
කොටි ත්‍රස්තවාදය ගොඩනැගුණාක් මෙන් ඊටත් වඩා භයානක ලෙස ඉස්ලාම් අන්තවාදය හොර රහසේ රට තුළ වැඩෙමින් පවතිද්දී දේශපාලන නායකයන් සංහිදියාවක් කතා කරමින් මේ රටේ ඓතිහාසික ජාතිය අනතුරට පත්කිරීමට දරණ වෑයම තරයේ හෙළා දකින බවද එහිමියෝ පැවසීය.
ආණ්ඩුව සිංහල බෞද්ධ බලවේග මර්ධනය කරමින් එක් අතකින් පහර දෙද්දී බලය තිබියදී තමන් පෙන්වාදුන් ගැටළුවලට කිසිදු විසදුමක් ලබා නොදුන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමද දැන් තමන් පහරදීමට පටන්ගෙන ඇති බවද පැවසූ ඥාණසාර හිමියෝ, වැටෙන ජාතිය ගැන වචනයක් කතා නොකරන දේශ ප්‍රේමයකින් ඵලක් නොමැති බවද පෙන්වා දුන්හ.
සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව ගොඩනැගෙමින් පවතින අන්තවාදයට එරෙහිව ක්‍රියා කරද්දී, රාජ්‍ය නොවන සංවිධානවලි මුදල් ලබාගෙන රටතුළ ජාතිවාදය අවුළුවන බවට ආණ්ඩුපක්ෂය සහ විපක්ෂයේ පිරිස්ද දිගින් දිගටම අවලාද නගන බව පැවසූ ඥාණසාර හිමියෝ, හැකිනම් එම චෝදනා ඔප්පුකර පෙන්වන්නැයිද අභියෝග කර සිටියහ
No comments:
Post a Comment