2016/12/30

සිරිසේනට මරණ තර්ජන කලැයි කියූ දිනූශට ඇප



සිරිසේනට මරන තර්ජන කලැයි කියපු ඩිනූශට ඇප. රු ලක්ශයක ශරීර ඇප මත මුදා හෑරේ. අජිත් ප්‍රසන්නගේ දැඩි රහාර හමුවේ සාදාරන නඩුවක් විය මෙය.දිනූසට කෙලවන්න ආ පූජිතගේ ගොට්ටන් ආගිය අතක් නැත.

2016/11/29

රාජිතගේ තව බොරුවක් හෙලි වේ(video)

සේනාරත්න විසින් කරන ලද ප‍්‍රකාශයෙන් ජනතාව සම්පුර්ණයෙන්ම අන්දවා ඇතැයි සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ගිශාන්ත දසනායක මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
මිල අඩු කර ඇත්තේ ප්‍රමිතියෙන් අඩු ඖෂධයන්හි බවද පවසන ඔහු රාජ්‍ය ඖෂධ නිතීගත සංස්ථාව මගින් අළෙවි කරන එකම ඖෂධයකවත් මිල අඩු කර නැතැයිද ඔහු කියා සිටී.

2016/11/28

රාජපක්ශවරු ඉදුල් කන් නෑ. කන අය තමා ඔය බුරන්නේ. / බ්‍රැසිල්

රාපක්‍ෂවරු ඉදුල් කන්නේ නෑ… ඉදුල් කන උන් තමයි බුරන්නේ.. – බැසිල්ගෙන් කණ රත්වෙන පිලිතුරු






එක්සත් ජාතික පක්‍ෂය සමග තමාට ඞීල් එකක් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කරනු ලබන චෝදනාව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රත්ක්ෂේප කරයි. ඔහු අවධාරණය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය සමග ඞීල් ඇත්තේ ආණ්ඩුවේ තනතුරු දරණ ඩිලාන් පෙරේරා වැන්නවුන්ට බවයි. ඔවුන් මෙන් රාජපක්‍ෂවරු ඉදුල් නොකන බවද බැසිල් රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.
හිටපු අමාත්‍ය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව අවධාරණය කලේ මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සහා නගර සභාවේ හිටපු මන්ත‍්‍රීවරු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව මාධ්‍ය අමතමිනි. මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 14 න් 13 සහ මිනුවන්ගොඩ නගර සභාවේ මන්ත‍්‍රීවරු 08න් 07 දෙනෙක් මෙලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු බැසිල් රාජපක්‍ෂ මහතා මෙසේද කිවේය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැමැති බීජයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ  ප‍්‍රතිපත්තිවලට සමාන ලෙසයි අපේ පක්‍ෂයේ ප‍්‍රතිපත්ති සකස් වී තිබෙන්නේ බණ්ඩාරනායක ශ‍්‍රීමතානන් මේ පක්‍ෂය බිහි කරනකොට කිව්වේ එහි වින්නඹු කාර්්‍ය විතරයි තමන් කරන්නේ කියලා. පක්‍ෂයේ අයිතිය රටේ පොදු ජනතාවට බවයි ඔහු කිව්වේ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් එහෙමයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලොකුම ශක්තිය තමයි පලාත් පාලන මන්ත‍්‍රීවරු නමුත් පහුගිය කාලයේ ඒ අය අපේ පක්‍ෂයේ ප‍්‍රාදේශීය සභා නකර සභා මන්ත‍්‍රීවරුන්ට සැලකුවේ කුඩම්මාගේ සැලකිලි. ඒ අයව කුනු කූඩයට දාලා එහෙම නැත්නම් පස්ස පිහදාන පත්තර කොලයක් වගේ විසි කරන්න හදන වෙලාවෙයි. මේ අලූත් පක්‍ෂය හැදුවේ ඔවුන්ව ආරක්ෂා කරන්නයි. මේ අය ගමට ගිහාම ඔවුන්ට ගමේ ජනතාව කිව්වේ මහින්ද මහත්තයා නැතිව ගමට එන්න එපා කියලයි මහින්ද මහත්තයා එක්ක ආවත් මෛත‍්‍රී මහත්තයා ඉන්නකන් ඡුන්දේ දෙන්නේ නැහැ කියලයි මේ අයට ගමේ අය කිව්වේ. ගමේ තමයි අපිට ඉල්ලීම ආවේ අලූත් දේශපාලන පක්‍ෂයක් හදාගෙන එන්න කියලා. ඒ අනුවයි අපි මේ ජනතාවගේ පක්‍ෂය හැදුවේ. කා එක්කවත් ක්‍රොදයෙන් ද්වේශයෙන් හදපු පක්‍ෂයක් නෙවෙයි.
ප‍්‍රශ්නය –
ඩිලාන් පෙරේරා ඇමතිවරයා කියනවා ඔබතුමා එක්සත් ජාතික පක්‍ෂයත් සමග ඞීල් දාලයි කියලා ඒක ඇත්තද?
පිලිතුර –
ඒවගේ චෝදනා කරන අයට අපි අනුකම්පා කරනවා. මට හෝ රාජපක්‍ෂ පවුලේ කිසිවෙකුට හෝ අපිත් එක්ක වැඩ කරන කිසිම කෙනෙකුට එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ඞීල් නැහැ. ඔය අපිට චෝදනා නගන අයට මන්ත‍්‍රීකම් දිලා තියෙන්නේ ඔය වැඬේටමනේ. මේ ආණ්ඩුව ආවට පස්සේ වැඩිපුරම චෝදනා නැගුවේ රාජපක්‍ෂ පවුලට ඒ පවුලෙනුත් වැඩිපුරම චෝදනා නැගුවේ මට මම ගිය සතියේ විතරක් උසාවියට, ජනාධිපති කොමිසමට කිහිප වතාවක් ගියා මේ අපහාස මට හොදට පුරුදුයි. කියමනක් තියෙනවා. බඩගිනි උනාට ඉදුල් කන්නේ නැහැ කියලා. රාජපක්‍ෂවරු ඒ වගේ රාජපක්‍ෂවරු කාගෙවත් ඉදුල් කන්න ලැහැස්ති නැහැ ඔය ඉදුල් කන අය තමයි අපිට චෝදනා කරන්නේ අපිට විරුද්ධව බොරු චෝදනා නැගුවට අපි බය වන්නේ නැහැ.
නව පක්‍ෂයේ මංගල රැස්වීම කොහේද තියෙන්නේ –
අපි ඒ ගැන ඉදිරියේදි කටයුතු කරනවා අපි ඉතිං තාම පොහොට්ටුවක්නේ තාම පිපුනේ නැහැනේ අපි හිමින් හිමින් පක්‍ෂය ගොඩ නගන වැඬේ කරනවා. අපි ලක්‍ෂ 10 ක පිරිසක් සමගයි මේ කටයුත්ත ආරම්භ කරන්න තමයි මුලින් සැලසුම් කලේ දැන් ඒ සංඛ්‍යාව ඊට වැඩි වෙලයි තියෙන්නේ. අපි දැන් නව සාමාජිකයන් බදවාගෙන යනවා. මේ බදවා ගැනීම් අවසන් වුනාම බල මණ්ඩල පිහිටුවලා දිස්ත‍්‍රික් බල බණ්ඩල පිහිටුවලා මහා සමුළුව කැදවනවා.
ප‍්‍රශ්නය –
ආණ්ඩුවේ ඉන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරු දිගින් දිගටම චෝදනා කරන්නේ ඔබතුමා තමයි පක්‍ෂය කඩන්නේ කියලා. ඔබතුමා කියනවා ඔබතුමාට එජාපයත් එක්ක ඞීල් නැහැ කියලා. කව්ද ඞීල් කාරයෝ.
උත්තරය –
ඒක මුළු රටම දන්නවා. ආණ්ඩුවේ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමති වරුන්ට ඇත්තටම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිනවන්න  ඕනෑනම් ආණ්ඩුව පරද්දන්න  ඕනෑනම් මේ අය අයවැයට විරුද්ධව ඡුන්දය දෙන්න  ඕනේ අපි කියන්නේ යූ,එන්.පී. ආණ්ඩුවේ ඉන්න අපේ අයට මේ ආන්ඩුව පරද්ධන්න ඇත්ත උවමනාවක් තියෙනවානම් අය වැයේදි ආණ්ඩුවට විරුද්ධව ඡුන්දය දෙන්න ඞීල් එකක් නැත්නම් ඒක කරලා රටට පෙන්වන්න. ඇත්ත කථාව තමයි ඞීල් දාන්න දෙයක් නැහැ. මේ අය යූ.එන්.පී. ආන්ඩුව ඇතුලට ගිහිල්ලා ඉවරයි.
– ප‍්‍රදීප් අනුර කුමාර

2016/11/27

හමුදා කදවුරු ඉදිරියෙත් මහවිරු සැමරුම්/ සියලු පෝටෝ මෙතනින්

යාපනය කෝපායි ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක් ඉදිරිපිට මාර්ගයේ අද (27) මහවිරු සැමරුමක් සිදුකෙරුණා.
ඒ, දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජිලිංගම්ගේ ප‍්‍රධානත්වයෙන්. එහිදී මන්ත‍්‍රීවරයා පැවසුවේ මහවිරු සතියේ අවසන් දින සැමරුම එය වන බවයි.
කෝපායි මහවිරු කනත්ත සමතලා කොට ඉදිකළ යුද හමුදා කඳවුර ඉදිරිපිට මාර්ගය ඒ සඳහා තෝරාගත් බව ඔහු කියා සිටියා.
යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහි කිරීමට උතුරේ ජනතාවට අයිතියක් පවතිනවා. එහෙයින් ඊට බාධා කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.
kopai-www-nethnews-lk001kopai-www-nethnews-lk002kopai-www-nethnews-lk004kopai-www-nethnews-lk006
මේ අතර යාපනය නල්ලූර් කෝවිල ආසන්නයේදී ද අද මහවිරු සැමරුමක් පැවැත්වුණා.
එහිදී මියගිය එල්.ටී.ටී.ඊ. නායකයින්ගේ ඡායාරූපවලට මල්මාලා පලඳවා පහන් දල්වා සැමරුම් සිදුකෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම අවස්ථාවට උතුරු පළාත් සභා මන්ත‍්‍රී ආනන්දි ශෂීදරන් ද එක්ව සිටියා.

ශ්‍රීලංනි පක්ශය හා එජාප සීතල යුද්දය ඇරබෙයී/සියලු විස්තර මෙතනින්

එජාප-ශ‍්‍රීලනිප පිපිරීමක් අත ලග.. නායකයන් රහසේ වෙනම කදවුරු බදිති.. අගමැති වහා මෛත්‍රී හිතවතකු සොයා රාත‍්‍රියේම ඔහුගේ නිල නිවසට..






මතුවී එන ගැටලු හමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් වෙන වෙනම තම තනතුරැ රැක ගැනීමේ සීතල යුද්ධයකට අවතීර්න වි ඇති බව ඉතා විශ්වාස කටයුතු මාර්ගයක් සදහන් කරයි.
ශ්‍රීලනිප මෛත්‍රී කණ්ඩායමේ ඉල්ලීම වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තනතුරින් පහ කොට ශ්‍රිලනිප හෝ එජාපයෙන් අගමැති කෙනෙක් පත්කල යුතුය යන්නයි. එවිට මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඇතිව තිබෙන අප‍්‍රසාදය මැඩලීමට ජනාධිපතිවරයාට පියවර ගතහැකි බවත් ඒ හරහා රජයේ අවංකභාවය රැකෙන බවත් ශ‍්‍රිලනිප මෛත‍්‍රී පාර්ශවයේ අදහසයි. එසේ වුවහොත් දැනට මහින්ද රාජපක්ෂ සමඟ සිටින පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් ඒ තීරණය සමඟ ජනාධිපති මෛත්‍රීපාල සමග එකතුකර ගැනීමට ලෙහෙසියෙන් හැකි බව කන්ද උඩරට නියෝජනය කරන ඒකාබද්ද විපපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු හා මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයකු ඇති පිරිසකගෙන් සමන්විත කණ්ඩායමේ මතය වී ඇත. එමෙන්ම එජාපයේ සිටින මෛත්‍රී හිතවාදීන්ගේද සහයෝගය ඒ සඳහා ලබාගත හැකි බවටත් මෛත්‍රී පාර්ශවය විශ්වාස කරයි.
එහෙත් මෛත්‍රී පාර්ශ්වයේ තවත් කණ්ඩායමක කිහිපදෙනකුගේම අදහස එය හිතන තරම් පහසු කාර්යක් නොවන අතර මොනව හේතුවක් නිසාවත් මහින්ද රාජපක්ෂ අතහැර පොදු විපක්ෂයේ මන්ත්‍රීන් සියලුදෙනා පැමිණීම විශ්වාස කිරීමට අපහසු බවය.
මේ අතර මෙකී රහස් සාකච්චා ගැන ආරංචි වූ අගමැති රනිල් වික්‍රමසිංහ මේ රජය බලයට ගෙන ඒමට විශාල වැඩකොටසක් කල දේශපාලන බලවතකු මෙන්ම අමාත්‍යවරයෙකු හා මෛත්‍රී හිතවතකු මුණගැසීමට ඔහුගේ නිල නිවසට පසුගිය රාත්‍රියක ගොස් ඔහුට ආරාධනා කොට ඇත්තේ වහාම තම පක්ෂයට බැදී නායකයාට අමතරව තිබෙන ඕනම තනතුරක් ලබාගෙන එජාපයත් සහ එහි නායකත්වයත් විනාශ වීමට ගන්නා මෙම තීරණය පරාජය ඛිරීමට සහාය දෙන ලෙසයි.
එහෙත් එකී අමාත්‍යවරයාගේ මතය වී ඇත්තේ මේ අවස්ථාවේ සමහර බලවේග ජනාධිපති මෛත්‍රී නොයෙකුත් තීරණයන් සඳහා පොලොබවන බැවින් තමා අගමැතිගේ ඉල්ලීම ඉටු කිරීමට වඩා මේ අවස්ථාවේ රජය ආරක්ෂා කිරීමට නම් ජනාධිපතිවරයාගේ ලග සිටිය යුතු බවය.
එමෙන්ම ඒකාබද්ද විපක්‍ෂ පිරිසක් සමග සාකච්චා පවත්වන මෛත්‍රී පාර්ශව කණ්ඩායමේ මතය වී ඇත්තේ දිනෙන් දින කල් ගතවීමෙන් ශ‍්‍රීලනි පක්‍ෂය එකතු කර මෛත්‍රී ජනාධිපතිගේ නායකත්වය යටතේ තබාගැනීමට ගන්නා උත්සහය ඉදිරියේදී ඉතා දුෂ්කර වන බවත් වැඩිකල් මේ ආකාරයෙන් යෑමට බැරි බවත් දැනට තනතුරු ගත් සමහර ඇමතිවරුන් පවා මොනයම් අවස්ථාවක හෝ එය අතහැර මහින්ද පාර්ශවය සමඟ එකතුවීමට ඇති ඉඩ කඩ වැඩි බවත්ය.
මේ සම්බන්ධයෙන් තවත් පාර්ශ්වයක් මෛත්‍රී ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අපේ අය ඇමතිකම් අරන් කොළඹට වී ජොලියේ ඉන්නා බවත් මේ වනවිටත් මහින්ද පාර්ශවය වෙනුවෙන් අවශ්‍ය දේශපාලන වැඩපිළිවෙළ බැසිල් රාජපක්ෂ විසින් ඉතා උපායශීලීව හා සාර්ථකව ගම් මට්ටමේ කරගෙන යන බවත්, මේ විදියට ගියොත් අනාගතයේදි අපේ කණ්ඩායමට මහින්දගේ ලකුණෙන් ඡන්දය ඉල්ලන්න වෙන බවත්ය. එහිදි මෛත්‍රී ජනාධිපතිවරයාට තරමක් කේන්ති ගිය අතර අවසානයේ ඔහුද ‘අපේ කට්ටිය ගමට බැහලා කිසි දෙයක් කරන්නේ නැ’ කියමින් අප්‍රසාදය ඒ සම්බන්ධයෙන් පෙන්වා ඇත.

අද උතුරේ ජයටම මහවිරු දිනය සමරයි/ දෙමල සංදානයත් සමරයි

අද උතුර පුරා මහවිරු සැමරුම්.. දෙමල සන්ධානයත් යයි..






කොටි සංවිධානය පැවති කාලයේදී පවා කොටි නායක ප‍්‍රභාකරන්ගේ උපන් දිනට පසු දින පැවැත්වූ මහවිරු දිනය අද දිනයේදී උතුරු පළාතේ ස්ථාන කිහිපයක සැමරීමට කටයුතු යොදා තිබේ.
ඒ සදහා දෙමළ ජාතික සන්ධාන මහජන නියේජිතයින්ද සහභාගී වීමට නියමිතය.
මහවිරු දිනය සමරමින් මෙන්ම ප‍්‍රභාකරන්ගේ උපන් දිනය සිහිපත් කරමින් උතුරු පළාතේ සථාන කිහිපයකම පෝස්ටර් අලවා තිබින.

මහවිරු සැමරුම බදා කරන්න එපා - රජය උතුරේ ආරක්ශක අංශ දැනුවත් කරයි

මහවිරු සැමරුම්වලට බාධා එපා.. – උතුරේ සියළු ආරක්‍ෂක අංශ වෙත දන්වති..





හෙට දිනට උතුරු පලාතේ සමරන්නට යොදාගෙන ඇති මහවිරු දිනය වෙනුවෙන් සූදානම් කර ඇති සැමරුම් උත්සව සදහා බාධාවක් නොකරන ලෙස උතුරේ යොදවා සිටින සියළු ආරක්‍ෂක අංශ වෙත දන්වා තිබේ.
උතුරේ බොහෝ ප‍්‍රදේශයන්හි මේ වන විට කොටි යාක ප‍්‍රභාකරන්ගේද පින්තූර අලවා ඇත.
පසුගියදා ආරක්‍ෂක රාජ්‍ය ඇමතිවරයා සදහන් කලේ මියගිය අය සිහිකරන්නට කිසිදු බාදාවක් නැති වුවත් කොටි

2016/11/26

මහින්ද හිටියනම් 2017 රටේ දුප්පත් කම ඉවරයි / මෙන්න මහ බැන්කුවේ අලුත්ම විස්තරේ

ආර්ථිකයේ ස්වර්ණමය යුගය ලෙස හැදින්වීමට හැකි බවත් ලොව බිහිසුනම ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරමින් 2005 වනවිට 18ක් පමණ තිබු රටේ දුගීබව 2014 අවසන් වන විට 3%කට වඩා අඩු මට්ටමට ගෙන ආ බවත් 2017 වසර වන විට දුප්පත්කම සම්පූර්ණයෙන්ම තුරන් කිරීමටත් අවශ්‍ය සියලු පියවර ගෙන තිබු බවත් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.
එසේ සාර්ථක ඉලක්කයක් කරා යාමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට හැකි වූයේ ඔහු සමඟ දක්ෂ ඇමති මණ්ඩලයක් මෙන්ම නිලධාරින් පිරිසක් සිටි නිසා බවද කී හිටපු ඇමතිවරයා මහින්ද යුගයේ 3% වඩා අඩු කළ දුප්පත්කම යූඑන්පී ශ්‍රීලංකා හවුල් ආණ්ඩුවට ඇමතිවරු 89 ක් සහ දිස්ත්‍රික් සංවර්ධනය කමිටු 25ක් තිබීලත් එම ඉලක්ක සපුරා ගැනිමට නොහැකි වී ඇති බවක් පෙනෙන්නට ඇති බවද කියා සිටියේය.
සරත් අමුණුගම අමාත්‍යතුමා යටතේ තවත් ඉහළ පෙලේ කමිටුවක් 2017 දුප්පත්කම තුරන් කිරීමට ජනාධිපතිවරයා විසින් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ බව පැවසීය.
ශ්‍රී ලංකාවේ ද්‍රරිද්‍රතාව දර්ශකය අනුව 1995-96 වසරේ පැවති 28.8% සිට 2009-10 වසර වනවිට 8.9% දක්වා ද 2012-13 වසර වනවිට 6.7% දක්වා ද අඩුවී ඇති බවත් 2012-13 basil-rajapaksaවසරේ දි එය 3% කට වඩා අඩු අගයකට පහත වැටී ඇති බවත් 2015 ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පිටු අංක 27 උපුටා දක්වමින් ඔහු කියා සිටියේය.
එහෙත් වත්මන් ජනාධිපතිවරයා විසින් රටේ ද්‍රරිද්‍රතාව 2017 දි තුරන් කිරීමට ඇමතිවරු ආණ්ඩුකාරවරු, ඇතුළු රජයේ ඉහළ නිලධාරින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පිහිටුවීමට හේතුව බොහෝ දුරට මෙතරම් විශාල අමාත්‍යාංශ ගණනාවක්ම මෙන්ම ඇමතිවරු සිටියත් ඔහුගෙන් රටේ දුප්පත්කම තුරන් කිරීමට අවශ්‍ය පියවර හරියාකාරව මෙතෙක් ගෙන නොමැති බවද පෙන්වා දුන් රාජපක්‍ෂ මහතා පසුගිය රජය භාර දෙන විට තිබු 3%ට වඩා අඩු මට්ටමේ දුප්පත්කම සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට පිහිටුවා ඇති අමාත්‍යාංශ වලින් නිසියාකාරව දායකත්වය ලබාදීමට අපොහොසත් වී ඇති බවද පැවසීය.

නව පක්ශයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියයක් එක්වන දිනය බ්‍රැසිල් හෙලි කරයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් සහ වෙනත් පක්‍ෂවල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට නියමිත බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
ඔවුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නව පක්‍ෂයට එක්වන බවද හිටපු ඇමතිවරයා සදහන් කරයි.

මැරුණ කොටි වලලපු තැන බයික් කන්ඩායමක් පැමිණ කරපු දේ (Video)

යුද සමයේ මියගිය එල්.ටී. ටී. ඊ. සාමාජිකයින් භූමදානය කර ඇති ස්ථානයක මහවිරු දිනය සමරමින් විශේෂ සැමරුම් සංවිධාන වෙමින් ඇති බව වාර්තාවේ.
මේ සම්බන්ධව වීඩියෝවක් nethgossip.lk අප වෙත ලැබී ඇති අතර යතුරු පැදි 50කට අධික සංඛ්‍යාවකින් පැමිණි පිරිසක් එල්.ටී. ටී. ඊ. සාමාජිකයින් භූමදානය කර ඇති මෙම සොහොන ශුද්ධ පවිත්‍ර කළ බව වාර්තාවේ.
ඊයේ (25) දිනයේදී මහවිරු දිනය සමරමින් යාපනය විශ්ව විද්‍යාලයේද පෝස්ටර් අලවා තිබුණි.
ප්‍රභාකරන්ගේ ජන්ම දිනයට සුභ පතමින් සහ මහවිරුවන් සමරමු යන්නෙන් අදාළ පොස්ටර් වල සඳහන්ව තිබේ.
එම වීඩියෝව පහතින් නරඹන්න..

2016/11/25

මහවිරු දිනය යාපනය සරසවිය ජයටම සමරයි. පෝස්ටර් පොටෝ බලන්න

මහවිරු දිනය සමරමින් යාපනය විශ්ව විද්‍යාලයේ පෝසටර් අලවා තිඛෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඊයේ රාත්‍රියේ විශ්ව විද්‍යාල භූමියේ ස්ථාන කිහිපයක පෝස්ටර් අලවා තිබූ බවයි.
ප්‍රභාකරන්ගේ උපන්දිනයට සුභ පතමින් සහ මහවිරුවන් සමරමු යන්නෙන් අදාළ පොස්ටර් වල සඳහන්ව තිබූ බවයි වාර්තාවන්නේ..ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26දාට යෙදී තිබෙනවා.
මේ අතර කිලිනොච්චිය මාවීර් ප්‍රදේශයේ ද මහවිරු දිනය සමරමින් විශේෂ සැමරුම් සංවිධාන වෙමින ඇතැයි වාර්තා වනවා.
යුද සමයේ මියගිය එල්.ටී. ටී. ඊ. සාමාජිකයින් භූමදානය කර ඇති ස්ථානයක මෙම කටයුතු සිදු කිරීමට සූදානම් වන බවටයි වාර්තා වන්නේ.
image-www-nethnews-lk00001image-www-nethnews-lk00002image-www-nethnews-lk00003image-www-nethnews-lk00004image-www-nethnews-lk00005

ඩේටා vat කලේ voice කෝල් නොගන්න නිසා/ඩේටා vat 50ක් දක්වා වැඩි කල බව රවි පිලි ගනී

සාමාන්‍ය දුරකතන ඇමතුම්වලින් බැහැරවී අන්තර්ජාලය හරහා ඇමතීමට ජනතාව යොමුවීම අන්තර්ජාල බදු වැඩිකිරීමට හේතුවූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

එහෙත් එය එතරම් විශාල වැඩිවීමක් නොවන බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේ අද (24) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී නැගූණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“දුරකථන ආයතන අපිත් එක්ක කතා කරනකොට කිව්වා වොයිස් කෝල් වෙනුවට හුගක් වයිබර්, වට්සප් වගේ ඒවා භාවිතා වෙනවා කියලා, ඒක නිසා ආදායම අඩුවෙනවා කියලා, ඒ වෙනස වෙනින් රටවල තියෙනවා වගේ සම මට්ටම ගේන්න තමයි මේක කළේ” යැයි පෙන්වා දුන් අමාත්‍යවරයා මෙමගින් ආණ්ඩුවට ආදායමක් අපේක්ෂා කරන බව පිළිගත් අතරම දුරකතන සමාගම්වලට ද ආදායමක් හිමිවන බව පැවසීය.

නව බදු වැඩිවීමට අනුව සෑම රුපියල් 100ක දත්ත භාවිතය වෙනුවෙන් රුපියල් 50ක් වැනි මුදලක් ගෙවීමට සිදුවනවා නේදැයි විමසූවිට අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ මීට පෙර ද ඊට ආසන්න මුදලක් බදු ලෙස අය කරගෙන තිබූ බවය.

නොමිලේ වයිෆයි සැපයීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මකවන බව සඳහන් කළ අමාත්‍යවරයා සමාජ ජාලයන්හි සැරිසරන්නන්ට පමණක් නොව අධ්‍යපනය ලබන ශිෂ්‍යයින්ට ද ඉදිරියේදී අන්තර්ජාලය සහනදායී ලෙස සැපයීමට පියවර ගන්නා බව ද පැවසීය

ජනතාව ඔබව ජනපති කලේ රට බෙදන්න නොවේ/ගැටඹේ හිමි ජනපතිගේ මූනටම කියයි

ඔබේ ප‍්‍රකාශ ජනාධිපතිවරයෙකුට සුදුසු නෑ.. ජනතාව ඔබ ජනාධිපති කලේ රට බෙදීමට නොවේ.. – ගැටඹේ හිමි ජනපතිට කෙලින්ම කියයි..






ෆෙඩරල් පාලනයක් තුළින් රටේ එකීයත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන්නේ නම් රට දෙකට බෙදිය යුතු යැයි පවසන පිරිස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිටීම සැක සහිත යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ සදහන් කරයි.

රට තුළ සංහිදියාව හා යහපාලනය බිද වැටී, දේශපාලන නායකත්වය පිළිබද කිසිදු විශ්වාසයක් නොමැති අවධියක කළ යුත්තේ නොදන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර රට බෙදීම නොව සියලු ජාතීන් අතර සමගිය හා සාමය තහවුරු කිරීම විය යුතු යැයි නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පවසයි.
මහ බැංකු බැදුම්කර සිද්ධියේදී විදේශිකයෙකුට මහ බැංකු අධිපතීත්වය ලබාදී මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකිරීමට අවස්ථාව දීම සහ වැරදිකරු ආරක්ෂා කිරීම මගින් අග්‍රාමාත්‍යවරයා කෙරෙහි බොහෝ පිරිස් තුළ ඇත්තේ කලකිරීමක් යැයි පැවසෙන එම නිවේදනයේ තවදුරටත් මෙසේ සදහන් වෙයි.

අප රටට නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කිසිදු අවශ්‍යතාවක් නොමැති අවස්ථාවේදී මේ රජය ලහිලහියේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට උත්සහ දරනවා. දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යකම් ඉටු නොකරන බව ජනාධිපතිවරයා සපථ කළත් අද ඒ විශ්වාසය පළුදු වී යන බවක් දැකිය හැකියි.

බෙදුම්වාදයට උඩගෙඩි දෙන අධිනීතිඥවරු, ආචාර්ය මහාචාර්යවරු හා රාජ්‍ය නොවන සංවිධාන උත්සහ කරන්නේ ෆෙඩරල් ක්‍රමයක් කරා රට යොමු කිරීමටයි. රටට හිතැති අහිංසක පොදු මහජනතාවට ඉන් සෙතක් සැලසෙන්නේ දැයි සැක සහිතයි. ආතක් පාතක් නොමැති න්‍යාචාර්යවරුන්ගේ සංකල්ප තුළින් රටට කිසිදු යහපතක් අත්වන්නේ නැහැ. කණගාටුව වන්නේ රට විනාශ කිරීමට උඩගෙඩි දෙන පුද්ගලයන් රටේ නායකයන්ට උපදෙස් දෙන්නන් බවට පත්වීමයි.

ෆෙඩරල් පාලනයක් තුළින් රටට කිසිදු අහිතකර තත්ත්වයක් උදා නොවන බව කීවත් උතුරේ මහ ඇමතිවරයා ඉල්ලා සිටින්නේ ඔවුන් සදහා වෙනම පාලනයක්. ඉඩම්,පොලිස් හා අධිකරණ බලතල පළාත් සභා වෙත පවරාදීමෙන් පසු වෙනම ආණ්ඩුවක් නිර්මාණය නොවී පවතීද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය තුළින් මොවුන් උත්සහ කරන්නේ රට බෙදා වෙනම පාලනයක් උතුරට ලබාදීමටයි.

අතිගරු ජනාධිපතිතුමනි, වර්ෂ 2014 ජනවාරි 08 වන දින ජනතාව ඔබ විශ්වාස කොට ඔබට ඡන්දය දුන්නේ යහපාලනය ඇති කිරීමට මිස රට බෙදීමට නොවෙයි. ඔබ ජනාධිපතිධූරයට පත්වූ අවස්ථාවේ ජනතාව සතුටුවුවත් අද ඔබ යන ගමන් මග පිළිබදව ඇත්තේ බරපතල සැකයක්. අනුරපුර, පොළාන්නරු, සීතාවක, මහනුවර යුගවලදී මහා සංඝරත්නය රජු හා එක්ව පෙරමුණ ගත්තේ ද්‍රෝහීන්ගෙන් රට ආරක්ෂා කිරීම සදහායි. නමුත් රටේ පාලකයා ද්‍රෝහීන් සමග කුළුපග වී රට හා දේශප්‍රේමීන් පාවා දුන් ඛේදනීය අතීතයන් පවා තිබුණා. නමුත් මහා සංඝරත්නය එදා සිට අද දක්වාම රට ආරක්ෂා කිරීමට පෙරමුණ ගත්තා පමණක් නොව, ජාතික සංහිදියාට ඇති කිරීමට ද කටයුතු කළා.

යහපාලනය හා සංහිදියාව තහවුරු කරන බව පැවසූ ශ්‍රී ලංකාවේ සමස්ථ සංහිදියාවට අද බරපතල තර්ජනයක් එල්ලවී තිබෙනවා. උතුරු නැගෙනහිරින් සිංහල බෞද්ධයන් පළවා හරින තත්ත්වයක් උදවී තිබෙනවා. රටේ සංහිදියාව ආරක්ෂාවිය යුතුය යන මායාවෙන් මෙම හානිය කිසිවෙකුත් නොදකින නමුත් බෞද්ධයන්ට අත්වී ඇත්තේ ඛේදනීය තත්ත්වයකි. සංහිදියාව තහවුරුකරන වැඩපිළිවෙල රාජ්‍ය නොවන සංවිධාන වෙත නොපැවරිය යුතුයි.

වර්තමාන සංහිදියාව නම් කෘතිම වැඩපිළිවෙලට වඩා අතීතයේ මහා සංඝරත්නය සැබෑ සංහිදියාවෙන් යුතුව ජීවත්වුණා. ශ්‍රී දළදා මාලිගාව සතු ඉඩම් පවා මුස්ලිම් ජාතිකයන්ට ලබාදී ඔවුන්ගේ ආගමික ස්ථාන ඉදිකිරීමට මහ සංඝරත්නය එදා අනුමැතිය ලබා දුන්නේ හෙළ භික්ෂුන් වහන්සේ තුළ ඇති සංහිදියාව නිසයි. සංහිදියාවට සැබෑ සුදුස්සෝ වන්නේ රට බෙදීමට උත්සහ කරන පිරිස් නොව මහා සංඝරත්නයයි.

ජනාධිපතිතුමනි, මාධ්‍ය මගින් ඔබතුමා කරන අභීත සෘජු ප්‍රකාශ පිළිබද ජනතාව තුළ ඇති විශ්වාසය පළුදුවී තිබෙනවා. වරින් වර මාධ්‍ය මගින් බැට් බද්ද, මහා පරිසර විනාශය, රණවිරුවන් අධිකරණයට ගෙන යාම, ආබාධිත රණවිරුවන්ට පහරදීම වැනි අවස්ථාවලදී ඔබ මාධ්‍ය මගින් කළ ප්‍රකාශවලට ජනතාව යම් විශ්වාසයක් ඔබ පිළිබදව ඇති කර ගත්තා. නමුත් ක්‍රියාවේදී රජය ඒ ඊට හාස්පසින්ම වෙනස් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව දැන් බෙහෙවින්ම පැහැදිලියි. මාධ්‍ය මගින් කරන එවැනි ප්‍රකාශ ජනතාව නොමග යැවීමට සිදුකරන ප්‍රකාශ බව මේ වන විට පැහැදිලිවී තිබෙනවා.

රටේ ජනාධිපතිවරයා වශයෙන් සත්‍ය දකින්නේ පුවත්පත්වල පළවූ අවස්ථාවේ යැයි කීම ජනාධිපතිවරයෙකුට සුදුසු නැහැ. ඔබ රටට අහිතකර පුවත් පළ කරන මාධ්‍ය ප්‍රසිද්ධියේ විවේචනය කරනවා. නමුත් ඒ මාධ්‍ය කළ උපකාරය නිසයි මෛත්‍රීපාල සිරිසේන නම් ජනාධිපතිවරයා නිර්මාණය වුණේ. ආණ්ඩුවක් පෙරළා නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍ය කටයුතු කළා. අද ඔබතුමා අතින් ඒ මාධ්‍ය විවේචනය වුවත් සැබවින්ම සිදුව ඇත්තේ මාධ්‍ය නිවරැදිව එදා මෙන් වාර්තාකරන අතර රටේ පාලන පංතිය ජනතාවට පීඩා වන අයුරින් වැරදි ලෙස හැසිරීමයි.

තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරමින් විවේචන හා හෙළා දැකීම් මැද මාධ්‍ය කටයුතු කරන අතර පාලන පංතිය සිදු කළ යුත්තේ එම මාධ්‍ය විවේචනය කර ඔවුන් පාලනය කිරීමට උත්සහ කිරීම නොව තමන්ගේ පාලන ක්‍රමය සකස් කර ගැනීම යැයි පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වැඩිදුරටත් සදහන් කරයි.

නදීක දයා බණ්ඩාර
මහනුවර

රූපවාහිනී සංස්තාවත් විකුනන ලකුණු

පඩි ගෙවන්න සල්ලි නෑ.. රූපවාහිනි සංස්ථාව බංකොලොත්.. විකුණන්න යන බවට සැක…





රූපවාහිනි සංස්ථාවේ සේවකයින්ගේ මේ මස වැටුප ගෙවා ගෙවා ගැනීමට නොහැකිව එහි පාලනාධිකාරිය මුල්‍ය අර්බුදයකට පත්ව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මෙම මස වැටුප ගෙවා දැමීම ඇතුළු උවමනාවන් වෙනුවෙන් ලංකා බංකුවෙන් මිලියන සියයක බංකු අයිරාවක් ඉල්ලා සිටියද එය ප‍්‍රතික්‍ෂෙප කර ඇත්තේ රූපවාහිනි සංස්ථාවට ගෙවීමේ හැකියාව අවම බව කියමිනි.

මේ අතර සංස්ථා සේවකයින් අතර සාකච්චා වෙමින් ඇත්තේ ආයතනය පඩි ගෙවා ගත නොහැකි තරමට පාඩු ලබන බව පෙන්වමින් ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයෙකුට විකුණා දැමීමේ සැලසුමක් ක‍්‍රියාත්මක බවන බවකි

රජය ලංකාව විකුනනවා - අනුර කුමාර

ආණ්‌ඩුව ඛනිජ වැලි සමාගම විකිණීමට හදනවා
- අනුර කුමාර දිසානායක


කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්


රන් බිජු දමන කිකිළිය මරා බිත්තර සෙවීමේ උත්සාහයක නිරත ආණ්‌ඩුව ලංකා ඛනිජ වැලි සමාගම විකුණා දැමීමට ප්‍රයත්න දරන බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ස්‌ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක්‌ කරමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.


රජය සතු ශ්‍රී ලංකා ඛනිජ වැලි සමාගම පෞද්ගලික අංශයට පැවරීමට යන බවට වන පුවත් සම්බන්ධයෙන් පැනනැ`ගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.


ශ්‍රී ලංකාවේ මුලතිව් සිට නිලාවේලි දක්‌වා සැතපුම් 40 ක පමණ ප්‍රදේශයක විහිදී ඇති ඛනිජවැලි නිධිය ඉල්මනයිට්‌ රූටයිල්, සර්කෝන්, සිලිමනයිට්‌, මොනසයිට්‌ සහ ගානට්‌ වැනි වටිනා ඛනිජ සම්පත් 70% 80% ප්‍රමාණයක්‌ අඩංගු ලෝකයේ අනගිතම ඛනිජවැලි නිධියක්‌ද වනවා. මෙම ඛනිජවැලි නිධිය පදනම් කරගනිමින් පුල්මුඩේ ප්‍රදේශයේ පිහිටු වන ලද කර්මාන්ත ශාලාව මෙරට පාසැල් අධ්‍යාපනය ලද සියලු දෙනාපාහේa මතකයෙන් සලකුණු කිරීමට දන්නා ස්‌ථානයක්‌ව තිබුණා. 1957 දී මෙම කම්හල ස්‌ථාපිත කරන ලද්දේ ඛනිජවැලි සංයුක්‌ත මණ්‌ඩලය යටතේයි. කෙසේ වුවද පෞද්ගලීකරණයේ පළමු පියවර ලෙස 1992 දී මෙම ආයතනය ශ්‍රී ලංකා ඛනිජ වැලි සමාගම හෙවත් ශ්‍රී ලංකා මිනරල් සෑන්ඩ්ස්‌ ලිමිටඩ් ලෙස රාජ්‍ය සමාගමක්‌ බවට පත් කරනු ලැබුවා. එහෙත් එය පෞද්ගලික අංශයට මුළුමනින්ම පැවරීමට මෙතෙක්‌ පැවති ආණ්‌ඩුවලට හැකියාවක්‌ ලැබුණේ නැහැ.


පුල්මුඩේ පිහිටි ඛනිජ වැලි යන්ත්‍රාගාරයෙන් ඛනිජ නිධිය පිරිපහදු කිරීමෙන් ඉල්මනයිට්‌ රූටයිල් හයිටයි ඉල්මනයිට්‌, සර්කෝන් වැනි ඛනිජ ද්‍රව්‍ය විශාල ලෙස නිෂ්පාදනය කිරීමේ හැකියාවක්‌ ඇති අතර රටට විශාල විදේශ විනිමයක්‌ ද උපයා දෙනවා. මෙය රජයට වැය බරක්‌ නොවී සෘජුව සහ බදු වශයෙන් භාණ්‌aඩාගාරයට වාර්ෂිකව විශාල මුදලක්‌ උපයා දෙනු ලබන ආයතනයක්‌. එසේම එම ආයතනයේ සේවය කරනු ලබන 698 ක්‌ වන සේවක පිරිසට ප්‍රතිලාභ ලබා දෙන්නා වූ ද ආයතනයක්‌. එසේම අමුද්‍රව්‍ය ලෙස මෙම ඛනිජ අපනයනය කරනු වෙනුවට ඒ ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන කිරීමෙන් රටට ලැබිය හැකි ලාභය අති විශාල බවට සැකයක්‌ නැහැ. තෝරියම් වැනි වැඩි වටිනාකම ඉපිදවිය හැකි විකිරණශීලි මූලද්‍රව්‍ය අපනයනය මඟින් තවත් විදේශ විනිමය ඉපයිය හැකි ක්‌ෂේත්‍ර ගණනාවක විභවයන් ද මෙම ආයතනය සතුයි.


මෙම රත්තරන් බිජු දමන කිකිළිය මරා බිජු සෙවීමේ උත්සාහයන් අප පසුගිය කාලයේ අත්දුටුවා. පාලකයන් තුළද මෙම ලාභ ලබන ආයතනයේ සම්පත් තමන්ගේ ප්‍රයෝජනයට ගනු ලැබූ අවස්‌ථාවන්ද තමන්ගේ අන්තේවාසික ප්‍රධානීන් ලවා ඛනිජ වැලි තොග කුණු කොල්ලයට විකිණීමේ ජාවාරමක්‌ද ක්‍රියාත්මක වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එසේම වර්තමානයේ ආණ්‌ඩුව තමන්ගේ පෞද්ගලීකරණ වැඩපිළිවෙල යටතේ කෙටි කාලීන ලාභය වෙනුවෙන් ජාතියේ සම්පතක්‌ වන් මෙම ආයතනය විකුණා දැමීමට කැසකවමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මේ තත්ත්වය තුළ පැන නගින ජාතික ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්‌ෂා කරනවා.

අගමැති නීතියේ ආධිපත්‍ය මත තට්ටම පට්ටල කර වාඩි වී ඇත - ඇමති වාසුදේව

 අගමැතිගේ තට්ටම ගැන වාසු අලූත් කතාවක් කියයි..





අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද නිතීයේ ආධිපත්‍ය උඩ තට්ටම තියාගෙන වාඩිවී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර කියා සිටී.

අද පවතින අගමැතිගේ ආධිපත්‍ය අනුමත කල නොහැකි බවද පවසන මන්ත‍්‍රිවරයා අගමැතිවරයා බැදුම්කර මගඩියට විත්තිකරුවෙකු නිසා වහා ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා පොලිස්පතිගෙන් ලිපියක් ඉල්ලූවත් අද වන තෙක් පරීක්‍ෂණයක් සිදුවී නැතැයිද කීය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දරන තුරු බැදුම්කර මගඩිය ගැන කිසිදු පරීක්ෂණයක් සිදු නොවන්නේ යයිද කී ඔහු අද වන විට කතානායකවරයා, නිතීපතිවරයා පවා ඔහුගේ අණට යටත් බවද සදහන් කලේය

2016/11/24

අවම 25000 දඩයට විරුද්ධව විශාල වාහන වර්ජනයක්

 25,000ක දඩයට විරුද්ධව 1 සිට වර්ජනයක්




ප්‍රධාන වැරදි 7ක් සඳහා රු.25,000ක් දක්වා දඩ මුදල් ඉහළ නැංවීම හා අවම දඩ මුදල රු.2500ක් කිරීමට එරෙහිව දෙසැම්බර් 1වන දින මධ්‍යම රාත්‍රීයේ සිට වර්ජනයක් දියත් කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.


එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර අද(24)පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පුද්ගලික බස් රථ පමණක් නොව පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ,ත්‍රී රෝද රථ,කන්ටේනර් රථ පවා මෙම වර්ජනයට එක්වන බවයි.


තම සංගම ඇතුළු සංවිධාන 29ක් මෙම වර්ජනයට එක්වන බවත්,අත්තනෝමතික ලෙස දඩ මුදල් ඉහළ නැංවීම තුළින් ගැටළු රැසක් පැන නැඟී ඇති බවත් විජිත කුමාර මහතා සඳහන් කළේය.


වර්ජනයට පෙරාතුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්,ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් ලබා නොදුනහොත් අනිවාර්යෙන්ම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කළේය

25000 හේ දඩය දෙපාරක් කෑවොත් වාහනේ වටිනාකමත් ඉවරයි - දඩයට යතුරු පැදි සංගමේ විරෝදය. සම්පූර්න ලිපිය මෙතනින්

25,000ක් කිරීම ඉතා අසාධාරණ බව සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ දඩ පැනවිය යුත්තේ වාහනයේ වටිනාකම අනුව හෝ පදවන්නාගේ ආදායම අනුව බවයි.
එකී සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.
5456

අවලාද එපා, හැකිනම් ඔප්පු කර පෙන්වනු - පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අභියෝග කරයි

154huyyජනවාරි 8ට පෙර තමන් පෙන්වා දුන් පරිදි ඉන්දියාව සහ බටහිර රටවලට අවශ්‍ය ආකාරයට රූකඩ පාලකයන් පිරිසක් දැන් රටකරවන බවත්, නිසි නායකත්වයක් නොමැතිව රට අරාජිකවී ඇති බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

කොටි ත්‍රස්තවාදය ගොඩනැගුණාක් මෙන් ඊටත් වඩා භයානක ලෙස ඉස්ලාම් අන්තවාදය හොර රහසේ රට තුළ වැඩෙමින් පවතිද්දී දේශපාලන නායකයන් සංහිදියාවක් කතා කරමින් මේ රටේ ඓතිහාසික ජාතිය අනතුරට පත්කිරීමට දරණ වෑයම තරයේ හෙළා දකින බවද එහිමියෝ පැවසීය.

ආණ්ඩුව සිංහල බෞද්ධ බලවේග මර්ධනය කරමින් එක් අතකින් පහර දෙද්දී බලය තිබියදී තමන් පෙන්වාදුන් ගැටළුවලට කිසිදු විසදුමක් ලබා නොදුන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමද දැන් තමන් පහරදීමට පටන්ගෙන ඇති බවද පැවසූ ඥාණසාර හිමියෝ, වැටෙන ජාතිය ගැන වචනයක් කතා නොකරන දේශ ප්‍රේමයකින් ඵලක් නොමැති බවද පෙන්වා දුන්හ.

සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව ගොඩනැගෙමින් පවතින අන්තවාදයට එරෙහිව ක්‍රියා කරද්දී, රාජ්‍ය නොවන සංවිධානවලි මුදල් ලබාගෙන රටතුළ ජාතිවාදය අවුළුවන බවට ආණ්ඩුපක්ෂය සහ විපක්ෂයේ පිරිස්ද දිගින් දිගටම අවලාද නගන බව පැවසූ ඥාණසාර හිමියෝ, හැකිනම් එම චෝදනා ඔප්පුකර පෙන්වන්නැයිද අභියෝග කර සිටියහ

ශ්‍රීලංකාව UN හිදි සමලිංගිකත්වයට අත ඔසවයි

ශ‍්‍රී ලංකාව UN හිදී සමලිංගිකත්වය පිලිගනී.. අත් ඔසවා ඡන්දයත් දෙයි..






සමලිංගික, ද්විලිංගික හා ලිංගික සංක්‍රාන්තියට පත්වූවන්ගේ අයිතීන් රැකගැනීම වෙනුවෙන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කර ඇති නිලධාරියාගේ සේවය අත්හිටුවන ලෙස ගෙන එනු ලැබූ යෝජනාවක් පරාජයට පත්ව තිබේ.

මෙම යෝජනාව කෙටුම්පතක් ලෙස ගෙන එනු ලැබ ඇත්තේ අප්‍රිකානු රටවල් විසින්. එම යෝජනාව 84ට 77ක් ලෙස පරාජය පත්වෙද්දී රටවල් 17ක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

එහිදී ශ‍්‍රී ලංකාව ඡන්දය දුන්නේ සමලිංගික අයිතීන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ඡුන්දය දුන් රටවල් 84ක් සමග එම යෝජනාවට විරුද්දවයි.

රුසියාව, චීනය, ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක්ම මෙම මෙම යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබා දුන්හ

ශ්‍රී නි පක්ශය සුද්දයි - ඇමති මන්ත්‍රීවරු දෙදාහකට අදික පිරිසක් නෙලුම් මල් පොහොට්ටුව සමග පිපෙන්න සැරසෙයි

ශ‍්‍රීලනිපය සෝදා පාළුවට යයි.. හිටපු මන්ත‍්‍රීන් දෙදහසකට වැඩි පිරිසක් පොහොට්ටුවට එක්වෙයි..





ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් 2167ක් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට සුදානමින් සිටින බව පළාත් පාලන සංසදය පවසයි.

ඒ අනුව අද දිනයේ එහි මුල් පියවර එහි පළමු කණ්ඩායම ලෙස හිටපු ශ‍්‍රීලනිප පළාත් පාලන නියෝජිතයින් රැසක් නව පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනීමට නියමිතය.

ශ‍්‍රීලනිපයේ හිටපු පළාත් පාලන නියෝජිතයින් 98%ක් පමණ නව දේශපාලන පක්‍සය සමග එක්වනු ඇතැයිද ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.

2016/11/23

"මහජන අධිකරණය අභිමුවෙහි ශ්‍රීලංකා පොලීසිය" ප්‍රශිද්ධ දේශනයක් lawyer අජිත් ප්‍රසන්නගෙන්. ඔබටත් විවුර්ත ආරාධනයක්



"මහජන අධිකරණය අභිමුවෙහි ශ්‍රීලංකා පොලීසිය" ප්‍රශිද්ධ දේශනයක් lawyer අජිත් ප්‍රසන්නගෙන්. ඔබටත් විවුර්ත ආරාධනයක්.

2016/11/28 සවස 03:00 ට කොලඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාලයේදි මෙම දේශනය පැවැත්වේ. lawyer අජිත් ප්‍රසන්න ගෙන් ඔබටත් විව්‍ර්ත ආරාදනයක්.

හැකි අය පැමිනෙන්න. ඔබ නොදත් බොහෝ දේ දැන ගැනීමට ඔබටත් හැකියාව ඇත.

ලංකාවට ෆෙඩරල් ඕනෑ / විග්නේශ්වරම් තපුල්ලයි



යනුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලකයන් වැරදි ලෙස අර්ථගන්වා ඇති බව උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පවසයි.

එබැවින් වැරදි අර්ථකතනයක් ලබා දී ඇති ෆෙඩරල් ක්‍රමය සම්බන්ධයෙන් ඉදිරිපත් වන ඕනෑම යෝජනාවක් එක හෙලා ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පෙළඹී ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ෆෙඩරල් ක්‍රමයක් හඳුන්වා දීම යනු රට බෙදා වෙන් කිරීමක් ලෙස ජනතාවට ඒත්තු ගැන්වී තිබීම මීට හේතු වන බව ඔහු වැඩි දුරටත් කියා සිටියේ කොළඹ පදනම් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ යම් කෙනෙකු මියගිය පසු ඔවුන් සිහි කිරීම සාමාන්‍ය කරුණක් බැවින් මහවිරු දිනය නම් කොට ඇත්තේ යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සිහි කිරීම වෙනුවෙන් බවය.

එහි වරදක් නොපෙනෙන බව ප්‍රකාශ කළ ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රශ්න කළේ වසරේ එක් දිනකදී සියලුම ඥාතීන් එකතුව සිය පවුල්වල මියගිය සාමාජිකයන් සිහි කරමින් දෙවියන් වැඳීම වරදක්ද යන්නයි.

එල්ටීටීඊ සංවිධානය කෙරෙහි පවතින වෛරය මුල්කරගෙන ඒ දෙස බැලීමෙන් මේ ප්‍රශ්නය උද්ගත වී ඇති බව පවසන ප්‍රධාන අමාත්‍යවරයා දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සහ ඒ වෙනුවෙන් ගෙන ඇති පියවර මොනවාද යන්න සොයා බැලීම මේ හේතුවෙන් මගහැරෙන බව පැවසීය.
ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් වැඩි දුරටත් කියා සිටියේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ උතුරේ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉඩම් අක්කර දහසක් ලබා දෙන බව ප්‍රකාශ කළද සත්‍ය වශයෙන්ම ඔවුන්ට ලබා දී හැකිව ඇත්තේ අක්කර හාරසීයක් පමණක් බවය.

අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීමට නම් එම ඉඩම්වලින් යුද හමුදාව ඉවත් කළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.
– BBC

බප්පත්‍ර නොම්තිව ම්ගී පැටෙව්වොත් ලක්ශ 2 යි අවම දඩය / කොහොමද යහපලන බද්ද



ලයිසන් නැතුව මගීන් පැටෙව්වොත් දඩය ලක්ෂ 2යි-මතයක් පළකිරීම මාධ්‍ය මර්දනයක් නෙවෙයි



 බලපත්‍රයක් නොමැතිව මගීන් ධාවනය කරන බස් රථ සඳහා රු.10,000ක්ව පැවති දඩ මුදල රු.ලක්ෂ දෙක දක්වා ඉහළදමා තිබේ.

එ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව අද (23)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

වර්තමාන රජය කිසිදු අවස්ථාවක මාධ්‍ය මර්දනක්  සිදුකර නැති බවත්, රජයේ කිසිවෙකු මාධ්‍ය පිළිබඳ අදහසක් හෝ මතයක් පළකළ පමණින් එය මාධ්‍ය මර්දනයක් ලෙස සැලකිය යුතු නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

එහෙත් අද දවසේ මාධ්‍ය නිදහසක් නොමැති බවට චෝදනා එල්ල කරන මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේදී මාධ්‍යවේදීන් 13 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත්, 87 දෙනෙකුට හිරිහැර සිදුකළ බවත් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා සිහිපත් කළේය.

එහෙත් විද්‍යුත් මාධ්‍ය නියාමනය පිළිබඳ කිසිදු නියාමනයක් හෝ ආචාර ධර්ම පද්ධතියක් නොමැති බව පෙන්වා දුන් අතර අමාත්‍යවරයා ඒ සඳහා නියාමන ක්‍රමයක් සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍ය සංගම්, මාධ්‍යවේදීන් ඇතුළු මහජන සංවිධානවල අදහස් ලබා ගනිමින් ස්වාධීන මාධ්‍ය කොමිෂමක් මඟින් ක්‍රියාත්මක කිරීමට
අපේක්ෂා කරන බව අවධාරණය කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් විමසන ලද පැනයකට පිළිතුරු දෙමින් මෙම මාධ්‍ය හමුවට එක්වුණු සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ඒ-4 කොලයටත් තමාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යාමට සිදුවූ බවයි.

ඕනම කෙනෙකුට අල්ලස් කොමිසමට පැමිණිලි කළ හැකි බවත්,එහි දොරටුව විවෘතව පවතින බවත් ඒ අනුව වැදගැම්මකට නැති පැමිණිලි පවා ඇතැමුන් සිදුකරන බවත් සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර සාමාන්‍ය පුද්ගලයෙකුට තදබල අසනීපයක් සෑදුනු විටකදී වුව ජනාධිපති අරමුදලෙන් ලබාදෙනු ලබන්නේ ලක්ෂ දෙකක පමණ මුදලක් වුවද, රාජිත අමාත්‍යවරයා රොගාතුරු වූ අවස්ථාවේදී කෝටියක මුදලක් ලබාදුන් බව සත්‍යයක්දැයි මාධ්‍යවේදියෙකු විමසන ලදී.

ඊට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ තමාට ප්‍රතිකාර සඳහා කෝටියක මුදලක් ලැබුණු බව සත්‍යයක් බවයි.

තමාට පමණක් නොව ජනාධිපති අරමුදලෙන් කෝටියක මුදලක් කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාටද එකල ලැබුණු බවත්, සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් නොව මන්ත්‍රීවරයෙකුට විශේෂ වරප්‍රසාද පවතින බැවින් එවැනි මුදලක් ජනාධිපති අරමුදලෙන් ලැබීම ප්‍රශ්නයක් නොවන බවයි.

අනෙක් අතට ජනාධිපතිවරයා තීරණය කරනු ලබන්නේනම් සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද, ලක්ෂ දෙකකට වඩා වැඩි මුදලක් ලබාදීමට හැකියාව පවතින බව සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.













‘යහපාලන TOP 10 ’ තුන්වැනියා ඇමති මලික්… වංචාව කෝටි සියයයි.. පැමිණිල්ල ගොනු කරයි.. එක අගමැති.. දෙක මුදල් ඇමති..

‘යහපාලන TOP 10 ’ තුන්වැනියා ඇමති මලික්… වංචාව කෝටි සියයයි.. පැමිණිල්ල ගොනු කරයි.. එක අගමැති.. දෙක මුදල් ඇමති..
ඒකාබද්ද විපක්‍ෂය විසින් ‘යහපාලන ටොප් ටෙන්’ වැඩසටහන යටතේ ගොනු කරනු ලැබූ තුන්වන පැමිණිල්ල අද දිනයේ ඇමති මලික් සමරවික‍්‍රමට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාවට බාර දෙනු ලැබීය.

මහපොළ භාරකාර අරමුදල යටතේ තිබූ රුපියල් බිලියනයක මුදලක් සමරවික්‍රම ඇමතිවරයා විසින් වංචා කර ඇති බව පැමිණිල්ලේ දැක්වෙයි.

මෙම ‘යහපාලන ටොප් ටෙන්’ ලයිස්තුවේ පලමු පැමිණිල්ල අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිවත්, දෙවැන්න මුදල් ඇමති රවි කරුණානායකට එරෙහිවත් මීට පෙර ගොනු කරනු ලැබ තිබුණද අද වන විටත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා කියා සිටියේය

බ්‍රැසිල්ගේ ඉල්ලීමට fcid ය නිරීක්ශණ ඉල්ලයී

බැසිල්ගේ ඉල්ලීමට ඉඩදෙන්න FCID නිරීක්ෂණ ඉල්ලයි


තමාට විදේශගතවීමට අවසර ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අධිකරණයෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් නිරීක්ෂණ ලබාගැනීමට අවශ්‍ය බව නීතිපතිවරයා විසින් අද(23)කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ.


දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ලවන චෝදනාවන්ට අදාළව බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩු දෙකක් විභාගවෙමින් පවතින අතර එම නඩුවලට අදාළව ඔහුට විදේශ ගමන් තහනම් කර ඇත.


එසේ වුවද තමාට විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා විසින් අධිකරණයෙන් ඉල්ලීම් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් නිරීක්ෂණ ලබාගැනීමට  අවශ්‍ය බව සඳහන් කර තිබේ.


එම නිසා අදාළ ඉල්ලීම දෙසැම්බර් මස 2වන දින යළි කැඳවන බව කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනි කුසලා වීරවර්ධන මිය දැනුම්දී ඇති අතර එදිනට මෙම ඉල්ලීමට අදාළ විරෝධතාඇත්නම්  ඉදිරිපත් කරන ලෙස රජයේ නීතිඥවරියට දැනුම්දී තිබේ.


බැසිල් රාජපක්ෂ මහතා විසින් තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දෙසැම්බර් 10 සිට මාර්තු 01 වන දින දක්වා කාලය තුළ අමෙරිකාවේ සංචාරය කිරීමට අවශ්‍ය බවත්, ඒ සඳහා තමාට පනවා ඇති විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙසත් නීතිඥවරුන් මගින් අධිකරණයෙන් ඉල්ලා ඇත.