2023/01/13

ත්‍රී විලරයේ ගිය විදෙස් තරුණියගෙන් රියදුරා මුදල් වෙනුවට වෙන දේවල් ඉල්ලලා

 


ප්‍රංශ ජාතික කාන්තාවකගෙන් කුලී ගමන් ගාස්තුව වෙනුවට අයථා ක්‍රියාවලියකට එක්වන්නැයි අරාධනා කළ ත්‍රිරෝද රථ රියැදුරකු ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අංක 06 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත නිදහස් කර තිබේ.

එසේ නිදහස් කළ සැකකරු ඊයේ (12) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණි. පසුගිය ජනවාරි 02 දා සිදුවී තිබූ මෙම සිද්ධිය පැමිණිල්ලට අනුව සැකෙවින් මෙසේය.

රැකියා වීසා මත මෙරට රැඳී සිටි 35 හැවිරිදි අදාළ ප්‍රංශ ජාතික කාන්තාව සිද්ධිය වූ දින කොල්ලුපිටිය ප්‍රදේශයේදී කුලී ගමනක් සඳහා කුලී ගමන් සේවා සපයන ආයතනයකට
ලබාදුන් පණිවිඩයට අනුව පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරුට ගමනාන්තය සඳහන් කර බැංකු කාඩ්පතක් මගින් මුදල් ගෙවිය හැකිබව පවසා තිබේ. මෙහිදී එය ප්‍රතිෂේප කර තිබෙන රියදුරු ගමන් ගාස්තුව වෙනුවට අයථා ක්‍රියාවලියකට ඇයට ආරාධනා කර තිබේ.

මෙහිදී එම රියැදුරුට බැණවැදී එලවා දැමු ඇය අදාළ සිද්ධිය ඉන් දින දෙකකට පසු එනම් ජනවාරි 04 දා ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම කාර්යාංශය අකුරණ පදිංචිකරුවකු වන 28 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන එදිනම අධිකරණය වෙත ඉදිරිපත් කර
තිබිණි.


සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකා මහත්මියගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක චතුරංග ඇතළු නිලධාරින් පිරිසක් විසින් පරීක්‍ෂණ කටයුතු සිදු කරයි.

උපුටාගැනීම- ඇන්ටන් ප්‍රනාන්දු
(දිවයින)


Copy from neth gossip 

රෙජිනෝල්ඩ් කුරේ ජීවිත ගමනට සමුදෙයි

 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා කළුතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වාද්දුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති රැස්වීමක් අතරතුර හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කළුතර රෝහලට මාරුකර යවා ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා එම හෝටලයේදී සාකච්ඡාවකට එක්වෙමින් සිටියදී ඔහු මෙලෙස රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

2023/01/09

මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගංජා සමඟ අත්අඩංගුවට

 



මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර ගංජා තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සතුව තිබී ගංජා කිලෝ 15කට ආසන්න ප්‍රමාණයක් සහ පොළව අභ්‍යන්තරය නිරීක්‍ෂණය කළ හැකි යන්ත්‍රයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ.

 

අදාළ නිලධාරියා සමග තවත් සැකකරුවන් හතර දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.

ලකුණ, හෙලිකොප්ටර් එකද, පහනද, තුන් කට්ටුවේ තීරණය!


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,විමල් වීරවංශ පාර්ශවය සහ ඩලස් අලහප්පෙරුම යන පාර්ශව තුනම ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරඟ කිරීමට සූදානම් බව වාර්තා වෙනවා .

වෙනම ලකුණකින් ඔවුන් මැතිවරණයට ඉදිරිපත් වන අතර බොහෝ විට එම පෙරමුණේ ලකුණ හෙලිකොප්ටරය හෝ පහන වනු ඇති බවයි නෙත් ගොසිප් වෙත වාර්තා වූයේ.