veryfastnews.tk
The speed news web in world wide
2018/01/29
පිලිකා රෝගින් අමාරුවෙ - රාජිත පිස්සු නටයි
පිළිකා බෙහෙත් අතට අරන් සෞඛ්‍ය අමාත්‍යාංශය නාඩගමක් නටයි medi හිස සහ ගෙල පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධයක් වන නිමොටුසුමැබ් (Nimotuzumab) එන්නත් 600 ක් සඳහා අනුමතව තිබු ටෙන්ඩරයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්හිටුවීම හේතුවෙන් රට පුරා රෝහල්වල හිස සහ ගෙල පිළිකා රෝගීන් මේ වන විට දැඩි අවදානමකට ලක් ව ඇත. මෙම ඖෂධය (නිමොටුසුමැබ්) සඳහා ආදේශක ඖෂධ නොමැතිවීම මෙම අවදානම් තත්ත්වය තව තවත් තීව්ර කරන්නකි. නිමොටුසුමැබ් ඖෂධය වසර 7-8ක් තිස්සේම හිස සහ ගෙල පිළිකා රෝගීන් සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා කරන්නකි. මේ වන විට එම ඖෂධ එන්නත් 20,000 (විසිදහසක් පමණ) රෝගීන් 1000-1500 අතර ප්‍රමාණයකට භාවිතා කර තිබේ. අදාළ ටෙන්ඩරය අත්හිටුවීමට හේතුව වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටින්නේ එම ඖෂධය (නිමොටුසුමැබ්) මේ වන විට හිඟව නොපවතින බව යෑයි ද වාර්තාවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය එසේ පවසා සිටියද 2017 වර්ෂයේ මුල් සහ මැද කාර්තුව වන විට නිමොටුසුමැබ් (Nimotuzumab) නමැති මෙම ඖෂධය මසකට එන්නත් 1,040 ක පමණ හිඟයක් මතුව පැවතුණි. medi2MSD/SB14/Special/03/2017 දරන ටෙන්ඩර් පත් අංකය යටතේ 2017 ජනවාරි මස 13 වැනිදා විවෘත කරන්නට යෙදුනු ටෙන්ඩරය මගින් නිමොටුසුමැබ් (Nimotuzumab) එන්නත් 600 ක් සඳහා ඇණවුම් කර ඇතත් හිඟයක් නොපවතින බව පවසමින් එම ටෙන්ඩරය අත්හිටු වන්නේ මසකට අති විශාල ප්‍රමාණයක හිඟයක් පවතින තත්ත්වයක් යටතේය. දිවයින පුරා ප්‍රධානතම රෝහල් ගණනාවකම ඒ වන විට මෙකී ඖෂධ හිඟය පැවතුණි. ඒ අනුව නුවරඑළිය මහා රෝහල, මහරගම පිළිකා රෝහල, නුවර මහ රෝහල, කුරුණෑගල මහ රෝහල සහ බදුල්ල මහ රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි රෝහල් 12 ක පැවැති එම හිඟය වර්තමානයේ ද එලෙසම පවති. 2017 මැයි මස 31 වැනි දාතමින් යුතු ලිපියක් මඟින් නුවරඑළිය මහ රෝහලේ බලධාරීන් විසින් තම රෝහලට මෙම ඖෂධ එන්නත් අවශ්‍ය බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපැයුම් අංශයට දන්වන අතර එය වෛද්‍ය සැපැයුම් අංශයද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ද අනුමත කර ඇත. මහරගම අපේක්ෂා රෝහලට මසකට මෙම ඖෂධ එන්නත් 220 ක ප්‍රමාණයක් අවශ්‍ය බවට එහි වෛද්‍යවරුන් විසින් යවන ලද 2017 ජුනි මස 28 වැනි දාතමින් යු=තු වෛද්‍ය සැපැයුම් අංශය මඟින් ද අනුමත කරන්නට යෙදුනු ලිපිය මඟින් තහවුරු වේ. 2017 ජූනි මස 2 වැනි දාතමින් යුතු ලිපියක් මඟින් මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහතික කරන්නේ මසකට මෙම නිමොටුසුමැබ් (Nimotuzumab) ඖෂධ එන්නත් 240 ක ප්‍රමාණයක් තම රෝහලට අවශ්‍ය වන බවයි. එය වෛද්‍ය සැපැයුම් අංශයේ ගණකාධිකාරි පී. එස්. ඩී. කුරේ මහතාද අනුමත කර තිබේ. medi3කුරුණෑගල මහ රෝහලට මසකට මෙම ඖෂධ එන්නත් 100 ක් අවශ්‍ය බවට එහි විශේෂඥ වෛද්‍යවරු 2017 මැයි මස 23 වැනි දාතමින් යුතු ලිපියක් මඟින් වෛද්‍ය සැපැයුම් අංශයට දන්වා ඇත. එමෙන්ම බදුල්ල මහ රෝහලට මසකට නිමොටුසුමැබ් (Nimotuzumab) ඖෂධ එන්නත් 480 ක ප්‍රමාණයක් අවශ්‍ය බව එහි විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මඟින් වෛද්‍ය සැපැයුම් අංශයට දන්වන්නේ 2017 මැයි මස 31 වැනි දාතමින් යුතු ලිපියක් මඟිනි. මෙම සියලු රෝහල් එලෙස මෙම ඖෂධයේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් වෛද්‍ය සැපැයුම් අංශයට කරුණු දක්වන්නේ 2017 මැයි මස 3 වැනි දාතමින් යුතුව වෛද්‍ය සැපැයුම් අංශයේ අධ්යක්ෂ ලාල් පනාපිටිය මහතා විසින් එම රෝහල් වෙත යොමු කරන ලද ලිපි වලට පිළිතුරු වශයෙනි. මේ අනුව දළ වශයෙන් මසකට මෙම ඖෂධ එන්නත් 1,040 පමණ අවශ්‍යතාවයක් තිබිය දී එන්නත් 600 ක ටෙන්ඩරයක් අත්හිටුවීමේ සෞඛ්‍ය අමාත්‍යාංශ ක්‍රියාමාර්ගය හේතු කොටගෙන එහි සියලු පව් ගෙවන්නට සිදු වී ඇත්තේ අහිංසක පිළිකා රෝගීන්හටය. මෙලෙස අභියෝගයට ලක් කෙරෙන්නේ පිළිකා රෝගියාට ජීවත් වීමට ඇති අයිතිය වීම මෙහි බැරෑරුම් තත්ත්වය වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින්ම ටෙන්ඩර් කැඳවීමක් සිදුකොට එම අමාත්‍යාංශය මඟින්ම එය අත්හිටුවා එම අමාත්‍යාංශයම හෙළි කරගත් තොරතුරු මත එකී ඖෂධයේ මසකට එන්නත් 1,040 ක් පමණ හිඟයක් පවතින බව තහවුරු කර ගැනීම මෙහි ඇති හාස්‍යජනකම ස්වභාවයයි. ඖෂධය හිඟව පවතිද්දීත් ඒ සඳහා ටෙන්ඩරය අනුමතව පවතිද්දීත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් අනුගමනය කර ඇති මෙම අදූරදර්ශි ක්‍රියාමාර්ගය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මකව පවතින බවට කිසිදු සැකයක් නැත. එම අදෘශ්‍යමාන හස්තය මඟින් මේ හිර කරන්නේ අසරණ පිළිකා රෝගියාගේ ගෙලයි. නඳුන් වික්‍රමසිංහ
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment