2017/03/12

මහනාහිමි වරුන්ට සැප වාහන දී ආණ්ඩුවේ ඇමතිවරු සැප වාහන අලුතින් ගන්න එක ජනතාවගෙන් නොමග යැවීමේ සූදානමක්

ඇමතිවරුන්ගේ කෝටි ගණන් වාහන වහගන්න, නායක හිමිවරුන්ට අධි සුඛෝපභෝගී වාහන දෙන්න යෝජනාවක් – අපිට එපා නායක හිමිවරු කියයි

ඇමතිවරුන්ගේ කෝටි ගණන් වාහන වහගන්න, නායක හිමිවරුන්ට අධි සුඛෝපභෝගී වාහන දෙන්න යෝජනාවක් – අපිට එපා නායක හිමිවරු කියයි
නායක භික්‍ෂුන් වහන්සේලා සිවු නමකට සුඛෝපභෝගී වාහන හතරක් පූජා කිරීම සදහා ආර්ථික කමිටුවට යොජනාවක් ඉදිරිපත් වී ඇත.
ප‍්‍රධානතම අමාත්‍යංශයක් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ගිය සතියේය.
නමුත් එම භික්‍ෂූන් වහන්සේලා සිවු නමට දැනටමත් අධි සුඛෝපභෝගී වාහන හිමිව තිබීම නිසා ඊට අනුමැතිය හිමිව නැතත් යෝජනාව ප‍්‍රතික්‍ෂෙප නොකර ඉදිරියේදී සලකා බැලීමට තීරණය කර තිබේ.
කෙසේනමුත් මේ පිලිබඳ විමසීමේදී නායක හිමිවරුන් දෙපලක් පවසා සිටියේ තමන්ට මේ පිලිබඳ කිසිදු දැනුම් දීමක් නොකළ බවත් එසේ දැනුම් දුන්නා නම් ප්‍රතික්‍ෂේප කරන බවත්ය. තමන් වහන්සේලාට සැප වාහන අනවශ්‍ය බවත් තමන්ට රජයෙන් දැනට දී ඇති වාහනය හොඳටම ඇති බවත්ය. උන්වහන්සේලා පවසා සිටියේ ඇමතිවරුන්ට ගෙනෙන්නට යන කෝටි ගණන් වටිනා වාහන ගැන මතය යටපත් කිරීමට උන්වහන්සේලාට වාහන දී මහජන මතය වෙනතකට හැරවීමට රජය උත්සහ කරන බවකි.

No comments:

Post a Comment