2016/11/25

රජය ලංකාව විකුනනවා - අනුර කුමාර

ආණ්‌ඩුව ඛනිජ වැලි සමාගම විකිණීමට හදනවා
- අනුර කුමාර දිසානායක


කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්


රන් බිජු දමන කිකිළිය මරා බිත්තර සෙවීමේ උත්සාහයක නිරත ආණ්‌ඩුව ලංකා ඛනිජ වැලි සමාගම විකුණා දැමීමට ප්‍රයත්න දරන බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ස්‌ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක්‌ කරමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.


රජය සතු ශ්‍රී ලංකා ඛනිජ වැලි සමාගම පෞද්ගලික අංශයට පැවරීමට යන බවට වන පුවත් සම්බන්ධයෙන් පැනනැ`ගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.


ශ්‍රී ලංකාවේ මුලතිව් සිට නිලාවේලි දක්‌වා සැතපුම් 40 ක පමණ ප්‍රදේශයක විහිදී ඇති ඛනිජවැලි නිධිය ඉල්මනයිට්‌ රූටයිල්, සර්කෝන්, සිලිමනයිට්‌, මොනසයිට්‌ සහ ගානට්‌ වැනි වටිනා ඛනිජ සම්පත් 70% 80% ප්‍රමාණයක්‌ අඩංගු ලෝකයේ අනගිතම ඛනිජවැලි නිධියක්‌ද වනවා. මෙම ඛනිජවැලි නිධිය පදනම් කරගනිමින් පුල්මුඩේ ප්‍රදේශයේ පිහිටු වන ලද කර්මාන්ත ශාලාව මෙරට පාසැල් අධ්‍යාපනය ලද සියලු දෙනාපාහේa මතකයෙන් සලකුණු කිරීමට දන්නා ස්‌ථානයක්‌ව තිබුණා. 1957 දී මෙම කම්හල ස්‌ථාපිත කරන ලද්දේ ඛනිජවැලි සංයුක්‌ත මණ්‌ඩලය යටතේයි. කෙසේ වුවද පෞද්ගලීකරණයේ පළමු පියවර ලෙස 1992 දී මෙම ආයතනය ශ්‍රී ලංකා ඛනිජ වැලි සමාගම හෙවත් ශ්‍රී ලංකා මිනරල් සෑන්ඩ්ස්‌ ලිමිටඩ් ලෙස රාජ්‍ය සමාගමක්‌ බවට පත් කරනු ලැබුවා. එහෙත් එය පෞද්ගලික අංශයට මුළුමනින්ම පැවරීමට මෙතෙක්‌ පැවති ආණ්‌ඩුවලට හැකියාවක්‌ ලැබුණේ නැහැ.


පුල්මුඩේ පිහිටි ඛනිජ වැලි යන්ත්‍රාගාරයෙන් ඛනිජ නිධිය පිරිපහදු කිරීමෙන් ඉල්මනයිට්‌ රූටයිල් හයිටයි ඉල්මනයිට්‌, සර්කෝන් වැනි ඛනිජ ද්‍රව්‍ය විශාල ලෙස නිෂ්පාදනය කිරීමේ හැකියාවක්‌ ඇති අතර රටට විශාල විදේශ විනිමයක්‌ ද උපයා දෙනවා. මෙය රජයට වැය බරක්‌ නොවී සෘජුව සහ බදු වශයෙන් භාණ්‌aඩාගාරයට වාර්ෂිකව විශාල මුදලක්‌ උපයා දෙනු ලබන ආයතනයක්‌. එසේම එම ආයතනයේ සේවය කරනු ලබන 698 ක්‌ වන සේවක පිරිසට ප්‍රතිලාභ ලබා දෙන්නා වූ ද ආයතනයක්‌. එසේම අමුද්‍රව්‍ය ලෙස මෙම ඛනිජ අපනයනය කරනු වෙනුවට ඒ ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන කිරීමෙන් රටට ලැබිය හැකි ලාභය අති විශාල බවට සැකයක්‌ නැහැ. තෝරියම් වැනි වැඩි වටිනාකම ඉපිදවිය හැකි විකිරණශීලි මූලද්‍රව්‍ය අපනයනය මඟින් තවත් විදේශ විනිමය ඉපයිය හැකි ක්‌ෂේත්‍ර ගණනාවක විභවයන් ද මෙම ආයතනය සතුයි.


මෙම රත්තරන් බිජු දමන කිකිළිය මරා බිජු සෙවීමේ උත්සාහයන් අප පසුගිය කාලයේ අත්දුටුවා. පාලකයන් තුළද මෙම ලාභ ලබන ආයතනයේ සම්පත් තමන්ගේ ප්‍රයෝජනයට ගනු ලැබූ අවස්‌ථාවන්ද තමන්ගේ අන්තේවාසික ප්‍රධානීන් ලවා ඛනිජ වැලි තොග කුණු කොල්ලයට විකිණීමේ ජාවාරමක්‌ද ක්‍රියාත්මක වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එසේම වර්තමානයේ ආණ්‌ඩුව තමන්ගේ පෞද්ගලීකරණ වැඩපිළිවෙල යටතේ කෙටි කාලීන ලාභය වෙනුවෙන් ජාතියේ සම්පතක්‌ වන් මෙම ආයතනය විකුණා දැමීමට කැසකවමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

මේ තත්ත්වය තුළ පැන නගින ජාතික ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්‌ෂා කරනවා.

No comments:

Post a Comment