Monetag add

2021/07/15

අහම්බෙන් කැමරාවට හසු වූ විශිෂ්ට ඡායාරූප 20 ක්

0

1.කොක්කු රැගෙන ආ දරුවෙක්

 

02.”මම ඔයාට ගොඩාක් ආදරෙයි, මට ඔයාව කන්න ඕන!”

 

03.යින් සහ යැංගේ නැටුම

 

04.මොනතරම් සුභවාදී ට්‍රක් රථයක්ද!

 

05.පූස් උතුමාණන්

 

06.හම්ප්බැක් තල්මසෙකුගෙන් විස්මිත පැනීම

 

07.මෙම මව් අලියා තම පැටවුන් ගවයෙකුගෙන් ආරක්ෂා කරයි.

 

08.අකුණු මඟින් ගසකට වෙඩි තැබූ මොහොත.

 

09.”ඔහු ඉන්දියාවේ කේරළයේ අචන්කොවිල් වනාන්තරයෙන් හමු විය.”

 

10. දේවදූතයෙක්!

 

11.ලිස්සා යාම

 

12.ගොඩ්සිලාව නම්  ඔබ නොදැක්ක බව විශ්වාසයි.

 

13.ඇත්තෙන්ම එහි ඇත්තේ පැහැදිලි ජලය ය.

 

14.මොනතරම් අපූරු හමුවීමක්ද

 

15.-40°F දී උණුසුම් තේ විසිරවීම.

 

16.කලාත්මක පැනීමක්.

 

17.මෙම දැල්ල පීටර් පෑන්ගේ සහ ටින්කර්බෙල්ගේ රූප වලට බෙහෙවින් සමාන වේ. නැත්නම් ඇත්තටම ඒ ඔවුන්ද?

 

18.මෙය පිටසක්වලයින්ගේ පැමිණීමක් ලෙස ඔබට පෙනයිද ? නෑ. එය කුළුණක් අධික ලෙස හිරු කිරණට නිරාවරණය වූ ඡායාරූපයක් පමණි.

 

19.වාසනාවන්ත ඡායාරූප ශිල්පියෙකු ඔහුව හැපීමට මොහොතකට පෙර මෙම ඡායාරූපය ගෙන තිබේ.ඇත්තටම ඔහු වාසනාවන්තද?

 

20.දේදුන්න මෙම පින්තූරයේ මාතෘකාව විය යුතුය. නමුත් අකුණු මඟින් එක් ක්ෂණයේම මෙහි අවධානය දිනා ගනී.

නිරුවත් ඡායාරූප, ලිංගික දර්ශන සහ ශ්‍රී ලංකාවේ නීතිය: 'සමාජ ජාල ඔස්සේ හුවමාරු කර ගැනීමත් වරදක්'


Porn addiction of men in Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය,

"අප්ලෝඩ් කරන තැනැත්තා පමණක් නොවෙයි, බෙදා හරින තැනැත්තාත් වරදකරු වෙනවා"

වෙබ් අඩවිවලට අමතරව සමාජ ජාල සහ පණිවුඩ සේවා යොදා ගනිමින් ද ලිංගික කටයුතු සඳහා කාන්තාවන් අලෙවි කිරීම සිදු වන බව හඳුනා ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

"ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පිටු, ගිණුම්, ගෲප්, වට්ස්ඇප් ගෲප් ඔස්සේත් මේ කටයුතු සිදු වෙන බව වාර්තා වෙනවා," යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ BBC සිංහල සේවය වෙත කියා සිටියේය.

ඔහු ඒ බව සඳහන් කළේ ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අලෙවි කිරීම සඳහා අන්තර්ජාලය යොදා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

දැරිය අලෙවි කිරීම සඳහා යොදා ගත් බව පැවසෙන වෙබ් අඩවි 06 ක් මූලික වශයෙන් හඳුනා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

දැරිය ලිංගික කටයුතු සඳහා මිලට ගත් සහ ඊට අනුබල, ආධාර දුන් බවට සැක කෙරෙන අය අතර සමාජයේ සෑම ස්ථරයක්ම පාහේ නියෝජනය කරන පුදගලයෝ වෙති.

දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, ආරක්ෂක අංශ සහ වෛද්‍ය සේවයේ නිරත වූවන් මෙන්ම බෞද්ධ භික්ෂූන් ද ඒ අතර සිටින බව වාර්තා වෙයි.

පහත දැක්වෙන්නේ සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙතැයි පැවසෙන නිරුවත් සහ අසභ්‍ය දර්ශන සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම පිළිබඳ කෙටි විමසුමකි.

කුට්ටනය?

අන්තර්ජාලය හරහා කාන්තාවන් ලිංගික කටයුතුවලට විකිණීම ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව වරදක් වන අතර එය හඳුන්වනු ලබන්නේ කුට්ටනය (පුද්ගලයන් වෙළඳාම හෝ ජාවාරම) යනුවෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ පවසන පරිදි:

ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව පුද්ගලයෙකු විකිණීමට හෝ සැපයීමට හැකියාවක් නොමැත.

සමාජ ජාල ඇතුළු අන්තර්ජාල භාවිතය ඉහළ යාමත් සමග ඒවා යොදා ගනිමින් කාන්තාවන් සහ බාලවයස්කරුවන් ලිංගික ක්‍රියාවල යෙදවීමේ වර්ධනයක් දක්නට ඇත.

ලිංගික කටයුතු සඳහා පුද්ගලයන් අලෙවි කළ ඉහත කී වෙබ් අඩවි 06 ට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව මේ වන විට පෙනී ගොස් තිබේ.

'නිරුවත් පිංතූර, අසභ්‍ය වීඩියෝ, බ්ලූ ෆිල්ම් සහ පෝර්න් බෙදා හරින ගෲප්'

කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවිවලට අමතරව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පිටු, ගිණුම්, ගෲප්, වට්ස්ඇප් ගෲප් (කණ්ඩායම්) ඔස්සේ නිරුවත් ඡායරූප, අසභ්‍ය වීඩියෝ දර්ශන, නිල් චිත්‍රපටි හුවමාරු කර ගැනීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස නීතිඥ අජිත් රෝහණ පසුගියදා වැඩ භාර ගත් අතර ඒ සමග, අන්තර්ජාලය තුළ සැරිසරමින් අපරාධකරුවන් හඹා යාම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ඔහු පවසයි.

පොලිස් පරිගණක අපරාධ ඒකකය, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), ළමා හා කාන්තා කාර්යාංශය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

'ෆෝවර්ඩ් කිරීම, ෂෙයාර් කිරීමත් වැරැද්දක්'

අන්තර්ජාලය වෙත මුදා හැරෙන නිරුවත් දර්ශන සහිත හෝ අතිශය පුද්ගලික දර්ශන සහිත වීඩියෝවලට අදාළ යොමු (Link) ලබා දෙන ලෙස කෙරෙන ඉල්ලීම් ඇතැම් විට සමාජ ජාල තුළ ද දැකිය හැක.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අසභ්‍ය ප්‍රකාශන බෙදා හැරීම, තව කෙනෙකුට දීම වරදකි.

"විශේෂයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 286 වෙනි වගන්තිය යටතේ ළමුන්ගේ අසභ්‍ය දර්ශන, වීඩියෝ පට, ඡායාරූප බෙදා හැරීම වරදක්. ඒ වගේම අසභ්‍ය ප්‍රකාශන පනත යටතේත් එය වරදක්,"

"එවැනි නිරුවත් ඡායාරූප, නිල් චිත්‍රපට, වීඩියෝ දර්ශන තව කෙනෙකුට යැවීම, ෆෝවර්ඩ් කිරීම, ෂෙයාර් කිරීම එම නීතීන් යටතේ වරදක් බවට පත් වෙනවා," යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

"අප්ලෝඩ් කරන තැනැත්තා පමණක් නොවෙයි, බෙදා හරින තැනැත්තාත් වරදකරු වෙනවා. ඒ නිසා ඒ ගැන මතක තබාගෙන වැඩ කරන එක වැදගත් වෙනවා,"

'රිවෙන්ජ් පෝර්න්'

මේ අතර පෙම්වතුන්ව සිටියදී පටිගත කරන ලද අතිශය පුද්ගලික දර්ශන සහිත වීඩියෝ අන්තර්ජාලයට එක් කෙරෙන අවස්ථා දුලභ නොවේ. බොහෝ විට එසේ අදාළ වීඩියෝ අන්තර්ජාලයට මුදා හරින්නේ එම සබඳතාව බිඳී යාමෙන් පසු පළිගැනීමේ සහ අපහාස කිරීමේ චේතනාව මතය (රිවෙන්ජ් පෝර්න්).

Presentational grey line
Presentational grey line

එවැනි අවස්ථාවක දී කැමැත්තෙන් එම කාර්යය සිදුව ඇති බැවින් ඊට එරෙහිව නීතිය ආදේශ කිරීමේ හැකියාවක් නොමැති වුව ද ඉහත සඳහන් නීති යටතේ ඒවා බෙදා හැරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ පෙන්වා දෙයි.

"ඒවා නිරුවත් පිංතුර නම්, නිරුවත් දර්ශන නම්, වීඩියෝ පට නම් ඒවා බෙදා හැරියොත් අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ වරදක් සිදු කරනු ලබනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතේත් වරදක්,"

"ප්‍රධාන දේ තමයි කාන්තාවන් මේ ගැන අවධානයෙන් සිටිය යුතුයි. මේ වගේ අවස්ථා මගහැර ගන්න, 'Prevention is better than cure' කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා: 'ලෙඩේ හැදිලා සුව වෙනවට වැඩිය හොඳයි ලෙඩේ හදා ගන්නේ නැතුව ඉන්න එක'. ඒ පැත්ත ගැන සිතන්න. නීතිය ක්‍රියාත්මක කරනවට වඩා වලක්වා ගන්න උපරිම උත්සහ කළ යුතුයි."

"අපිට නීතිය ක්‍රියාත්මක කළ හැකියි. එහෙත් ඒ වෙද්දී ඇයට අපහාසවලට මුහුණ දීමට, ඇය ගැන සමාජයේ විවිධ මත පළ වීම වැනි සමාජය ඉදිරියේ අපවාදයට ලක් වීමට තිබෙන ඉඩකඩ වැඩියි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ ගැනත් කියවන්න:

2021/05/18

තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වේ

covid19 deaths in sri lanka yesterday - තවත් කොවිඩ් මරණ

කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 981කි.

එම රෝගීන් අතුරින් 7දෙනෙක් නිවසේදි හෝ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇති බව සඳහන් වෙයි.


2021/05/14

ඔංචිල්ලාවක ගෙල සිරවීමෙන් අවසන් ගමන් ගිය දෙදරු පියා


ඔංචිල්ලාවක ගෙල සිරවීමෙන්

මුන්දලම වේළුසුමනපුර ප්‍රදේශයේ දෙදරු පියෙකු ඔංචිල්ලාවක ගෙල සිරවීමෙන් මරණයට පත්වී තිබෙනවා.

මෙම ඔංචිල්ලාව ගසේ අත්තක ඇන්ටනා වයරයක ආධාරයෙන් සකස්කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

බුලත් විටක් සපමින් ඔංචිල්ලාවේ රැදි සිටියදී වයරය ගෙලෙහි පැටලි මරණය සිදුව තිබෙනවා.

ඔහුට වයස අවුරුදු 3ක කුඩා දැරියක් සිටින අතර දින 7 කට පෙර ඔහුගේ බිරිදට කුඩා බිළිදියක් උපත ලබා ඇති බව සඳහන්.

පිළිකාවකට ගොදුරුව සිටින මව හා මරණයට පත්වු සොහොයුරෙකුගේ ආබාධිත දරුවාද රැක බලා ගෙන ඇත්තේ මරණයට පත්වූ පුද්ගලයා යි.

මෙරට කොරෝනාවෙන් මසකට අඩුම 600ක්.. මාස කිහිපයකින් දහස් ගණනක් මියෙනු ඇතැයි පුරෝකතන කෙරේ.


මෙරට කොරෝනාවෙන් මසකට අඩුම 600ක්.. මාස කිහිපයකින් දහස් ගණනක් මියෙනු ඇතැයි පුරෝකතන කෙරේ…





කොරෝනා වසංගතය මෙරට තුල පැතිරීම වෙනස්වන බවක් පෙනෙන්නට නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ විධායක කමිටු සාමාජික ප‍්‍රසාද් කොලඹගේ මහතා පවසන්නේ පවතින තත්ත්වය මත මසකට රෝගීන් හයසීයක් පමණ මරණයට පත් වීමේ ලකුණු පෙනෙන්නට ඇති බවයි.

වෛරසය පාලනය සඳහා සෞඛ්‍ය අංශ විසින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන එතරම් විශ්වාසයක් තැබිය නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

සෞඛ්‍යය ධාරිතාව යනු ඇඳන් පමණක් 

2021/03/31

කොළඹ ට්‍රැෆික් අඩු කරන්න කණු මත දුම්රිය මාර්ග 04 ක් හදන්න අනුමැතිය



කොළඹ නාගරික සීමාවේ රථ වාහන තදබදයට පිළියම් ලෙස කණුමත දුම්රිය මාර්ග 4ක් සෑදීමට යෝජනා වී තිබෙනවා.

ඒ සඳහා කැබිනට් අනුමැතියද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

2020/12/07

මහ පාරේ පවුලක් වැනසූ නරුමයා ටික් ටොක් දමන්න රේස් පැදපු පුද්ගලයෙක්


     
bike

මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේ මෝසස් පටුමඟ අසල පදික මාරුවේදී දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ යතුරුපැදිකරු සමාජජාලා ගිණුම් වල පළ කිරීම සහ මුදල් ඔට්ටු තබා රේස් පැදීම සිදු කරන පුද්ගලයෙක් බව හෙළිවෙනවා.

ලහිරු ෆර්නැන්ඩෝ නම් විසිහැවිරිදි සැකකරු පුරුද්දක් වශයෙන් සෑම දිනකම රාත්‍රීයේ මහා මාර්ග වල අධික වේගයෙන් රේස් ධාවනය කර තිබේ. 

එවන් අවස්තාවන්හි වීඩියො පටිගත කර ෆේස්බුක්, ටික් ටොක් වැනි සිය සමාජජාලා ගිණුම් වල පළ කිරීමටද මෙම පුද්ගලයා කටයුතු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අධික වේගයෙන් රිය පදවා ඇති සැකකරු මීට පෙරද රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දඩ නියම වූ අයෙකු බවයි.

මේ අතර මාධ්‍ය ඇමතු මෙම විසි හැවිරිදි පුද්ගලයාගේ පෙම්වතිය ප්‍රකාශ කළේ රිය අනතුරක් සිදු කර දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ සිය පෙම්වතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසත්, එම පවුලට මුදලින් උපකාර කිරීමට තමන් සුදානම් බවය.

මෙම අනතුරින් ගැබිනි මවක් වූ අදාල අනතුරකට ලක් වූ කාන්තාවගේ කුස තුල සිටි දරු ගැබද අහිමි වී තිබේ.

129709075_297922368214287_2662786231304103364_n

129935356_761416024719615_3185526496799112728_n

130192003_1021428815026660_6542978957612934870_n

130468305_394626005305494_1572612474619947212_n

2020/09/06

බන්දුල ඒකත් ගොඩදායි ද?



බන්දුල ගුණවර්ධන !

මතකයිනේ ?

ඕ ලෙවල් කාලේ තමන්ට වෙන්නේ මොකද්ද කිය කියා සිතා ඉද්දී ජීවිතය ජයගන්නට තාක්ෂණික විෂය නම් අලූත් පාරක් තනලා දුන්නු අධ්‍යාපන ඇමතිතුමාව…

මතකයිනේ ?

විසිහතර පැයේ නිකං ඇරලා දාලා කාබාසිනියා කරපු සතොසට යළි පණ දීපු වෙළෙඳ ඇමතිතුමාව…

මතකයිනේ ?

රට පුරා ආර්ථික මධ්‍යස්ථාන හදලා ගෙදර කුස්සියට නැවුම් හා සාධාරණ මිලට එළවළු, පලතුරු ගන්න පුළුවන් සිස්ටම් එකක් හදපු වෙළෙඳ ඇමතිතුමාව…

දෙන දෙන වැඩේ ගොඩ දාන බන්දුල වගේ ඇමතිවරයෙක් මේ තුන් ලෝකේ කොයි කැබිනට්ටුවකවත් සිටියාද, සිටිනවද කියලා දන්නේ දෙයියෝ තමයි. ඒ තරමටම ඔහු ඉපදිලා තියෙන්නේ “වැඩ ගොඩ දාන්නම” කියලයි අපට නම් හිතෙන්නේ. සංසාර පුරුද්දක් වගේ ගේන ඒ “වැඩ කිරීමේ කලාවයි, out of box සිතීමේ හැකියාවයි” නිසා තමයි ඔහුට එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

මේ දවස්වල රට හැමතැනම කතාවෙන්නේ දේශීය ආර්ථිකයක් ගැන. යුඑන්පී, ශ්‍රී ලංකා, වම, දකුණ කියලා භේදයක් නෑ. කොයි කවුරුත් කතා වෙන්නේ අපේ රට ගොඩ දාන්නේ කොහොමද කියලා. අපේ ජනාධිපතිතුමායි, අගමැතිතුමයි මේ පාර කැබිනට්ටුව හදද්දි “දෙයක් වේ නම් සුදුස්සාටම හිමිවිය යුතුය” යන ආදර්ශ පාඨයට මුල්තැන දීලා වගේ හදලා තියෙන්නේ. ඒ නිසා වෙන්නැති රටේ වෙළඳාම පිළිබඳව වගකීම බන්දුලට ම පවරන්නට ඇත්තේ. ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු ! ආර්ථික විද්‍යාව තම ජිවිතයම කර ගත්තු අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා රටේ වෙළඳ ඇමතිවරයා කරවීමෙන් ජනාධිපතිතුමා කර ඇත්තේ අශ්වයාගේ කරට රොකට් එකක් හයි කරා වගේ වැඩක්.

බන්දුල ගුණවර්ධන කියන්නේ උපන්ගෙයි සුපිරි චින්තකයෙක්. රටක් ගොඩ දාන්න අපනයන වර්ධනය කරන්නේ නැතුව බැහැ කියන දේ ඔහු කියන්න පටන් ගත්තේ අපි කවුරුත් ඉපදෙන්නටත් කලියෙන්. ඉතින් ඔහු වෙළෙඳ ඇමැතිවරයා උනාම ඉස්සෙල්ලාම හොයලා බැලුවේ අපේ රටේ හදලා, රට යවන්න පුළුවන් දේවල් මොනවද කියලා. අන්න එතෙන්දි තමා ඔහුට “ත්‍රෛලෝක විජය පත්‍රම්” මුණගැසෙන්නේ.

            ඔබ කවුරුත් දන්න වචනයෙන් කිව්වොත් කංසා. එහෙම නැත්නම් මරුජුවානා, KG, Cannabis.

ගංජ කාරයෙක් කියලා මිනිසුන් තමන්ගේ මුඛයෙන් නොව අධෝමුඛයෙන් කතා කරන කංසා ගැන ඇයි ප්‍රබුද්ධ, බුද්ධිමත් හා ජාතියට මහා දූ දරු කැලක් බිහි ගුරුවරයෙකු ලෙසින් බන්දුල වගේ කෙනෙක් හොයන්න පටන් ගත්තේ.

ඇත්තටම ගංජා කොලේට මුවා වෙලා ඇමෙරිකන් සුද්දා ලෝකෙට කරපු වින්නැහිය තමා අපිට එහෙම හිතන්නත් පුරුදු පුහුණු කෙරේ.

කංසා මුලින්ම හොයා ගන්නේ මීට අවුරුදු 12,000 කට විතර කලින් චීනයේ අල්තායි කදුවැටිය ගංගා නිම්නයේදී. චීන්නු ලෝකෙ මුල්ම කඩදාසිය හැදුවෙත් මේ කංසා සහ මල්බෙරි එකට එකතු කරලා. අපේ ආයුර්වේද ප්‍රතිකර්ම වල අර්ශස් රෝග, ශ්වසන  රෝග හා කාන්තාවන්ගේ මාසික ශුද්ධි වේදනාව සමනයටත් කාලාන්තරයක් තිස්සේ මේක යොදා ගත්තා. ඒ වගේම අතීතය ඉදන් ගොඩක් නිර්මාණකරුවන් හා ලෝකය දෙස හරිම අපූරුවට දකින්න කැමැති පුද්ගලයන් මේවා තම මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්නත් භාවිතා කරා.

කංසා කියන්නේ මීටර් දෙකක් උසට වැඩෙන, ඒකටම ආවේණික රසායනික ද්‍රව්‍ය අසූවක් හා ඉතා වටිනා රසායනික ද්‍රව්‍ය 365 ක් පවතින ශාකයක්. අතීතයේ මෙය ගෘහණියන් මස් පිසීමේදී මස් මෘදු වෙන්නත් යොදා ගත්තා. ඒත් අද වන විට හෙරොයින්, අයිස් වැනි මත් ද්‍රව්‍ය වලට සලකන හැන්දෙන්ම තමා මේ කන්සා වලටත් සලකන්නේ.

සැබැවින්ම කංසා කියන්නේ ඖෂධයක්. නවීන විද්‍යාවේ පිළිකා සෛල විනාශ කරන ප්‍රතිකාර වලට, මානසික ගැටලු නිරාකරණය කරන්න වගේම පාකින්සන් වැනි ස්නායු රෝග වලට බෙහෙතක් විදියටත් නූතන බටහිර ලෝකයේ පවා මේ කංසා යොදාගන්නවා. කංසා වලට 2019 වර්ෂයේ විතරක් ඇමරිකන් ඩොලර් බිලියන 9.1 ක ජාත්‍යන්තර වෙළෙඳපොළක් ලෝකය තුළ නිර්මාණය වෙලා තිබුණා.

අද වර්තමානයේ ඖෂධයක් විදියට පමණක් නෙවෙයි එය ප්‍රයෝජනයට ගන්නේ. කංසා ඇට වලින් ප්‍රංශය මේ මොහොත වන විටත් තෙල් හදනවා. පිටි හදනවා. කංසා ශාකයේ කදේ පොත්තෙන් නූල්, රෙදි, ප්ලාස්ටික් හදනවා. අරටුවෙන් කඩදාසි, කොම්පෝස්ට් පොහොර හදනවා. යුරෝපා රටවල් තෙල් සායම් හදන්න, වාර්නිෂ්, සබන්, ෂැම්පු, මුද්‍රණ තීන්ත හදන්න විතරක් නෙවෙයි ඉන්ධන හදන්නත් මේ කංසා යොදාගන්නවා. අපේ සමහරු දොහොත් මුදුන් දී වැදන් ඉන්න මේ බටහිර රටවලත් කංසා ශාකය නීති ගත වෙලා තියෙනවා. ( කොන්දේසි සහිතව සහ රහිතව ) සුද්දෝ අපට එපා, එපා කියා කංසා වලින් වැඩ ගන්නේ එහෙමයි !

මේක ඇත්තටම ඇමරිකන් කුමන්ත්‍රණයක් ! 1900 මුල් කාලය වෙද්දී ඇමෙරිකාව කාර්මික නිෂ්පාදන අතින් ලෝකෙ ඉදිරියටම පැමිණෙමින් සිටියා. ඔවුන් ලී කුඩු යොදා ගනිමින් කඩදාසි, ඖෂධ, ඉන්ධන, රෙදි වර්ග හදන තාක්ෂණයන් දියුණු කරමින් සිටියා. ඒත් එක පරහක් ඔවුන්ට තිබ්බා. ඒ ලෝකය පුරාම ඒ වෙද්දීත් කංසා වලින් ඒ නිෂ්පාදනම කරනවා. ඉතින් ඇමරිකාවට ඕන වුණා ලෝකය පුරාම කතාවක් යවන්න කංසා මිනිසාට අහිතකරයි කියලා. එහෙම කරලා කංසා ශාකය ලෝකේ භාවිතයෙන් අයින් කරලා තමන්ගේ නිෂ්පාදන ලෝකයට විකුණන්න තමා ඔවුන් සැලසුම් කරේ. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාව තව තවත් බලවත් වුණා. ඒ බලය යොදාගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය බළල් අතක් කරගෙන කංසා ශාකය ලෝකය පුරා තහනම් කරා. ඒකට සංස්කෘතික වශයෙනුත් පහර දුන්නා. සුද්දන් කියන්නා ඕනෑම දේකට Yes, sir ! කීමට සැරසී සිටිනා කළු සුද්දන් ඒකට උදව් කරා. අපේ රටෙත් ඉන්නා කලු සුද්දෝ තමන්ගේ duty එක උපරිමයෙන් කරා. නීති තනන සහ ක්‍රියාත්මක කරන කළු සුද්දන් ද ඔවුන්ගේ වගකීම සීයට සීයක් ඉටු කරා. ඒ විදියට තමයි කංසා ශාකය ශ්‍රී ලංකාවේ නීතියෙන් සහ ජන මනසෙන් දෙකෙන්ම තහනම් දෙයක් වුණේ.

Grand View පරීක්ෂණ ආයතනය පුරෝකතනය කරන විදියට 2027 වර්ෂයේදී කංසා ශාකය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 73.6 ක වෙළඳපොලක් ලෝකය තුළ නිර්මාණය වේ යැයි අපේක්ෂා කරනවා. සැබැවින්ම ඇමරිකන් ඩොලර් බිලියන 73.6 ක් කියන්නේ අපි වගේ චුට්ටි ආර්ථිකයකට මහා සාගරයක් වගේ.

ඉතින් මේ වැළලුණු කතාව ගොඩ අරන් ඒකේ සත්‍ය පාදගත්තු බන්දුල ගුණවර්ධනයන්ට සිතන්නට ඇති කංසා වගා කර අපනයනය කිරීමෙන් අපේ රටටත් විදේශ විනිමය ගේන්න පුළුවන් නේද කියලා. මේක ගැන හොයන්න රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයත් දැන් පෙරට ඇවිල්ලා ඉන්නවා. ඒක හොද දෙයක්.

බන්දුල ඇමතිතුමා මේ හදන්නේ අපේ ගමේ ගුණපාලට, ටවුමේ චොප්පේ අයියට ගංජා සුරුට්ටු පොවන්න නම් නෙමෙයි. ඔහු පෙන්වා දෙන්නේ විදේශ විනිමය සඳහා පූර්ණ රාජ්‍ය අධීක්ෂණය යටතේ අපනයනයට කංසා වගා කළ හැකි බවයි.

රටක් ගොඩනැගීම සඳහා ගත යුත්තේ ප්‍රසිද්ධම තීරණය නොව සුදුසුම තීරණයයි. ඒ බව බන්දුල ගුණවර්ධනගේ අතීත දේශපාලන භාවිතයෙන් අපට පෙනී යයි. අපේ රටේ මෙවැනි දේශපාලනඥයන් තව හය හත් දෙනෙකු හෝ රටේ සිටියා නම් මේ රට සිංගප්පූරුවක් වී දැන් බොහෝ කල්.

කොයි මගුලේත් ඇද දකින අපේ කළු සුද්දන්ට, සුදු මහත්වරුන්ගේ කංසා තහනම ඉරා ගන්නට කොන්දක් තිබේ දැයි අප නොදනිමු. එහෙත් ඒ කටයුත්ත බන්දුල වැනි මිනිසෙක් කරට අරගෙන ඇති නිසා එය විය නොහැක්කක් යැයි කිව නොහැකි ය. මන්ද, බන්දුල යනු කළ නොහැකි බොහෝ යහපත් දේ, අතීතයේ සාර්ථකව සිදු කෙරූ වැඩ්ඩෙක් නිසාය.

එවන් මිනිසෙක් රටට, ජාතියට වාසනාවක් බව පසක් වන්නේ එම තීරණවලින් ප්‍රතිලාභ ලබන නූපන් ඊලග දූදරු පරම්පරාවටයි.


උපුටා ගත්තේ  සසංක වීරරත්නගෙන්

2020/09/01

ගංජා රට යැව්වොත් සියලු අපනයන පරාදයි – ආචාර්ය බන්දුල ගුණවර්ධන


ගංජා පදනම් කර ගනිමින් ඖෂධ නිෂ්පාදනය කොට අපනයනය කළහොත් සියලුම අපනයන භාණ්ඩවලට වඩා වැඩි විදේශ විනිමයක් උපයාගැනීමට හැකිවනු ඇතැයි පශ්චාත් උපාධි පර්යේෂණාත්මක නිබන්ධනයක් මගින් පෙනවා දී ඇති බව වෙළඳ අමාත්‍ය අආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. විස්මයට පත්වන සටහන් කලාවක් සහිත ඉතා ශක්තිමක් ලෙස අධිරාජ්‍ය විරෝධීන්ට එරෙහිව සටන් වැදීමට කංසා භාවිතා කළ නිසා අධිරාජ්‍යවාදීන් විසින් ලංකාවේ කංසා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ බව පැවසූ අමාත්‍යවරයා ලෝකයේ වනත් රටවල ඉතා බහුල අපනයන භාණ්ඩයක් ලෙස කංසා භාවිතා වන බව පෙන්වා දුන්නේය.

සාම්ප්‍රදායික බටහිර වෙළඳපොළ වෙනුවට අප්‍රිකානු මෙන්ම ආසියානු ජාත්‍යන්තර වෙළඳපොළ කරා ගමන් කිරීමට මෙරට වෙළඳපොළ විවිධාංගීකරණය කළ යුතු යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. අලුත් ලෝකයේ නව තාක්ෂණය සහිතව නවීකරණය වූ අපනයන ක්‍රමයක් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු අවධානය යොමු කළ යුතු බවද අමාත්‍යවරයා කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.