2017/01/21

ඇමති කමෙන් යනවනම් යන්න කියන්න - අගමැති සජිත්ට ඉවත් වෙන්න කියයි

සජිත්ට අගමැතිගෙන් ප‍්‍රතිචාර
පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී තම අමාත්‍යංශට ලබාදී තිබූ මුදල් කප්පාදු කර ඇති බව කියමින් තමා ඇමතිකමින් ඉවත්වන බව කී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුව ජාතික පුවත්පත්වල කර්තෘවරුන්ට දුරකථනයෙන් අමතා එය අභ්‍යන්තර සාකච්ඡාවක් බව කියමින් ඔහු එය පුවත්පත්වල පල නොකරන්නයි ඉල්ලා ඇති බව පැවසේ.
සජිත් මහතා, මේ ප්‍රකාශය කර තිබුණේද අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමති රවී කරුණානායක හා අගමැතිවරයාට ඉතා සමීප ඇමතිවරයකු වන මලික් සමරවික්‍රම යන තිදෙනාම කැබිනට් රැස්වීමට පැමිණ නොසිටි අවස්ථාවේදීය.
ඔවුන් විදෙස් සංචාරයකට එක්ව සිටි බැවින් එම රැස්වීමට සහභාගි නොවුණි.

අදාළ කැබිනට් සාකච්ඡාවේදී ජනපති මෛත්‍රීපෙල සිරිසේන මහතා සජිත්ගේ චෝදනාව අගමැතිවරයා පැමිණි පසු සලකා බැලීමට තීරණය කරන බව පැවසූ ආකාරයට සිද්ධිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සංචාරයේ නිරත නිලධාරියකු දැන්වූ විට අගමැතිවරයා ප්‍රතිචාර දක්වා ඇත්තේ යනව නම් කමක් නැහැ වෙන කෙනෙක් ගන්න බැරියැයි කියමින් බවද  වාර්තා වේ.

No comments:

Post a Comment