2017/01/14

හොරා හොරා කියූ මහින්ද සමයේ හාල් කිලෝව 60යි.. දැන් 110යි.. කොස් කොල ක්‍රෝටන් කොල කන්නලූ.. අපි එළුවොද.. ඩලස් යහපාලනේ රෙදී ගලවයී.(video)


හොරා හොරා යයි කියූ මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ සහල් කිලෝවක උපරිම මිල වුයේ රුපියල් 60ක් බවත් අද යහපාලනය යටතේ සහල් කිලෝව 110 තෙක් වැඩිවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක‍්‍රියාකාරී හමුවක් අමතමින් ඔහු කියා සිටියේ දැන් ආණ්ඩුව අපට කොස් කොල ක්‍රෝටන් කොල කෑමට සූදානම් වන්නැයි කියන බවයි. ආණ්ඩුව සිතාගෙන ඉන්නේ ජනතාව එළුවන් කියා බවද ඔහු එහිදී සදහන් කලේය.


  

ඇමති තුනක් ඉල්ලා අස්වෙයි.. 27දා මහින්දගේ නුගේගොඩ වේදිකාවේ..?? සිරිසේන ඩැඩි කනස්සල්ලෙන් (EXCLUSIVE)


මේ මස 27 වැනිදා හිටපු ජනපති මහින්දගේ ප‍්‍රධානත්වයෙන් නුගේගොඩදී පැවැත්වෙන 'පෙරළියක ඇරඹුම’ ජන රැළියේ වේදිකාවට ආණ්ඩුවේ ශ‍්‍රිලනිප ඇමතිවරුන් තිදෙනෙකු ගොඩවීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම තිදෙනා සිය ඇමති ධුරයෙන්ගෙන්ද ඉල්ලා අස්වනු ඇතැයිද දැන ගන්නට ඇත. කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් තමනට එරෙහිව පොලිස් පරීක්‍ෂණ ඇරඹෙනු ඇති බවට අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවේ ප‍්‍රබලයින් විසින් අනියම් ලෙස තර්ජනය කල බවද එක් ඇමතිවරයෙක් ඒකාබද්ද විපක්‍දයේ ප‍්‍රබලයෙකු වෙත දන්වා තිබේ.

2017/01/12

බැඳුම්කර සිද්ධිය ගැන විවාදයක් 24දා[SlPastNews]

   බැඳුම්කර සිද්ධිය ගැන විවාදයක් 24දා

sinhala fb




මෙම මස 24 වනදා බැඳුම්කර සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතබව පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

රනිල් ඔයත් ජම්පරේ අදින්න ලෑස්ති වෙලා ඉන්න - ජාතික නිදහස් පෙරනුණ

අපේ ආණ්ඩුවක් යටතේ රනිල්ට ජම්පරේ අන්දනවා





තම පක්ෂයේ ආණ්ඩුවක් තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජම්පරේ ඇන්දවීම අනිවාර්යෙන්ම සිදු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා පවසයි. 

විමල් වීරවංශ මහතාගේ වචන යහපාලන ආණ්ඩුවට විශාල ගැටළුවක්වීම හේතුවෙන් ඔහුව මෙලෙස සිර බාරයට ගැනීමට කටයුතු කළ බව ඒ මහතා අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය. 

ඒ අනුව ඊයේ (10) දින වීරවංශ මහතාට අභූත චෝදනා එල්ල කරමින් බන්ධනාගාර ගත කරනු ලැබුවේ ලබන 22 දා පැවැත්වෙන පක්ෂ සමුළුවට බිය වූ නිසා බව හෙතෙම පැවසුවේය.

මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළ උපදෙස් ලබාදීමේ චෝදනාවක් වත්මන් අග්‍රාමාත්‍යවරයාට ඇති බවත්, එම චෝදනාව මෙන්ම වීරවංශ මහතාට ඇත්තේද උපදෙස් ලබා දීමේ චෝදනාවක් බවත් ඔහු කියා සිටියේය.

 ඒ අනුව ඉදිරියේදී තම පක්ෂයේ ආණ්ඩුවක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතාටද මේ ආකාරයේම කටයුතු කිරීමට සිදුවනු ඇතැයි ඔහු අනාවරණ කළේය.

නිවාස අමාත්‍යංශය විමල් විරවංශ මහතා බාර ගන්නා අවස්ථාවේදී පාඩු ලබමින් තිබු බවත් එය වැඩි දියුණු කළේ විමල් වීරවංශ මහතා බවත් ඒ මහතා පෙන්වා දුනි.

එමෙන්ම වත්මන් ආණ්ඩුව මේ වන විට වංචා සිදු කරමින් තිබෙන බවත්, ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ යුතු ස්ථානවලට දැනුම් දී තිබුණද මෙතෙක් ඒ සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලැබී නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 එම මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා කියා සිටියේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය තුළ අර්ජුන් මහේන්ද්‍රන් ක්‍රියා කළේ  අගමැතිවරයාගේ උපදෙස් අනුව බවයි.

ඒ ආකාරයෙන් බලන විට අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා බන්ධනාගාර ගත කිරීමට සිදුවන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

2017/01/11

මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නෙ මං විතරද? -මෛත්‍රී අහයිද? - ඇමති බන්දුල පවසයී (Video)

  මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නෙ මං විතරද? -මෛත්‍රී අහයිද?




වසර ආරම්භයේදීම මෙරට ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් දැවැන්ත මර්දනකාරී භීෂණ යුගයක් මාගම්පුරෙන් ආරම්භ කර ඇති බවත්, ඉතිහාසේ සිද්ධ වුණු දේම නැවත සිද්ධ වෙමින් පවතින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

1815 වර්ෂයේ කන්ද උඩරට ගිවිසුමෙන් ලංකාවේ ආර්ථිකය කඩා වැටීම හේතුවෙන් චීවරය හා සම්බුද්ධ ශාසනය විනාශ වූ බවත්, ඊට වසර 100කට පසු 1915 වසරේදී විජාතිකකරණයට එරෙහිව හඬ නැඟූ ධර්මපාලතුමා වසර 6කට හිරේ දැමූ බවත් ඒ මහතා කියා සිටියේය.

 එයිනුත් වසර 100කට පසු 2015 වසරේදී රටේ ස්වර්ණමය යුගය අවසන් කර රට විකුණමින් ස්වාමීන් වහන්සේලාගේ ඔළු පලා සිවුරු ගිනි තබා නින්දිත ප්‍රහාරයක් මේ ආණ්ඩුව විසින් එල්ල කළ බවත් ඒ මහතා පැවසීය.

එතුමා මේ බව පැවසුවේ අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පවසා සිටියේය.

“අගමැතිතුමා දැන් ආර්ථික වර්ධනයේ සියලු දේවල් ජනාධිපතිතුමා අභිබවලා තමන්ගේ අතට අරන් තමන්ගේ හිතවතුන් සමඟ එකතු වෙලා තමන්ගේ විරුද්ධවාදියාට එරෙහිව භීෂණය ක්‍රියාත්මක කරනවා. ආර්ථික කටයුතු සඳහා සුපිරි ඇමතිකමතක් ගේන්න එතුමා පසුගියදා උත්සාහ කළා . මේ අළුත් පනත අනුව තමන්ට විරුද්ධ වෙන ඕනෑම අයෙකුගේ ඔවුන්ගේ ප්‍රජා අයිතිය විශේෂ අධිකරණයක් මඟින් අහෝසි කරන්න තසූදානම් වෙනවා. ඉතිහාසයේ දී එජාපය එක පාරක් කරපු දේම තමා මේ කරන්නෙ. මේ අලුත් මර්දනකාරී පනත අනුව මහින්ද ගෝඨාභය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සියළු දෙනාටම ඡන්දය ඉල්ලන්න බැරි තත්ත්වයක් තමා හදමින් තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒකාධිපති වෙන්න හදන වැඩපිළිවෙළක් තමා මේක.

ඡන්දයට කලින් කිව්වා වොක්ස් වැගන් ගෙනල්ලා රැකියා දස ලක්ෂයක් දෙනවා කියලා. ඒකෙ ආයෝජනය කරන්නේ ඩොලර් මිලියන 26යි. ඒත් කටුණායක ගුවන් තොටුපොළ හදන්න යනවා ඩොලර් මිලියන 48ක්. සොච්චම් මුදලක් මේ විදිහට ගෙනල්ලා බොරු ප්‍රෝඩාවක් තමා මේ කරන්නේ. 

පසුගිය වසර දෙකේ රනිල් වික්‍රමසිංහ තනි තීරණ අරන් තමා වැඩ කළේ. අක්කර 15000ක් හම්බන්තොට ඉඩම් ගන්නකොට පොළොන්නරුවට එන්න මා පොළොන්නරුවෙන් ඉඩම් දෙන්නම් කර්මාන්ත දෙන්නම් කියලා ජනපතිතුමා කිව්වා. ජනාධිපතිතුමා කොයිතරම් උගුලකටද අහුකරලා තියෙන්නෙ කියලා දැන් තේරෙනවා.

මට නුඹ විතරක් වුණාට නුඹට ඉන්නෙ මං විතරද කියලා ඊට පස්සෙ තමා ජනාධිපතිතුමා අගමැතිතුමාට කියන්නෙ. ඉතිහාසෙම මෙහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. නමුත් මහින්ද නම් මටත් මොනවහරි දෙන්න කියලා දිමුගෙන් කවදාවත් මෙහෙම ඉල්ලුවෙ නෑ. රටේ ප්‍රශ්නෙකදි ජනාධිපතිතුමාට මැදිහත් වෙන්න බැරි තත්ත්වයක් තමා අද උදාවෙලා තියෙන්නෙ.

5000 නෝට්ටු සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට පුළුවන් වෙන්න ඔනේ මුදල් ඇමතිතුමාට කියලා විධානයක් නිකුත් කරලා මේ ගැන සොයලාබලන්න. දැන් 5000 නෝට්ටු ළඟ තියෙන ජනතාව පවා බය වෙනවා ඒ නිසා තමන්ට හිරේ යන්න වෙයි කියලා. මහ බැංකු අධිපතිතුමාකියනවා ඒකාබද්ධ විපක්ෂයේ ලිපිය අනුව ඒ ගැන පුළුල් පරීක්ෂණයක් කරනවා කියලා. ඔහු දේශපාලනඥයින්ට ගැති වෙන්න ඕනෙ නැහැ. ඔහු හරිදේ කරන තෙක් අපි ඔහු සහ ලංකාවේ බැංකු ක්‍රමය ආරක්ෂා කරනවා. නමුත් අද පවතින තත්ත්වය අනුව මහ බැංකු අධිපතිවරයටත් කියන්න බැරි තත්ත්වයක් තමා තියෙන්නෙ.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා මෙසේ සඳහන් කළේය.

“අද රටේ සිද්ධ වෙන දේවල් අදහා ගන්න බෑ. රනිල්  දින තුනකට කලින් මුල් ගලක් තියලා විවෘත කිරීමක් කළා. ඒත් ජනාධිපතිතුමා කියනවා මෙතන ගිවිසුමක් නෑ කියලා. එහෙනම් කොහොමද මෙතන මුල් ගලක් තියන්නෙ.

ජනාධිපතිතුමා කියනවා කවුද මේ අක්කර 15000 ගැන කතා කරන්නේ මට එහෙම පෙන්නන්න ලියවිල්ලක් තියෙනවා නම් කියලා. එතකොට එදාම සුජීව සේනසිංහ මල්වත්තෙ හාමුදුරුවො හම්බෙලා කියනවා අපි අනිවාරයෙන්ම අක්කර 15000 දෙනවා කියලා. මේක මුලාවක්. ඇස් බැන්දුමක්. ජනතා විරෝධය මැද්දේ මේ ආරම්භ කරන ව්‍යාපෘතිවල අනාගතය මොකක්ද කියලා අපි අහනවා. 

හම්බන්තොට සිද්ධිය සම්බන්ධයෙන් අපි නීතීඥයොත් එක්ක කථා කරලා පොලීසියට එරෙහිව උසාවි යන්න ක්‍රියාමාර්ගයක් ගන්නවා. ගලක් උස්සගෙන හිටපු පුද්ගලයෙක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. ඒ වගේම රෝහල් ගත විය යුතු තරමටම ගෙදර ඇතුළෙ  හිටිය ළමයෙක්ටත් කඳුළු ගෑස් වැදිලා තිබුණා .

පූජිත් අගමැතිතුමා වෙනුවෙන් මේ කරන දේවල්වල සීමාවක් තිබිය යුතුයි. පොලිස්පතිතුමාගේ මේ ක්‍රියාදාමය හරහා පොලීසියේ කීර්ති නාමයටත් හානියක් වෙන විදිහට තමා දැන් වැඩ කරන්නෙ.වොක්ස් වැගන් එන්න හිටියා කියලා දැන් කියනවා රජය එන්න එපා කිව්වලු. ආයෝජන මණ්ඩලේ වෙබ් එකේ අදටත් තියෙන්නෙ වොක්ස් වැගන් ලංකාවට එනවා රජයේ ඉල්ලීම මත කියලා. “

2017/01/09

හම්බන්තොට නොසන්සුන් කාරී තත්වය පක්ශක්ග්‍රාහීයි. පොලිසියට විරුද්දව නඩු - ශ්‍රීලංකා පොදුජන පෙරමුණ

 හම්බන්තොට සිද්ධිය-පොලීසියට එරෙහිව අධිකරණයට යනවා





හම්බන්තොට - මිරිජ්ජවිල ප්‍රදේශයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර විරෝධතාකරුවන් විසුරුවාහැරීමේදී පොලීසිය කටයුතු කළ ආකාරය පක්ෂග්‍රාහී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. 

පොලීසි විසින් සිදු කළ එම ක්‍රියාකලාපයට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජි.එල් පීරිස් මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

මේ අතර හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබද පාර්ලිමේන්තුවේද අවධානය යොමුවී තිබේ.

එහිදී මිරිජ්ජවිල ප්‍රදේශයේ ඇති වූ සිදුවීම පිළිබඳ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා යොමු කළ පැනයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් හටගත් බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.

බටලන්දේ රනිල් සහ රාජිත උග්‍ර මර්ධනයන් කරන්න බලාගන ඉන්නවා - ඇමති වාසුදේව

උග්‍ර මර්දනකාරී අවස්ථාවක් එනතුරු පාලකයින් බලාගෙන ඉන්නවා




ආණ්ඩුවේ පාලකයින් විසින් බලා සිටින්නේ උග්‍ර මර්දනකාරී අවස්ථාවක් එනතුරු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. 

රාජිත සේනාරත්න මෙන්ම බටලන්ද වධකාගාරය පිළිබඳ අපකීර්තිමත් ඉතිහාසයක් ඇති රනිල් වික්‍රමසිංහ ද එවැනි අවස්ථාවක් එනතුරු බලා සිටින බව හෙතෙම කියා සිටියේ අද (09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“අද බැලුවොත් රට පුරාම ජනතාවගේ විරෝධයන් දකින්න පුළුවන්. හම්බන්තොට වුණා වගේ ආණ්ඩුව චණ්ඩි ගෙනල්ලා තියෙනවා. ඒ චණ්ඩින්ට මොකුත් තුවාල වෙලා නෑ. දැන් කියනවා ඒ චණ්ඩින්ට අපි ගල් ගැහුවලු. ඒ නිසාලු කෝලාහලයේ ආරම්භය ඇති වුණේ. එහෙනම් ආණ්ඩුවේ ආධාර කරුවනුත් රෝහල්වල ඉන්න  ඕනෙනේ.

සමස්ත ලංකා ජන අරගලයට ආණ්ඩුව අලුත් අවුරුද්දේ අපිට කැඳවීමක් කරලා තියෙනවා. ඒ හැර අද වෙන මාවතක් ජනතාවට නෑ.  ආණ්ඩුව ගෙනියන්න පුළුවන් වෙන්නෙ මහා කෝලහාල මැද්දේ.

අද ආණ්ඩුවට මේ වගේ ලොකු උත්සවයක් තියන්න වෙන්නෙ ලොකු ජන කෝලහාල මැද්දෙ. මේක තමයි අනාගතය ගැන ආණ්ඩුවට ලැබුණු සංඥාව. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා පළාත් පාලන ඡන්දය තියන්න. ඒකෙන් මේ රටේ අනාගතය තීරණය වෙන්න ඉඩ හරින්න දෙන්න කියලා අපි ඉල්ලනවා.

ආණ්ඩුව අද උග්‍ර මර්දනකාරී අවස්ථාවක් එනතුරු මග බලාගෙන ඉන්නේ. රාජිත සේනාරත්න වගේම බටලන්ද වධකාගාරය ගැන අපකීර්තිමත් ඉතිහාසයක් ඇති රනිල් වික්‍රමසිංහත් බලාගෙන ඉන්නේ ඒ අවස්ථාව එනතුරු තමා.

මෙම අවස්ථාවට එක්වුණු සමාජවාදී ජනතා පෙරමුණේ මහලේකම් රාජා කොල්ලුරේ මහතා මෙසේ අදහස් පළ කළේය.

“ආණ්ඩුව යෝජනා කරලා තියෙන හැමදේම තියෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක.
හම්බන්තොට ගිවිසුමක් නෑ කියලා නැති ගිවිසුම්ක් පදනම් කරගෙන කාර්මික කලාපයක් විවෘත කරනවා.

ආණ්ඩුව බලයට පත් වීමේ ප්‍රධාන සටන් පාඨයක් වුණේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කියන එක. ඒත් දැන් වාර්තා වෙනවා විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යා යුතුයි කියලා ශ්‍රීලනිප ඇමතිවරු තීරණය කරලා තියෙනවා කියලා. නමුත් ජනාධිපති තාම මේ ගැන තීරණයක් අරන් නෑ. ඒත් ඇමතිවරු තීරණය කරලා තියෙනවා මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් වශයෙන් වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් විය යුතුයි කියලා.“

එසේම මෙම අවස්ථාවට එක්වුණු හිටපු අමාත්‍ය  තිස්ස විතාරණ මහතා මෙසේ සඳහන් කළේය.

“මං කිව්වා වොක්ස් වැගන් සමාගම ලංකාවට ඇවිල්ලා කවදාවත් ‍‍‍ඔවුන්ගේ ආයතනයක් පටන් ගන්නේ නෑ කියලා. මොකද ලෝකෙ වටේ එයාලගේ පරිසර දූෂණ වරද නිසා ශාඛා වහගෙන යනවා. ඒත් මුල්ගල තියනකන්ම කිව්වා වොක්ස් වැගන් එනවා කියලා. දැන් ඒ සමාගමේ නියෝජිතයින්ම කියනවා එයාලට මේකෙ සම්බන්ධයක් නෑ කියලා. ඒ නිසා මේක බොරු කියන මොන වාගේ පාලනයක් ද  කියලා හිතන්න පුළුවන්.“

එහිදී අදහස් දැක්වූ  ඇන්ටන් ද සොයිසා මහතා මෙසේ අදහස් පළ කළේය.

“පසුගිය හත්වෙනිදා එල්ල කළ ප්‍රහාරය අපි හෙළා දකිනවා. එදා ඒ විරෝධයට එකතු වුණ ජනතාව අතේ පොලු ගල් මුල් තිබුණෙ නෑ. මොකද ඒ අය ආවෙ නිරායුධව.

ඒත් ඒ අය අහිංසකව විරෝධය පාන්න සූදානම් වෙද්දි අපි දැක්ක දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ උත්සවයට ගෙනාවෙ හම්බන්තොට ජනතාව නෙමෙයි කියන එක. රවී කරුණායක මට්ටක්කුලියෙන් කෝට්ටෙන් එක්සත් ජාතික පක්ෂෙ මැරයො ගෙනිච්චා. නලින් බණ්ඩාර අනුරාධපුරෙන් කුරුණෑගලින් ගෙනාවා. චන්දිම ගමගේ අනුරාධපුරෙන් ගෙනාවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස හම්බන්තොටින් එකතු කර ගත්ත මැරයො තමා වටේම හිටියේ.

ඔවුන් මේ නිරායුධ අහිංසක ජනතාවට ගල් ගහන්න පටන් ගත්තා. ජනතාවගේ ඔළු පැළුවා. ‍ ඔවුන්ව එතනින් ඉවත් කරන්න ආණ්ඩුවේ ලයිසන් ගත්ත මැරයො කීප දෙනෙක් වාහන හැසිරුවා. ඒ වගේම එක මිම්මට දමා ගත්ත පොළු කෑලි දා ගත්ත වාහන කීපයක් ජනතාව අතරෙ සැරිසැරුවා. ඒත් මේ වාහන කාගෙද කියලා කාටවත් හොයා ගන්න බැරි වුණා. ඊට පස්සේ ඒවා පසු බස්සන කොට පොලීසිය ක්‍රියාත්මක වුණා. කුණු වතුර ගහන්න පටන් ගත්තා. ඊළඟට එළව එළවා බැටන් පොලුවලින් කඳුළු ගෑස් වලින් පහර දෙන්න පටන් ගත්තා.“

2017/01/08

පිලිකා රෝගීන්ට බුදු සරණයි- ඖශධ මිල වැඩි කියා රාජිත ආදේශ ඖශධ ගෙන්වන්නට සැරසෙයි

වෛද්‍යවරුන් ඖෂධ ජාවාරමෙන් මුදල් ලබාගැනීම අනුච්තයි’ සෞඛ්‍ය ඇමැති කියයි. බෙිරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර සංගම්වල දරුවන්ට පාසල් උපකරණ ඛෙදාදීම වෙනුවෙන් බෙිරුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

‘පිළිකා නාශක ඖෂධවල මිල අධිකයි. එම නිසා මට අවශ්‍ය වුනා ඊට ආදේශකයක් ඉදිරිපත් කිරීමට. ඒ අනුව රුසියාවෙන් ඖෂධයක් ආනයනය කර රෝහල්වලට ඛෙදාහැරීයා. එම ඖෂධය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පිළිකා නාශක ඖෂධයක් ලෙස පිිළිගෙන තිඛෙනවා. මෙි ආකාරයට ඉන්දියාවෙන් ද තවත් ඖෂධ වර්ග දෙකක් ආනයනය කිරිම සදහා මෙි වනවිට අධ්‍යයන කටයුතු සිදු කරනවා. 


රුසියාවෙන් ආනයනය කළ ඖෂධය රෝගීන්ට ලබාදීම ඇතැම් වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළා. ඖෂධවල හොද නරක විශ්ලේෂණය කිරීමට ඖෂධවෙිදය පිළිබද උගතුන් සිටිනවා. මීට පෙර රෝගීන්ට ලබාදුන් පිළිකා ඖෂධය රුපියල් දෙලක්ෂ 80,000 කට තමයි අලෙවි කළේ. නමුත් නව ඖෂධය ඊට වඩා එක්ලක්ෂ 50,000 කින් අඩුයි. මෙම ඖෂධය රෝගීන්ට ලබාදීම ප්‍රතික්ෂේප කරන වෛද්‍යවරුන් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශණයක් සිදු කළා. 

එම විමර්ශණයට අනුව මෙි වනවිට එක් වෛද්‍යවරයෙකු පමණයි ඖෂධය ලබා නොදෙන්නේ. මෙි අතර මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 14 දෙනෙකු එකවර ඩෙන්මාර්කයේ සංචාරයකට ගොස් තිඛෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු වාර්තා වුනා මෙම සංචාරයට මූල්‍ය ප්‍රතිපාදන ඖෂධ සමාගමක් විසින් ලබා දී ඇති බවට. එම නිසා මෙි පිළිබදව පරීක්ෂා කිරීමට අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිසම් සභාවට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුවට පරීක්ෂණ බාරදීමට මම තීරණය කළා. 

මුදල්වලට වහල් වෙමින් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ රෝගීන්ට ලබාදෙන ඖෂධ ප්‍රතික්ෂේප කිරීමට වෛද්‍යවරුන්ට හැකියාවක් නැහැ. ඊට විරුද්ධව මම ක්‍රීයා කරනවා. මෙයත් ඖෂධ ජාවාරමෙි තවත් කොටසක්. වෛද්‍ය වෘත්තීකයන් ඖෂධ ජාවාරමෙන් මුදල් ලබා ගන්නවා නම් එය එම වෘත්තීයට ගැලපෙන්නේ නැහැ. පිවිතුරු වෛද්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීම මාගේ අරමුණයි.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

– නිපුන් ඒකනායකwww.mahindagesewaya.wapka.mobi

ලංකා ආණ්ඩුව හිමිකරුවන්ට පහර දී ඉඩම් චීනෙට ලියයි - ලොකු අකුරින් ජාත්‍යන්තර මාධ්‍යවලත් ලියවෙයි

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානවත්යෙන් ඊයේ 2017 ජනවාරි 8 වෙනි දින හම්බන්තොට වරාය සහ ඒ අවට ඉඩම් අක්කර 15000 ක් චීන ආයෝජන කලාපයක් සඳහා වසර 99 කට බදු දීමේ ආරම්භක උත්සවය හම්බන්තොට මිරිජ්ජවිල පැවත්වුනි.

එහිදි තම පාරම්පරික ඉඩ්ම් ඇතුලු ලොව මුහුදු ගමන් මාර්ග අනුව වටිනාම වරායක් වන හම්බන්තොට වසර 99×2 එනම් වසර 198 කට චීනයට ලබාදීමට එරෙහිව සාමකාමී උද්ගෝසනයක් සහිත සත්‍යයක්ග්‍රහයක් මහා සංඝරත්නය ප්‍රමුඛත්වයක් පොදු විපක්ෂයේ සහභාගිත්වයෙන් ප්‍රදෙශවාසින් විසින් පැවත් වු අතර එයට කොළඹ ඇතුළු වෙනත් ප්‍රදේශවලින් සහභාගි වූ මැරයන් විසින් පහරදීම හේතුකොට ගම්මුන් අතර ඇති වු නොසන්සුන්තාවය මැඩලීමට පොලිසිය ජනතාවට පහර දුන් ආකාරය එම සෑම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.

එම ජාත්‍යන්තර පලකල පුවත් කිහිපයක් පහතින්...

  1. http://www.gettysburgtimes.com/news/business/article_fcd861bc-841e-5ed4-bc0b-a49ea36deb84.html
  2. http://www.scmp.com/news/asia/south-asia/article/2060214/violent-clashes-erupt-sri-lankan-protesters-march-against?utm_source&utm_medium&utm_campaign=SCMPSocialNewsfeed
  3. http://abcnews.go.com/International/wireStory/sri-lanka-govt-supporters-attack-china-port-deal-44615209
  4. http://www.heraldcourier.com/news/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_de9b0f76-9142-5b04-800a-1b525ab7362f.html
  5. http://www.stltoday.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_ba79c1aa-6881-5e45-833b-dbde144abe16.html
  6. http://cn.shafaqna.com/EN/CN/3856750
  7. http://www.heraldextra.com/news/world/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_244cf724-2fb7-5a65-8497-5b043e7d004d.html
  8. http://www.greensboro.com/business/nation_world_ap/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_5f0728dd-097f-5159-b238-e5b36fb9d853.html
  9. http://www.ledger-enquirer.com/news/business/article125126889.html
  10. http://qctimes.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_749fe012-2bce-56aa-8376-8419a9512a0f.html
  11. http://mtstandard.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_2f1b0220-9697-58c0-9e43-8370824ade15.html
  12. http://goldenisles.news/ap/international/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_d7cb7f97-0f6f-579b-bfa9-ef8bbb23bade.html
  13. http://azdailysun.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_29768e26-a1f1-5017-8d36-f644c6902f3c.html
  14. http://magicvalley.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_8bfe0399-996c-57d9-ac96-b5856b4aa698.html
  15. http://www.startribune.com/sri-lanka-gov-t-supporters-attack-china-port-deal-protesters/409961345/
  16. http://www.heraldonline.com/news/business/article125126889.html
  17. http://journaltimes.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_e929f3b8-4ce9-5243-92ec-42e0abb00b73.html
  18. http://www.fredericksburg.com/business/business-wire/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_843cd7c9-0e41-5083-9f4a-51458bedd95f.html
  19. http://www.godanriver.com/work_it_sova/news/wire/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_1ff8aeaa-6add-51b0-a290-887ef2d44532.html
  20. http://www.morganton.com/news/business/ap/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_d4a09fc5-aa29-5390-a780-5aa4ae1391a1
  21. http://www.ajc.com/business/injured-clashes-sri-lanka-over-china-port-deal/4UwWiRCXBoFhkl3zR1kV6K/
  22. http://host.madison.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_4dc165f6-726d-5e6a-909d-823bf75fa9f9.html
  23. http://www.bdtonline.com/region/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_bf943b6e-cd6f-5ad6-80bc-42531ca32c3e.html
  24. http://www.thepublicopinion.com/news/associated_press/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_166a7d38-5fdd-51af-81f0-19b7536a2d4c.html
  25. http://cumberlink.com/business/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_22c26757-e66b-5864-8af8-2e06cd8d5346.html
  26. http://www.kentucky.com/news/business/article125126889.html
  27. http://chippewa.com/business/clashes-erupt-as-sri-lankans-protest-china-port-deal/article_8283d917-0ff5-52d6-98a4-db8423fee7b7.html
  28. http://www.salina.com/news/world/clashes-erupt-as-protesters-march-against-china-port-deal/article_b0da082e-b22f-5c0c-98f5-4177037c93ef.html
  29. http://www.omaha.com/news/world/sri-lanka-gov-t-supporters-attack-china-port-deal-protesters/article_329ddbd8-8300-5339-aa3f-1ef61e4a0031.html
  30. http://kdhnews.com/business/police-brace-for-sri-lanka-rally-against-port-lease-to/article_99be2bb5-8fb9-5cf3-9fdf-da096a81dd69.html
  31. http://www.gettysburgtimes.com/news/business/article_fcd861bc-841e-5ed4-bc0b-a49ea36deb84.html

රට සංවර්ධනය කරන්න පුහුණු ශ්‍රමිකයින් අත්‍යවශ්‍යයි. හිතුනොත් ඉන්දියාවෙන් ගේනවා අගමැති

 රට සංවර්ධනය කරන්න පුහුණු ශ්‍රමිකයින් අත්‍යවශ්‍යයි

රට සංවර්ධනය කරා ගෙන යාමට නම් පුහුණු ශ්‍රමිකයින්ගේ දායකත්වය අතශවශ්‍ය වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවයා පෙන්වා දෙන්නේ විදේශිකයින් මෙරට ආයෝජනය කිරීමට පෙර පුහුණු ශ්‍රමිකයින් පිළිබඳව සොයා බලන බවයි.

 එම නිසා රට තුළ පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා චීන වෘත්තීය පුහුණු ආයතනය සඳහා ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

හම්බන්තොට වරාය විකුනුවාද නැද්ද ? සම්පූර්ණ විස්තරය මෙතනින්



හම්බන්තොට වරාය විකිණිම සම්බන්ධයෙන් වන ගිවිසුම පිළිබඳ මේ වන විට දැඩි කතාබහක් ඇති ව තිබේ.

ගිවිසුම අත්සන් කළා ද? – නැතහොත් එය කල් දැමුවා ද?

ප්‍රශ්නය:-
හම්බන්තොට වරාය විකිණිමට සම්බන්ධ ගිවිසුම ජනවාරි 08 දක්වා කලා තැබුවා කියන්නේ ?
අකිල විරාජ් කාරියවසම් මහතා:-
නෑ අපි මේ මූලික ගිවිසුම අපි අත්සන් කරලා ඉවරයි ඇත්තටම දැන් 07වැනිදා කරන්නේ මේක ලෝන්ච් කරන එක
මාධ්‍යවේදීන් :-
අවසන්වරට තිබුණු මාධ්‍ය හමුවේ දී ඔබතුමා කිව්වේ, 07වැනිදා මේ ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. එකේ කල් යාමක් තියෙනවාද?
මලික් සමරවික්‍රම මහතා :-
තාම අපි සාකච්ඡා ක‍රගෙන යනවා.. මම හිතන්නේ තව දවස් 10ක් 14ක් යන කොට ඒක අවසන් කරන්න පුලුවන් වෙයි කියලා..
අමාත්‍යවරුන් කෙසේ අදහස් පළ කළ ද රාමුගත ගිවිසුමක් දැනටමත් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුව සහ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින් සමාගම අතර අත්සන් කර තිබේ.
මෙම රාමුගත ගිවිසුම කැබිනට් අනුමැතිය මත අත්සන් කර ඇති බව එහි සඳහන් ය.
80%ක් චීන සමාගමට ත් 20%ක් වරාය අධිකාරියටත් හිමිවන පරිදි අවසන් එකඟතාව දක්වා ගමන් කළ යුතු අකාරය මෙම රාමුගත ගිවිසුමේ සඳහන් වේ.
වරාය අධිකාරිය ඇතුළු සියලුම ආයතන මෙම රාමුගත ගිවිසුමට අනුව ක්‍රියාකරනු ඇති බවට මෙහි සහතික වී ඇති අතර කෙසේ වෙතත් රජය මේ වන විට පැවසුවේ, අවසාන ගිවිසුමක් අත්සන් කර නොමැති අතර එය කල්යනු ඇති බව ය.
ප්‍රශ්ණය :-
දැන් මේ ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රියාවලියේ දී කල් යන්නේ ජනාධිපතිතුමාගේ අනුමැතියක් නැති ව කරන්න යන නිසා ද ?
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා :-
ජනාධිපතිතුමාගේ නෙමෙයි පාර්ලිමේන්තු අනුමැතියක් තියෙන්න ඕනේ, නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න ඕනෑ කැබිනට් මණ්ඩලය අනුමත කරන්න.ෆ්‍රේම් වර්ක් හදන්න පුළුවන් අවබෝධතා පුළුවන් හැබැයි ගිවිසුම එන කොට නීත්‍යානුකූල වෙන්න ඕනෑ

ප්‍රශ්ණය :-
දැන් මේක යහපාලන රජයක්නේ ඒ පාර්ශවය ඔබතුමාලගේ පාර්ශවය සාක්චඡා පවත්වලා නැද් ද ?
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා :-
ප්‍රශ්නේ තියෙන්නේ යම් යම් කරුණු ආර්ථික කමිටුවෙන් සාකච්ඡා කරන්න ඇති නමුත් ජනාධිපතිතුමා මුලින් ම පැහැදිලිව කිව්වා මේක පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි කියලා.
වසන්ත සමරසිංහ මහතා :-
මොකක් ද මේ විකාරේ? මොකක්ද මේ වංචාව බොරුව? අපි ආණ්ඩුවට කියන්නේ ජනතා විරෝධය යට ගහන්නේ නැහැ කියලා කල්දානා කියලා අත්සන් කරන්න හැදුවොත් ඒ කට එරෙහි ව මේ රටේ ජනතාව පෙළගස්වන්නත් අපි කටයුතු කරනවා.ඒ නිසා සියවසේ බොරුකරුවන් පත්වෙන්න කරන තරගය වෙනුවට ජනතාට වෙච්ච පොරොන්දු වෙන්න ඕනේ
චන්ද්‍රසිරි මහගමගේ මහතා :-
හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වරායක් බවට පරිවර්ථනය කරන්න.ඒ වගේම නැගෙනහිර ජැටිය ඉන්දියානු සමාගමකට ලබාදෙන්න එපා. ඒ වරායත් ඒ නැගෙනහිර ජැටියත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන වරායක් බවට පරිවර්ථනය කරලා මේ සමස්ත ක්‍රියාවලිය සඳහා අපේ සහයෝගය ලබාදෙනවා. ඒ සහයෝගය ලබා දෙන්නේ රටේ ජනතාව සුඛිත මුදිත කිරීමේ දැනුවත් කිරීමේ අරමුණ ඇතිව. ඒ නිසා මේ ගිවිසුම බැරි වේලාවත් අත්සන් කළොත් අනිවාර්යෙන්ම මේ ආන්ඩුව රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීමේ පළවෙනි ‍වෙඩිමුරය වරාය අධිකාරියෙන් පත්තුකරනවා