවදුරක පෙර නිමිති පහලවෙලා
-හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ නිවේදනයක් නිකුත් කරමින් කියයි
රටේ සියලු කලබල අස්‌සේ සිදුකෙරෙන ව්‍යවස්‌ථා සංශෝධන වැඩපිළිවෙළ බරපතළ ජාතික උවදුරක පෙර නිමිති පහල වී ඇති බවත් ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයේ ඇතැම් අනුකමිටු විසින් රටේ ඒකීයභාවය අවසන් කිරීම සඳහා යෝජනා ගණනාවක් ඉදිරිපත් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
මෙවර අයවැය කෙරෙහි කාගේත් අවධානය යොමුවී තිබෙන අතරතුර ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ අනුකමිටු හයක යෝජනා සහිත වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවේය. එයත් සමඟම ආණ්‌ඩුවේ ඇමැතිවරුන් මේ ව්‍යවස්‌ථා සංශෝධන යෝජනාවල රටේ ඒකීයභාවය හෝ බුදු දහමට ඇති විශේෂ තත්ත්වය අහෝසි කිරීමට හෝ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට යෝජනා ඇතුළත් නැතිබව කියමින් ඒවාට මහනායක හිමිවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු. එපමණක්‌ද නොව අයවැය සම්බන්ධයෙන් ඇති වූ උද්ඝෝෂණ, වැඩවර්ජන ආදී සියල්ල පසෙක තිබියදී ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවේදී බලය බෙදීමේ වැදගත්ගම ගැන කතා කළේය.
මේ අතරතුර, ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට දිගට හරහට රථ වාහන, විශේෂ දීමනා යනාදී වරදාන බෙදන හැටි අපි දුටුවෙමු. මේ සියල්ල ළඟ එන බරපතළ ජාතික උවදුරක පෙර නිමිතිය.
පසුගිය ජනාධිපතිවරණයේදී අද මේ ආණ්‌ඩුවේ සිටින නායකයන් ජනතාවට ව්‍යවස්‌ථා සංශෝධන සම්බන්ධයෙන් දුන් ප්‍රධානම පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමයි. නමුත් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය විසින් පත්කොට තිබෙන අනුකමිටු එකක්‌වත් මේ ප්‍රධාන කාරණා දෙක ගැන අවධානය යොමුකොට නැත. ඒ වෙනුවට අපට ලැබී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී අඩු වශයෙන් සඳහනක්‌වත් නොකෙරුණු කාරණා ගැන අනුකමිටු වාර්තා හයකි.
අයෑවැයේ ගැටලු හරියට විසඳන්නෙත් නැතුව ව්‍යවස්‌ථාව සංශෝධන ගැන කතා කිරීමේ අවස්‌ථා සම්බන්ධය, පැහැදිලි වන්නේ ව්‍යවස්‌ථා සංශෝධන පිළිබඳ අනුකමිටු වාර්තා කියවා බැලූ විටය.
අපේ ව්‍යවස්‌ථාවේ "ඒකීය ස්‌වභාවය" නිසා පළාත් සභාවල කටයුතු වලට "බාධා" පැමිණෙන බව මධ්‍ය හා පර්යන්තය පිළිබඳ අනුකමිටු වාර්තාවේ එළිපිට සඳහන් කොට ඇත. ඒ අනුව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ ඇතැම් අනුකමිටු විසින් "ඒකීය" යන වචනය ව්‍යවස්‌ථාවෙන් ඉවත් නොකොට රටේ ඒකීයභාවය අවසන් කිරීම සඳහා යෝජනා ගණනාවක්‌ම ඉදිරිපත් කර ඇත. මේවා අතරින් කීපයක් පමණක් ගෙනහැර දැක්‌වීමට මම කැමැත්තෙමි.
1. පළාත් ආණ්‌ඩුකාරවරුන්ගේ සියලු බලතල අහෝසි කිරීමට මධ්‍ය හා පර්යන්තය පිළිබඳ අනුකමිටුව විසින් යෝජනා කර ඇත. පළාත් සභාවල සම්මත කරන අණපනත් වලට අනුමැතිය දීමේ බලය ආණ්‌ඩුකාරවරයගෙන් ඉවත් කොට පළාත් සභාවේ සභාපතිවරයාට පැවරීමටත්, තමාගේ අනුමැතිය සඳහා එවන අණපනත් වලට සංශෝධන යෝජනා කරමින් ආපසු පළාත් සභාවට යෑවීමට ආණ්‌ඩුකාරවරයාට ඇති බලයත්, පළාත් සභා අණපනත් සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා ජනාධිපතිවරයාට යොමු කිරීමට ආණ්‌ඩුකාරවරයාට ඇති බලයත් අහෝසි කිරීමට යෝජනා වී ඇත. එපමණක්‌ද නොව ආණ්‌ඩුකාරවරයා පත් කිරීම මහ ඇමැතිවරයාගේ අනුමැතියට යටත්ව සිදු කිරීමටත්, ඔහු සැමවිටම මහ ඇමැතිවරයාගේ හා පළාත් ඇමැති මණ්‌ඩලයේ උපදෙස් මත ක්‍රියාකළ යුතු බවටත් යෝජනා වී ඇත. අපේ බලය බෙදීමේ ක්‍රමය පදනම් වී ඇත්තේ ඉන්දියානු ආකෘතිය මතය. ලංකාවේ පළාත් ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්‌ඩුකාරවරුන්ගේ බලතල සමඟ සම්පූර්ණයෙන්ම සමගාමී වේ. ඉන්දියාවේ මෙන්ම ලංකාවේත් පළාත් සභා හා ප්‍රාන්ත මධ්‍යම ආණ්‌ඩුව සමඟ සම්බන්ධවන්නේ ආණ්‌ඩුකාර ධුරය හරහාය. ආණ්‌ඩුකාරවරයාගේ බලතල අහෝසි කළහොත් ඉන්දියාවට මෙන්ම ලංකාවටත් ඒකීය රාජ්‍යන් හැටියට පැවතිය නොහැක.
2. මධ්‍යම ආණ්‌ඩුව මෙන්ම පළාත් සභා වලටත් හෙබවිය හැකි සමගාමී බලතල ලැයිස්‌තුව අහෝසි කිරීමටත් එම බලතල පළාත් සභා වලට දී පළාත් සභා "වෙනම බලප්‍රදේශ" බවට පත් කිරීමට යෝජනා වී ඇත. මේ පරමාර්ථය මුදුන්පත් කිරීම සඳහා මධ්‍යම ආණ්‌ඩුව යටතේ කටයුතු කරන දිස්‌ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් පළාත් සභා යටතට පත්කළ යුතු බවටත්, පළාත් රාජ්‍ය සේවා කොමිසම් වලට තම පළාතට අවශ්‍ය රජයේ සේවකයන්ගේ ගණන මහා භාණ්‌ඩාගාරයේ අනුමැතියට යටත් නොවී ස්‌වාධීනව තීන්දු කිරීමට බලතල පැවරීමටත් යෝජනා වී ඇත.
3. මධ්‍ය හා පර්යන්තය පිළිබඳ අනුකමිටුවේ තවත් යෝජනාවක් වන්නේ රජයේ ඉඩම් සම්බන්ධ සියලු බලතල පළාත්සභා වලට පැවරිය යුතු බවයි. ඒ අනුව පළාතක තිබෙන රජයේ ඉඩමක් භාවිත කිරීම සඳහා මධ්‍යම ආණ්‌ඩුවට පළාත් සභාවේ අනුමැතිය ලබාගැනීමට සිදුවෙනු ඇත. ඉන්දියාවේ නම් මධ්‍යම ආණ්‌ඩුවට යම් ප්‍රාන්තයක ඇති ඉඩමක් අවශ්‍ය වුවහොත් ප්‍රාන්ත ආණ්‌ඩුවේ කැමැත්ත හෝ අකමැත්ත නොතකා එම ඉඩම භාවිතා කිරීමට මධ්‍යම ආණ්‌ඩුවට සියලු බලතල ඇත.
4. පොලීසිය නීතිය හා සාමය අනුකමිටුව විසින් පොලිස් බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බවට යෝජනා කර ඇත. ඒ අනුව පොලිස් සේවය ජාතික පොලීසියත්, පළාත් පොලිස් සේවාවන් නවයකටත් බෙදෙනු ඇත. රජයට එරෙහි අපරාධ, රාජ්‍ය දේපල සම්බන්ධ අපරාධ, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අධිකරණ හා රාජ්‍ය නිලධාරීන්ට එරෙහි අපරාධ, මැතිවරණ හා මුදල් නෝට්‌ටු සම්බන්ධ කාරණා සහ ජාත්‍යන්තර අපරාධ ජාතික පොලීසියේ කාර්යභාර්ය වන අතර අනෙක් සියලුම වැඩ කටයුතු එනම් අපරාධ, වංචා, මත්ද්‍රව්‍ය, රථවාහන ඇතුළු සියලුම එදිනෙදා පොලිස් කාර්යභාර්යයන් පළාත් පොලිස් සේවාවන් වලට පැවරෙනු ඇත. යම්කිසි විමර්ශනයක් ජාතික පොලීසිය යටතේ පවතින ඒකකයකට මාරුකළ හැක්‌කේ අදාළ පළාතේ පොලිස් කොමසාරිස්‌වරයාගේ එකඟතාවය මත පමණි. පළාත් පොලිස් සේවයන් තම තමන්ගේ පුහුණු කටයුතු කරගනු ඇති අතර ඒ ඒ පළාත්වල පොලිස් නිලධාරීන් භාවිතා කරන ගිනි අවි වර්ග හා ගණන තීන්දු කරනු ලබන්නේ පළාත් පොලිස් බලධාරීන්ගේ අනුමැතිය පරිදිය. පළාත් පොලිස් වල වැඩකටයුතු සම්බන්ධයෙන් පොලිස්‌පතිවරයාට කිසිදු අධීක්‍ෂණ බලයක් හිමිනොවනු ඇත. පළාත් පොලිස් සේවාවන්වලට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා භාෂාව හා පදිංචිය පිළිබඳ නිර්නායකයන් යෙදීම හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල පොලිස් සේවාවන් ජාතිය හා භාෂාව අනුව ජාතික පොලීසියෙන් මෙන්ම සෙසු පළාත්වල පොලිස් සේවාවන් වලින්ද වෙන්වනු ඇත. පළාත් පොලිස් සේවාවන් අතර ස්‌ථානමාරු සිදු නොවන නිසා උතුරු නැගෙනහිර පොලිස් සේවාවන් හා රටේ සෙසු ප්‍රදේශවල පොලිස් සේවාවන් අතර සම්බන්ධතා නිරායාසයෙන්ම නැති වී යනු ඇත.
5. පොලීසිය නීතිය හා සාමය පිළිබද අනු කමිටුවේ තවත් යෝජනාවක් වන්නේ මාස තුනකට කට වඩා වැඩි කාලයක් එක දිගටම හදිසි නීතීය බලපැවැත්වීමට, එසේ නැතිනම් දින 180 ක් තුළ දින 90 කට වඩා වැඩි කාලයක් හදිසි නීතිය ක්‍රියාත්මක වීමට නම් එවැනි දිගු කිරීමක් පාර්ලිමේන්තුවේ "විශේෂ බහුතරයකින්" සම්මත විය යුතු බවය. එපමණක්‌ද නොව හදිසි නීති ප්‍රකාශනය මෙන්ම හදිසි නීති රෙගුලාසිත් විමර්ශනය කොට ඒවා අහෝසි කිරීමට වුවද අධිකරණයට බලය ලබාදීමට යෝජනා වී ඇත. යම්කිසි තත්ත්වයක් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට සුදුසුද නැද්ද යන කාරණය ගැන තීන්දුවක් ගැනීමට අධිකරණයට හැකියාවක් නැත. මෙය සම්පූර්ණයෙන්ම විධායකයේ බලයක් විය යුතුය. අධිකරණ, ව්‍යවස්‌ථාදායක, විධායක වශයෙන් බලතල වෙන්කෙරෙන්නේද එක් එක් ක්‌ෂේත්‍රවල කාර්යභාර්යයන් වෙනස් නිසාය. හදිසි නීතිය පිළිබඳ මෙවන් යෝජනාවන් ඉදිරිපත් කර තිබෙන්නේ හදිසි තත්ත්වයකට රජයට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්‌වීමට නොහැකි වන ආකාරයට කටයුතු යෙදීමට බව ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකා රජය ඒ ආකාරයට බෙලහීන කිරීම ඇතැම් පාර්ශ්ව වල උවමනාව බව ජනතාව දනී.
6. ශේ්‍රෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී එම තනතුරුවලට සුදුස්‌සන් ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට යෝජනා කළ යුත්තේ විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් සෑදුණු මණ්‌ඩලයක් විසින් යෑයි අධිකරණය පිළිබද අනුකමිටුව යෝජනා කර ඇත. මේ මණ්‌ඩලය අග්‍රවිනිශ්චයකාරවරයා විසින් පත්කළ යුතු වන අතර එසේ කිරීමේදී නීතිපතිවරයාගෙන් හා නීතීඥ සංගමයේ සභාපතිවරයාගෙන් අදහස් විමසා සිටිය යුතු වෙයි. නීතිඥ සංගමය යනු අතිශයින්ම දේශපාලනීකරණය වූ ආයතනයකි. වරක් මෙහි සභාපතිවරයා හැටියට සිටියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඊට පසු එම තනතුර දැරූ පුද්ගලයා මගේ ආණ්‌ඩුව පෙරලීමට නීතිඥ සංගමයත් භාවිත කොට යහපාලන ආණ්‌ඩුවේ ඉහළ දේශපාලන පත්වීමක් ලබා ගත්තේය. නීතිඥ සංගමය ලංකාවේ දේශපාලනයට Rජුවම මැදිහත් වී සිටින විදේශීය බලවතුන්ගෙන් මුදල් හා විශේෂ ගමන් යනාදිය ලබා ගන්නා ආකාරය මාධ්‍යයේ පළ වී ඇත. මෙවැනි ආයතනයකට මොනම හේතුවක් යටතේවත් ඉහළම අධිකරණවල විනිශ්චයකාරවරුන් පත් කිරීම සම්බන්ධයෙන් බලයක් පැවරිය යුතු නැත. එමෙන්ම තමන්ගේ නඩු අහන විනිශ්චයකාරවරුන්ගේ පත්වීම් සම්බන්ධයෙන් බලයක් පුද්ගලික නීතිඥයන්ට ලබාදීමෙන් යුක්‌තිය පසිඳලීමේ මුළු යාන්ත්‍රණයම දූෂණයට ලක්‌වී ඒ පිළිබඳව මහ ජනතාවගේ විශ්වාසයද බිඳ වැටීමට ඉඩ ඇත.
7. අධිකරණය පිළිබඳ අනුකමිටුව විසින් කර ඇති තව චෝදනාවක් වන්නේ රටේ සාමාන්‍ය උසාවි පද්ධතියට පිටින් විනිශ්චයකාරවරුන් හා ව්‍යවස්‌ථා පිළිබඳ විශේෂඥයන් හත් දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්‌ථාමය උසාවියක් පිහිටුවිය යුතු බවයි. ව්‍යවස්‌ථාව නිර්වචනය කිරීම, පනත් කෙටුම්පත් වල ව්‍යවස්‌ථානුකූලභාවය තීන්දු කිරීම, සම්මත කරන ලද පනත්වල ව්‍යවස්‌ථානුකූලභාවය තීන්දු කිරීම, මධ්‍යම රජය හා පළාත් සභා අතර ඇතිවන ආරවුල් විභාග කිරීම මේ ව්‍යවස්‌ථාමය අධිකරණයේ කාර්යභාර්යය වනු ඇත. ව්‍යවස්‌ථාවට අදාළ ප්‍රශ්නයක් වෙනත් උසාවියක විභාගවන නඩුවකදී පැණ නැගුණහොත් ඒ නඩුව මේ ව්‍යවස්‌ථාමය උසාවියට යොමු වනු ඇත. වත්මන් ව්‍යවස්‌ථාව යටතේ ව්‍යවස්‌ථාව නිර්වචනය කිරීමටත් පනත් කෙටුම්පත්වල ව්‍යවස්‌ථානුකූලභාවය විභාග කිරීමටත් බලය ඇත්තේ ශේ්‍රෂ්ඨාධිකරණයට පමණි. එහි මොනම වෙනසක්‌වත් නොවිය යුතු බව මගේ මතයයි. එපමණක්‌ද නොව මේ ව්‍යවස්‌ථාමය උසාවියට පත්කෙරෙන විනිශ්චයකාරවරුන් නොවන "ව්‍යවස්‌ථා පිළිබඳ විශේෂඥයන්" කවුරුන් විය හැකිද යන්න ගැන බරපතල සැකයන් පැන නගී. තවද පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක ව්‍යවස්‌ථානුකූලභාවය විභාග කිරීමට කිසිවෙකුටත් බලය නැතිය යන්න අපේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වූ මූලධර්මයයි.
8. අලුත් ව්‍යවස්‌ථාව බලාත්මක වන අවස්‌ථාවේදී රටේ බලපැවැත්වෙන නීති තවදුරටත් වලංගු වන්නේ ව්‍යවස්‌ථාවේ වගන්තිවලට එම නීති අනුකූල වන්නේ නම් පමණක්‌ය යන සාමාන්‍ය සිද්ධාන්තය මේ රටේ ඇතැම් ජනකොටස්‌වලට අදාළ පුද්ගලික නීති වලට බලනොපෑ යුතු යෑයි මූලික අයිතීන් පිළිබඳ අනුකමිටුව යෝජනා කර තිබේ. ඒ අනුව ඇතැම් ජනකොටස්‌වල පුද්ගලික නීති ව්‍යවස්‌ථාට පටහැනි වුවත් බලාත්මක වේ. කිසියම්ම හෝ ජනකොටසකගේ පුද්ගලික නීතියකට ව්‍යවස්‌ථාව හා මූලික අයිතීන් පිළිබඳ පරිච්ඡේදයටත් ඉහළින් සිටීමට ඉඩදුනහොත් එය අනෙක් ජනකොටස්‌වලට හිමි නැති වරප්‍රසාදයක් තවත් ජන කොටසකට ලබාදීමක් වනු ඇත. මෙයින් අනවශ්‍ය ජාතික හා ආගමික නොසන්සුන්තාවයක් ඇතිවිය හැකිය.
9. ලංකාවේ නීති ක්‍රමයට අනුව, ආණ්‌ඩුව අත්සන් කරන විදේශීය ගිවිසුම්වල විධිවිධාන එක්‌වරම දේශීය නීති පද්ධතියට ඇතුලත් වන්නේ නැත. පාර්ලිමේන්තුව විසින් එම ගිවිසුමේ වගන්ති අපේ නීතියට ඇතුලත් කරමින් නව නීති සම්මත කරගත යුතු වේ. අලුත් ව්‍යවස්‌ථාව බලාත්මක වන අවස්‌ථාවේදී ආණ්‌ඩුව විසින් අත්සන් කොට තිබෙන නමුත් තවම පාර්ලිමේන්තුව විසින් අපේ නීති පද්ධතියට ඇතුළත් කරගෙන නැති සියලුම ගිවිසුම් අලුත් ව්‍යවස්‌ථාව සම්මත වී අවුරුදු දෙකක් ඉකුත් වූ පසු මෙරටේ නීති පද්ධතිය තුළට ස්‌වයංක්‍රීයව ඇතුළත් විය යුතු බවට මූලික අයිතීන් පිළිබඳ කමිටුව නිර්දේශ කර ඇත. මෙය 1998 දී නිසි සොයාබැලීමකින් තොරව අත්සන් කළ නමුත්, මෙම ලියවිල්ල නිසා ලංකාවේ ශේෂ්ඨාධිකරණය ජිනීවාහි මානව හිමිකම් කමිටුවට යටත් වන බවට පසුව ඇති වූ අවබෝධය නිසා පාර්ලිමේන්තුව විසින් අපේ නීතියට ඇතුලත් නොකර සිටි සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ප්‍රඥප්තියේ "අතුරු ලියවිල්ල" පස්‌සදොරෙන් අපේ නීතියට ඇතුළත් කිරීමට ගන්නා නිරුවත් උත්සාහයකි. ඒ ලියවිල්ල ලංකාවේ බලාත්මක වුවහොත් අපේ ශේ්‍රෂ්ඨාධිකරණය විදේශීය අධිකරණයකට යටත් වනවා පමණක් නොව මේ ආකාරයට අවිධිමත් ලෙස විදේශීය ගිවිසුම් ස්‌වයංක්‍රීයව අපේ නීතියට ඇතුල්වුවහොත් නීති පද්ධතිය තුළ විශාල වියවුලක් ඇති වීමද වැළැක්‌විය නොහැක.
10. මූලික අයිතීන් පිළිබඳ අනුකමිටුවේ ප්‍රධානම නිර්දේශයක් වන්නේ සිංහල හා දෙමළ භාෂා දෙකම ලංකාවේ රාජ්‍ය භාෂාවන් විය යුතු බවයි. 1957 දී එස්. ෙ-. වී. චෙල්වනායගම් කලාප සභා ක්‍රමය ඇති කිරීමට යෝජනා කළ අවස්‌ථාවේදී උතුරු හා නැගෙනහිර පළාත්වල බහුතරයක් දෙමළ බස කථාකරන ජනතාව වාසය කරන නිසා එම කලාප සභා දෙකේ පරිපාලනයේ භාෂාව දෙමළ විය යුතු බවත්, එම ප්‍රදේශවල ජීවත් වෙන සිංහල සුළුතරය වෙනුවෙන් සිංහල භාෂාව පාවිච්චි කිරීම සඳහා සාධාරණ විධිවිධාන යෙදීමට යෝජනා කළේය. එස්. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා විසින් මුළු රටටම ආදේශ කළේද එවැනි ක්‍රමයකි. එනම් සිංහල රාජ්‍ය භාෂාව වන අතර දෙමළ භාෂාව පාවිච්චි කිරීම සඳහා සාධාරණ විධිවිධාන යෙදීමයි. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව හින්දි වන අතර දෙමළ, මළයාලම්, බංගලි වැනි භාෂාවන් භාවිතා කිරීම සඳහා සාධාරණ විධිවිධාන යොදවා ඇත. දෙරටේම ක්‍රියාත්මක වන මේ සාධාරණ ප්‍රතිපත්තිය අනවශ්‍ය අත්හදාබැලීම් තුළින් විනාශ නොකළ යුතු යෑයි ආණ්‌ඩුවට අවවාද කර සිටීමට මම කැමැත්තෙමි.
ව්‍යවස්‌ථා සංශෝධන සම්බන්ධයෙන් මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කරන ලෙසත් බෙදුම්වාදීන්ට හා විදේශීය බලවතුන්ට අවශ්‍ය කාරණා සාකච්ඡා කිරීමට පෙර මේ රටේ ජනතාවට පසුගිය ජනාධිපතිවරණයේදී දුන් ප්‍රධාන ව්‍යවස්‌ථාමය පොරොන්දු මුලින්ම ඉටුකළ යුතු යෑයි මම යෝජනා කර සිටිමි. එමෙන්ම ඉහත සඳහන් වූ අතිශයින්ම හානිකර යෝජනා කිසිවක් අවසන් ව්‍යවස්‌ථා කෙටුම්පතට ඇතුළත් නොවනු ඇතැයි මම විශ්වාස කරමි. මේ ව්‍යවස්‌ථා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් මහනාහිමියන් නොමග යෑවීමට ශ්‍රීලනිප කණ්‌ඩායමක් යවා තිබීමෙන් පෙනෙන්නේ "බෙදීම" යන වචනය පාවිච්චි නොකර රට බෙදන මේ ව්‍යවස්‌ථා සංශෝධන හානිකර නොවන දෙයක් හැටියට මහා සංඝරත්නයටත්, මහජනතාවටත් හුවා දැක්‌වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ජාතිකවාදී ප්‍රතිරූපය පාවිච්චි කිරීමට දුෂ්ඨ වැඩපිළිවෙලක් දියත්වී ඇති බවයි.
තමන් මේ අවස්‌ථාවේදී එජාපයට වහල් වී සිටීම හේතුවෙන් ශ්‍රීලනිපය පසුගිය දශක හය මුළුල්ලේ දැරූ ප්‍රතිපත්ති පාවා නොදෙන මෙන් ආණ්‌ඩුවේ සිටින සියලුම ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගෙන් මම ඉල්ලා සිටිමි.
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ හිටපු ජනාධිපති.
යුතුකම සංවාද කවය

No comments:
Post a Comment