2016/11/04
රජයට ඔනෑම වෙලාවක චන්දය තබන්න පුලුවන් නමුත් හිතා මතා කල් දානවා - මහින්ද මහතා පවසයී
ඕනැම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට මුහුණදීමට ජනතාව සූදානමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රජයට මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබුණ ද එය සිතා මතා කල්දමන බවයි.ගම්පහ ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඉදිරි සති කිහිපය තුළ නව පක්ෂයට අදාළව ශාඛා සමිති 12,000ක් පමණ පිහිටුවන බවයි.
බැදුම්කර මගඩියේ රනිල් වරදකරුවකු බව මහින්දානන්ද ඔප්පු කරයි - අජිත් පෙරේරා ගොලු වෙයි
නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා අගමැති රනිල් වික්‍රමසිංහගේ ඇල්ශේෂන් බල්ලෙක් වගේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා හිරු රූපවාහිනියේ පැවති බලය දේශපාලන සංවාද වැඩසටහනේදී කියා සිටියේය.
මහ බැංකුවේ බැදුම්කර මගඩියට අගමැති රනිල් වික්‍රමසිංහ සෘජුවම සම්බන්ධ බවට හේතු 14ක්ද ඉදිරිපත් කල අලූත්ගමගේ මහතා කියා සිටියේ හැකි නම් අදාල චෝදනා බිද දමන්නැයි කල අභියෝගය වැඩසටහන පුරා බිද දමන්නට නියෝජ්‍ය ඇමතිවරයා සමත් වූයේ නැත.
තවත් අවස්ථාවක මහින්දානන්ද මන්ත්‍රිවරයා කියා සිටියේ මේ වන විට අජිත් පී පෙරේරා වෙනුවට ෆුට් නෝට් පෙරේරා ලෙස නාමකරණය වී ඇති බවත් තමත් හොද නමක් ඇතත්ත එය කියන්න හොද නැති බවත්ය.
පුංචි චන්දය ගැන මේ සතියේ තීරනයක් නොගත්තොත් මාරාන්තික උපවාසයක් - ඩලස්
අනුර බාලසූරිය
පළාත් පාලන මැතිවරණය පිළිබඳ මේ සතිය තුළ තීරණයක් නොලැබුණහොත් මැතිවරණ කාර්යාලය ඉදිරිපිටදී මාරාන්තික උපවාසයකට හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. මෙම උපවාසයට ඒකාබද්ධ විපක්ෂයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් පමණක් නොව එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයන්ද අත්වැල් බැඳගන්නා බව හෙතෙම සඳහන් කළේය.
බොරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පෙරේදා (2 දා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ ද කීවේය.
පළාත් පාලන ආයතන 61 ක සංශෝධන ඉදිරිපත් වෙලා නෑ. 61 ක සීමා නිර්ණය පිළිගෙන තිබෙනවා. සීමා නිර්ණය නිරවුල්. එය ජනාධිපතිවරයාගේ අත්සනින් අගෝස්තු මාසයේ ගැසට් කර තිබෙනවා. එහෙම නම් දැන් මැතිවරණය තියන්න. අපි ඒකාබද්ධ විපක්ෂය මැතිවරණ කොමිසමේ සභාපතිට කියනවා ඔබේ නිර්භීතභාවය ප්‍රකාශ කරන්න කියලා. කරුණාකර මේ පළාත් පාලන 61 ක මැතිවරණ පැවැත්වීමේ අභියෝගාත්මක තීරණය ප්‍රකාශයට පත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටිනවා.
ආණ්ඩුව කොටින්ට වන්දි ගෙවන නිසා රණවිරුවන්ට දෙන්න සල්ලි නෑ - වීරවංශ පර ආන්ඩුවේ රෙදි ගලවයි
මියගිය කොටි ත්රස්තවාදීන්ට වන්දි ලබා දීමට කැබිනට් තීරණ ගන්නා වත්මන් ආණ්ඩුව, වසර 12කට වඩා අඩු සේවා කාලයක් ඇති ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුපක් ලබා දීමට මීට වසර 02කට පෙර පසුගිය ආණ්ඩුව ගනු ලැබූ කැබිනට් තීරණය මෙතෙක් ක්රියාක්මක කර නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.ඔහු මේ බව පැවසුවේ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වාගෙන යන ආබාධිත රණවිරු සත්‍යග්‍රහයට සහභාගී වී සිටින රණවිරුවන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.
“මේ රටේ දෙමාව්පියන්ගේ, දූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු ආරක්ෂක හමුදාවල ආබාධිත සාමාජිකයන්ට අද තමන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය ඉල්ලලා පාරට බහින්න වෙලා තිබෙනවා. පසුගිය ආණ්ඩුව විසින් මේ අයගේ විශ්‍රාම වැටුප් අයිතිය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දුන්නේ 2014 නොවැම්බර් මාසයේදීයි. නමුත් රට වෙනුවෙන් අත, පය, ඇස් අහිමිකරගත් මේ පිරිසට විශ්‍රාම වැටුප් ලබා දෙන්න මේ වසර 02 තුළ මේ ආණ්ඩුව කටයුතුකර නැහැ.අද මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළ කැබිනට් මණ්ඩල පත්‍රිකා සම්මත වෙනවා, මියගිය කොටි ත්රස්තවාදීන්ට වන්දි ලබා දීමට. එහෙම කොටි ත්රස්තවාදීන්ට වන්දි ගෙවන්න කැබිනට් තීරණ ගන්නා මේ ආණ්ඩුව මේ රට වෙනුවෙන් අතපය අහිමිකරගත් රණවිරුවන් වෙනුවෙන් සොච්චම් මුදලක් වැය කිරිමේ තීරණය නොගෙන ඉන්නවා. මේ ආණ්ඩුව අද රණවිරුවන්ගේ දරු පවුල් අසරණ කරලා තිබෙනවා. ඒ වගේම රණවිරුවන්ගේ අභිමානය කෙළෙසලා තිබෙනවා. ‘රටක් බේරාගත් රණවිරුවා’ කියන සංකේතය තමයි අද මහ පාරේ විශ්‍රාම වැටුප් ඉල්ලන තත්වයට ඇද දමලා තිබෙන්නේ. මෙය අභිමානවත් ජාතියකට තවදුරටත් ඉවසන්න පුළුවන් කාරණයක් නොවෙයි.ඒ නිසා මේ ආණ්ඩුවේ කුමන හෝ සදාචාරයක් තිබෙන බලධාරියකු ඉන්නවානම් අපි ඔහුගෙන් ඉල්ලා සිටිනවා, ‘කරුණාකරලා මේ ආබාධිත රණවිරුවන්ට හිමි විශ්‍රාම වැටුප් කඩිනමින් ලබාදෙන්න. ඔවුන්ට නිදහසේ ජීවත්වීමේ ඉඩ හදා දෙන්න කියලා”
අනුරුද්ධ බණ්ඩාර
රණවාරණමාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
“මේ රටේ දෙමාව්පියන්ගේ, දූ දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු ආරක්ෂක හමුදාවල ආබාධිත සාමාජිකයන්ට අද තමන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය ඉල්ලලා පාරට බහින්න වෙලා තිබෙනවා. පසුගිය ආණ්ඩුව විසින් මේ අයගේ විශ්‍රාම වැටුප් අයිතිය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දුන්නේ 2014 නොවැම්බර් මාසයේදීයි. නමුත් රට වෙනුවෙන් අත, පය, ඇස් අහිමිකරගත් මේ පිරිසට විශ්‍රාම වැටුප් ලබා දෙන්න මේ වසර 02 තුළ මේ ආණ්ඩුව කටයුතුකර නැහැ.අද මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය තුළ කැබිනට් මණ්ඩල පත්‍රිකා සම්මත වෙනවා, මියගිය කොටි ත්රස්තවාදීන්ට වන්දි ලබා දීමට. එහෙම කොටි ත්රස්තවාදීන්ට වන්දි ගෙවන්න කැබිනට් තීරණ ගන්නා මේ ආණ්ඩුව මේ රට වෙනුවෙන් අතපය අහිමිකරගත් රණවිරුවන් වෙනුවෙන් සොච්චම් මුදලක් වැය කිරිමේ තීරණය නොගෙන ඉන්නවා. මේ ආණ්ඩුව අද රණවිරුවන්ගේ දරු පවුල් අසරණ කරලා තිබෙනවා. ඒ වගේම රණවිරුවන්ගේ අභිමානය කෙළෙසලා තිබෙනවා. ‘රටක් බේරාගත් රණවිරුවා’ කියන සංකේතය තමයි අද මහ පාරේ විශ්‍රාම වැටුප් ඉල්ලන තත්වයට ඇද දමලා තිබෙන්නේ. මෙය අභිමානවත් ජාතියකට තවදුරටත් ඉවසන්න පුළුවන් කාරණයක් නොවෙයි.ඒ නිසා මේ ආණ්ඩුවේ කුමන හෝ සදාචාරයක් තිබෙන බලධාරියකු ඉන්නවානම් අපි ඔහුගෙන් ඉල්ලා සිටිනවා, ‘කරුණාකරලා මේ ආබාධිත රණවිරුවන්ට හිමි විශ්‍රාම වැටුප් කඩිනමින් ලබාදෙන්න. ඔවුන්ට නිදහසේ ජීවත්වීමේ ඉඩ හදා දෙන්න කියලා”
අනුරුද්ධ බණ්ඩාර
රණවාරණමාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
මෛත්‍රී,බ්රැසිල්,නාමල්,මහින්ද රහස් හමුවක් - රනිල්ට වැලේ වැල් නැති වෙයි
පුරවැසි බලය සංවිධානය විසින් කොළඹදී පැවති සභාවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ වෙත දැඩි ලෙස විවේචනය එල්ල කලේය.
සභාව අමතමින් ගාමිණී වියන්ගොඩ මහතා කියා සිටියේ ඔළුව උඩටම අහස කඩාගෙන වැටෙන්නට යද්දී අගමැති රනිල් වික්‍රමසිංහට කිසි ගාණක් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාර ආතල් එකේ ඉන්නා බවත්ය.
මහාචාර්ය සරත් විජේසූරිය සදහන් කලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද වන විට වෙන පිරිසක් විසින් හොරකම් කරගෙන ඇති බවකි.
නව පෙරමුණේ පලමු මාද්‍ය නිවේදනය - බලන්න සම්පූර්නම ලිපිය මෙතනින්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පළමු මාධය නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය දිනා ගැනීම
වසර 12 ක සේවා කාලය සම්පුර්ණ කර නොමැති ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය දිනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොන්දේසි විරහිතව පෙනී සිටී. කුරිරු ත්‍රස්තවාදයෙන් මාතෘභූමියෙන් නිදහස් කර ගැනීම උදෙසා අතපය දෙනෙත් දන් දුන් මේ වීරෝදාර රණවිරුවන් මහ මග විරෝධතා ව්‍යාපාරයක් අරඹන තුරුම නිහඬව සිටියේ මන්දැයි අපි වර්තමාන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නෙමු. ජීවිතයේ වටිනාම කාලය රට වෙනුවෙන් කැප කළ රණවිරුවන් මහ මගට ඇද දැමීම කෘතෙවීදී මිනිස් සමාජයකට කිසිසේත් අනුමත කල හැක්කක් නොෙවී. කෘතීම පාද, අත් වාරු බිම තබා, රෝද පුටු මත හිඳිමින්, රණවිරුවන් පසුගිය 31 වන දා කොළඹදී ආරමිභ කළ විරෝධතා ව්‍යාපාරය හද සසල කළ දසුනකි.
රට වෙනුවෙන් සිය ශරීරාංග යුධ බිමෙහි අතහැර දමා ආ රණවිරුවන්ටත් මේ ආණ්ඩුව සලකන්නේ මෙලෙස නම් අප ගැන කවර කථා දැයි ජනතාව මැසිවිලි නගමින් සිටී. ෙමී සිදුවීම වර්තමාන ආණ්ඩුෙවී රණවිරු දඩයම් ව්‍යාපෘතියේ තවත් එක් අවස්ථාවක් දැයි සැක මතුවීම සාධාරණය.
විශේෂිත අවශ්‍යතාවයන් සහිත පුරවැසියන්ට සුවිශේෂී වරප්‍රසාද ලබාදීම ලෝකයම පිළිගත් මූලික සිද්ධාන්තයකි. යමි රටක් විශේෂිත අවශ්‍යතාවයන් සහිත පුරවැසියන්ට සලකන ආකාරයයෙන් ඒ රටේ සමස්ත ස්වාභාවය ලොවටම ප්‍රදර්ශණය වන බව අමතක කළ යුතු නැත. මෙම රණවිරුවන් ආබාධිතයන් බවට පත් වූයේ සමස්ත ජාතියේම නිදහස වෙනුවෙන් බව ෙමි ආණ්ඩුවට යළි යළිත් සිහිපත් කිරීමට සිදුවීම කණගාටුවට කරුණකි.
ඔවුන් ඉදිරිපත් කරන්නේ ඉතාම මානුශීය සහ යුක්ති සහගත සාධාරණ ඉල්ලීමකි. මෙම විරෝධතාව දියත් කරන ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් අහිම වන්නේ වසර 12 ක සේවා කාලයක් සමිපුර්ණ නොකිරීෙමි පදනම මතයි. ඔවුන්ට වසර 12 ක සේවා කාලයක් සම්පුර්ණ කිරීමට නොහැකි වුයේ සේවා කාලය අතරතුර ආබාධිත තත්වයට පත්වීම හේතුවෙනි. දෑත් , දෙපා, දෙනෙත්, අහිමි මේ රණවිරුවන්ට 12 වසරක් සම්පුර්ණ වන්නට පෙර සේවයෙන් ඉවත් වීමට සිදුවන්නේ වෛද්‍ය නිර්දේශ මත මිස ඔවුන්ගේ පෞද්ගලික අභිමතය මත නොවෙයි. උපන් බිම වෙනුවෙන් මිනිසෙකුට කළ හැකි උපරිම යුතුකම ඉටුකළ ඔවුන් අද වයස අවුරුදු 55 සමිපුර්ණ වීමෙන් පසු මාසික වැටුපක් නොමැති විශ්‍රාමිකයින් පිරිසක් බවට පත්ව තිෙබී. දැනට ඔවුන්ට හිමි වන්නේ දුබලතා දීමනාවක් පමණි. එය ඉතා සොච්චම් මුදලකි. එම සොච්චම මෙම රණවිරුවන්ගේ ආබාධිත තත්වයටන්ට අදාල විශේ්ෂිත අවශ්‍යතාවන් සපුරා ගැනීමටවත් ප්‍රමාණවත් නැත. එය එසේ වෙද්දී එම මුදලින් අඹු දරුවන් රකින්නේ කෙසේ දැයි මේ අමානුෂික ආණ්ඩුව වහාම වටහා ගත යුතුය. අනික් අතින් මෙම රණවිරුවන් මියගියහොත් ඔවුන්ගේ අඹුදරුවන්ට කිසිදු දීමනාවක් හෝ වරප්‍රසාදයක් හිමි නොවීම අතිශයින්ම සංෙවීදී සංකීර්ණ ගැටළුවකි. ෙමී සියල්ලටම එකම විසදුම විශ්‍රාම වැටුප් අයිතියම පමණි.
මේ සංෙවීදී අරගලය තවම අවසන් නැත. මේ මොහොතේදීත් ඔවුන් දවසේ 24 පැය පුරා අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් නිදි වර්ජිතව කොටුව දුම්රියපොල ඉදිරිපිට දුක් විඳිමින් සිටී. ආණ්ඩුව විසින් ස්වේච්ඡුාවෙන්ම සොයා බලා ඉටුකළ යුතු යුතුකමක් දුෂ්්කර අරගලයක් දියත් කිරීමෙන් පසුව වත් ඉටු නොකිරීමට තරමි වර්තමාන පාලකයින් සාහසික වූයේ කෙසේ දැයි වටහා ගැනීම අපහසුය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස අපේ ඉල්ලීම වසර 12 ක සේවා කාලය සමිපුර්න කිරීමට නොහැකි වු රණවිරුවන්ට විශ්‍රාම වැටුප වහාම ලබාදෙන ලෙසයි. රෙටි සියළු කේෂත්රයන් පාරට ඇද දමා සමස්ත සමාජයම වීදි සටන් කරුවන් බවට පත්කල ආණ්ඩුවකින් ජනතා අයිතීන් ඉටුෙවී යැයි කල්පනා කිරීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් වැනි යැයි යමෙකුට සිතිය හැක. නමුත් මේ විරෝධාර රණවරුවන් කෙරෙහිවත් සුවිශේෂී අවධානයක් යොමුකර ඔවුන්ට යුක්තිය ඉටුකරන ලෙස රට වෙනුවෙන් ඔවුන් හෙලූ රුධිරයේ නාමයෙන් අපි ඉල්ලා සිටින්නෙමු.
සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප්‍රකාශක
2016/11/03
'සද දිදුලයි' තාරකා විද්‍යාවේ විශ්මයජනක සිදුවීමක් මේ මාසේ 14 වෙනිදා සද බලන්න
තාරකා විද්‍යාවේ විශ්මයජනක සිදුවීමක් මේ මස 14 වනදා පෘථිවිවාසින්ට දැක බලාගත හැක.
එනම් මෙම ශත වර්ෂයේ චන්ද්‍රයා විශාලතවම දැක ගත හැකිවන අවස්ථාවයි.
‘සුපර් මූන්‘ ලෙස හඳුන්වන මෙම අවස්ථාවේදී සඳ 14% ප්‍රමාණයකින්ද විශාල වන බවද, 30% ප්‍රමාණයකින් දීප්තිය ගෙන දෙන බවද කියැවේ
මෙවැනි සිදුවීමක් මින් පසුව දැක බලාගත හැක්කේ 2034 වසරේදීය.
මින් පෙර මෙවැනි සිදුවීමක් වාර්තාවී ඇත්තේ 1948 දීය.
ක්ෂිතිජයේදී ඉතා පැහැදිලිව මෙය දිස්වන බවයි පැවසෙන්නේ.
මේ මස 13 හා 14 යන දිනයන්හිදී මෙය දැක බලාගත හැකි බවත් 14 වැනිදා මෙහි විශාලතම අවස්ථාව දැක බලාගත හැකිවනු ඇති බවත් තාරකා විද්‍යාඥයෝ කියති.
ශරියා නීතිය ඉල්ලා තව්හිද් වීදි බසී
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පලකරමින් තව්හීද් ජමාත් ඉස්ලාමීය සංවිධානය කොළඹ කොටුවේ විරෝධතාවක් ආරම්භ කර ඇත.
“ශරීයා නීතිය අපේ නීතිය.. අපට ඕන අපේ නීතිය“ යැයි සටන් පාඨ කියමින් ඔවුහූ විරෝධතාවයේ නියැළෙති.
GSP+ බදු සහන ලබා දීමටනම, වයස් සීමාවකින් තොරව කුඩා දැරියන් පවා විවාහ කර ගැනීමට අවසර ලැබෙන ඉස්ලාමීය විවාහ නීතිය ජාත්‍යන්තර මානුෂවාදී නීතියට හා මානව හිමිකම් සහ එක්සත් ජාතීන්ගේ ළමා ප්රඥප්තියට පටහැනි බැවින් එම නීතය වහාම සංශෝධනය කරන ලෙස යුරෝපා සංගමය රජයට දන්වා ඇත.
ඒ අනුව රජය විසින් කැබිනට් අනුමැතිය සහිතව ඒ පිළිබදව කටයුතු කිරීම සදහා පසුගිය සතියේ අනුකමිටුවක් පිහිටවන ලදි.
කෙසේ වෙතත් විරෝධතාවයේ නියැලෙස තව්හීද් ජමාත් සාමාජිකයන් පවසන්නේ, බාළ දැරියන් විවාහ කරගැනීම ඉස්ලාමයේ ශරීයා නීතියෙන් අනුමත කර ඇති බැවින් කිසි සේත්ම එම නීති වෙනස් කිරීමට රජයට ඉඩ නොතබන බවයි. තම ආගමේ නීතිවලට අත තැබීමට පැමිණියහොත් මරාගෙන මැරීමට වූවත් තමන් සූදානම් බවත්, රජයට අමතක නොවන පාඩමක් උගන්වන බවත් තව්හිද් ජමාත් නියෝජිතයෝ පවසති.
විඝණකාධිපතිගේ ප්‍රකාශයෙන් ෆුට් නෝට් සාමාජිකයින් ගොලු වෙයි
මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුවට තමන් විසින් ඉදිරිපත්කළ වාර්තාවේ ඇති කිසිදු කරුණක් වෙනස් කිරීමට තමන් කිසිසේත්ම එකග නොවූ බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා දැඩි ලෙස අවධාරණය කර සිටී.
එජාප සාමාජිකයන් විසින් කෝප් වාර්තාවේ තබා ඇති පාද සටහන්වලට කිසිසේත්ම තමන්ගේ අනුමැතිය නොමැති බවත් එම පාද සටහන් යොදාගෙන ඇත්තේ විගණකාධිපති වාර්තාව වෙනස් කිරීම සදහා බවත් විගණකාධිපතිවරයා සදහන් කරයි.
‘වසර තිහක බැදුම්කරයක් නිකුත් කලේ කුමක් නිසාද, ඒ මොහොතේ තිබූ පොලි අනුපාතය ඉහද දමා අදාල බැදුම්කරය නිකුත් කලේ මන්ද’ ආදී බොහෝ ප්‍රශ්නවලට අද වන තෙක් පිලිතුරු ලැබී නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
බාදුම්කර වංචාව ගැන පාටලීගේ හොර කතා ඉවරයී - එය උදය ගම්මන්පිල මහතා හෙලි කරයි
ඒකාබද්ද විපක්ෂය විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
බැඳුම්කර මගඩිය ගැන පාච එදා කී කතාව සහ අද කියන කතාව
පසුගිය සදුදා උදෑසන මාධ්‍ය හමුවක් පවත්වලා මෙම බැදුම්කර මගඩියේ වගකීම භාරගෙන අගමැතිතුමා ඉල්ලා අස්විය යුතුයි කියලා. මම ප්‍රකාශ කරාම එදා හවස මාධ්‍ය හමුවක් කැදවන ගරු පා ච රණවක ඇමතිතුමන් අගමැතිතුමා මේ හොරකමට සම්බන්ධ නෑ. එතුමා ප්‍රතිපත්තිමය උපදෙසක් පමණයි ලබා දීලා තියෙන්නේ. ඒ නිසා එතුමා ඉල්ලා අස්විය යුතු නෑ කියලා කියනවා. මම කැමතියි ගරු පා ච රණවක ඇමතිතුමන්වම උපුටා දක්වමින් අගමැතිතුමා ඉල්ලා අස්විය යුත්තේ ඇයි කියලා පෙන්නුම් කරන්න එතුමගේම අතීත කතා වලින්. එතකොට මේ විවාදය උදය එදිරිව පා ච නෙවෙයි පා ච එදිරිව පා ච. මෙතුමා මාර්තු මාසයේ Daily Mirror පුවත් පත සමග කල සම්මුඛ සකච්චාවකදී මෙතුමා ප්‍රකාශ කරනවා අර්ජුන් මහෙන්ද්‍රන් මහ බැංකු අධිපති තනතුරට සුදුසු නෑ. ඒක ඇත්ත. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වන උපලේඛනයේ තියෙනවා දිවුරුමක් ලබා දෙන්න ඕනේ කියලා. ඒ දිවුරුමෙන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහා නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවට ද, එතුමා හොර වැඩක් කරන්න ආව නිසා අවංකව කියන දිවුරුම දෙන්න කැමති වුණේ නෑ. ශ්‍රී ලංකා ජන රජයට පක්ෂපාත වන බවට ද සිංගප්පුරු පුරවැසියෙකුට වෙනත් කිසිම රටකට පක්ෂපාත වෙන්න බැරි නිසා ශ්‍රී ලංකා ජන රජයට පක්ෂපාත වනවා කියන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද ගෞරව බහුමානයෙන් ප්‍රතිඥා දෙමි කියලා. මේ දිවුරුම එතුමා දුන්නේ නෑ කියලා හිටපු කෝප් සභාවේ සභාපති ඩ් ව් ගුණසේකර මහතා එතුමාගෙන් ප්‍රශ්න කරද්දි එතුමා පිළිගත්තා. සිංගප්පුරු ජාතිකයෙක් මහ බැංකු අධිපති තනතුරට නුසුදුසුයි කියන පදනමින් රණවක ඇමතිතුමා කැබිනට් මන්ඩලයේ දී ප්‍රකාශ කලා කියලා කියනවා. අගමැතිතුමා ඒ විරෝධය නොතකා, ඒක මගේ තීරණයක්, එයා ගැන වගකීම මම භාර ගන්නවා කියලා එතුමාව පත්කලා කියලා. ඒක නිසා අගමැතිතුමා වගකීම භාර ගත යුතුයි කියලා ප්‍රකාශ කරන්නේ මම නෙවෙයි ගරු පා ච රණවක ඇමතිතුමන්.
පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා ජූනි මාසයේ 26වැනිදා. ජුනි මාසයේ 27වැනිදා මාධ්‍ය හමුවක් තියලා එතුමන් කියන,ඒවා මාධ්‍ය වාර්තාත් කලා, ඒ අතරින් මම රිවිර පුවත් පත සහ ලංකාදීප පුවත් පත උපුටා දක්වන්නම් “බැදුම්කර සිද්ධියේ කෝප් වාර්තාව යටගහන්න ඕනේ නිසා ආණ්ඩුව විසුරුවා හැරියා” එක්සත් ජාතික පක්ෂයේ නායකයා ජනාධිපතිතුමා ලවා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට එන එක වලක්වන්න ඒක ලංකාදීප පුවත් පතෙත් තියෙනවා. පුවත්පත් දෙකම ජුනි මාසයේ 29වැනිදා. එතකොට පා ච රණවක ඇමතිතුමන්ට අනුව වගකීම බාර අරගෙන නුසුදුස්සෙක් පත් කරන්න අගමැතිතුමා කටයුතු කර තියෙනවා. පා ච රණවක ඇමතිතුමාට අනුව අර්ජුන් මහෙන්ද්‍රන්ගේ හොරකම වසන් කිරීමට උත්තරිතර පාර්ලිමේන්තුව විසුරුවා හරින තැනට අගමැතිතුමා පත්වී තිබෙනවා. පසුගිය වසර එකහාමාරක් 2015 පෙබරවාරී 27වෙනිදා ඉදන් 2016 ඔක්තොම්බර් මාසයේ 24වැනිදා වෙනකම්ම එජාප මන්ත්‍රීවරු මාධ්‍ය හමු තියලා කිව්වේ, රූපවාහිනි විවාද වල තර්ක කලේ, වේදිකාවේ ගිරිය පුප්පන් කෑගැහුවේ, පොත් ලිව්වේ, කොප් කමිටුවේ දී විගනකාධිපතිට තර්ජනය කලේ, කොප් කමිටුවේ හොරු අල්ලන්න ඉදිරිපත් වුණු මන්ත්‍රීවරුන්ට අපහාස කලේ අර්ජුන් මහෙන්ද්‍රන්ගේ හොරකම සගවන්න. නායකයා තමයි එජාප මන්ත්‍රී රැළගේ ක්‍රියාවට වගකියන්න ඕනේ.
රණවක ඇමතිතුමා කියනවා ප්‍රතිපත්තිමය තීන්දුවක් පමණයි මහබැංකු අධිපතිට අගමැතිතුමා උපදෙස් දුන්නේ ඒක නිසා වගකියන්න ඕනේ නෑ. සම්පුර්ණයෙන්ම වැරදියි. ලංකාවේ සෑම සංස්ථාවක්ම සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් පිහිටුවන පනතක වගන්තියක් තියෙනවා ඇමතිවරයා විසින් වරින් වර සමාන්‍ය හෝ විශේෂ නියෝග කළමණාකරන මණ්ඩලයට ලබා දෙනු ඇත. ඒ නියෝග පිළිගැනීමට කළමණාකරන මණ්ඩලය බැදීසිටි කියලා. උදාහරණයක් විදිහට ලංකා බැංකුව පිහිටවපු ලංකා බැංකු අඥාපනතේ 33වන වගන්තියේ මේ ආකාරයට සදහන් කර තිබේ. හැබැයි මහ බැංකුව පිහිටවපු මුල්‍ය නීති පනතේ මම දවස් ගණනක් තුන් වතාවක් විතර කියෙව්වා කොතනවත් එහෙම දෙයක් සඳහන් වෙන්නේ නෑ. මහ බැංකුවේ මුදල් මණ්ඩලය පත් කරන්නේ අමාත්‍යවරයා නෙවෙයි ජනාධිපතිවරයාය . මුදල් මණ්ඩලයට හෝ මහ බැංකු අධිපතිවරයාට නියෝග දිමේ බලය ඇමතිවරයාට ඒ පනතින් ලබා දීලා නෑ. ඒ ඇයි? විශේෂ හේතුවක් තියෙනවා. ආණ්ඩුව සහ දේශපාලකයන් කරන්නේ රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය තීරණය කිරීම. මොනවටද බදු ගහන්නේ, මොනවටද සහන දෙන්නේ. ඒවයි ආර්ථිකය. සමහර විට අස්ථායි වෙන්න පුළුවන්. මහ බැංකු පනතේ 05 වන වගන්තියේ කියනවා මහ බැංකුවේ වගකීම තමයි මුල්‍ය ස්ථායිකරණය. ඒ කියන්නේ පොලි අනුපාතය, විනිමය අනුපාතය, උද්ධමනය ස්ථාවරව පවත්වාගෙන යාම සහ මුල්‍ය පද්ධතිය ස්ථායි කරණය. ඒ කියන්නේ බැංකු කඩා වැටෙන්නේ නෑ කියලා ස්ථායි කර ගැනීම. ඒ නිසා තමයි මහ බැංකු අධිපතිවරයාට බලය නැත්තේ වෙන්දේසි කරනවද? සෘජු ක්‍රමයට බාර ගන්නවාද යන්න ප්‍රතිපත්තිමය තිරණ වලට ඇගිලි ගහන්න. ඒක තමයි අර වගන්තිය දාලා නැත්තේ.
මන් මේ කියන කාරණය නීතිමය කාරණයක්, මහ බැංකුවේ සිටින ජේෂ්ඨතම නිළධාරියා වන ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති අචාර්ය පී එන් වීරසිංහ 2016 ජුලි මාසයේ 07වැනිදා කොප් කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කරනවා.
කොප් කමිටුවේ සභාපතිතුමා අහනවා නියෝජ්‍ය අධිපතිතුමාගෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න පුළුවන් කාටද? අචාර්ය පී එන් වීරසිංහ මහතා කියනවා තිරණ ගන්න පුළුවන් මුදල් මණ්ඩලයටත් මොකද 2008 වසරේ මුදල් මණ්ඩලය ගත්ත තීරණයක් මේ ගැන තියෙනවා. මේ දෙක මිශ්‍ර කරලා තීරණයක් ගන්න කියලා එතකොට ඒ තීරණය වෙනස් කරනවා නම් කරන්න පුළුවන් මුදල් මණ්ඩලයට පමණයි.
එතකොට සභාපතිතුමා අහනවා මුදල් මණ්ඩලය හැර ඒ ප්‍රතිපත්තිමය තිරණය ගන්න වෙනකාට හරි පුළුවන්ද? අචාර්ය පී එන් වීරසිංහ මහතා කියනවා වෙනත් යෝජනා ගෙන්න එක එක්කෙනාට පුළුවන් පස්සේ අපේ අධිපතිතුමත් කියනවා අපි දැක්කා පස්සේ කාලේක අගමැතිතුමත් කිව්වාය කියලා. එහෙම අගමැති නිර්දේශ කලත් ඒක ක්‍රියාත්මක කරන්න නම් මුදල් මණ්ඩලයේ අනුමැතිය නීතිමය ආකාරයට අවශ්‍ය වෙනවා. මා කලින් කිව්ව කාරණය මගේ මතයක් නෙවෙයි මහ බැංකුවේ සිටින ජේෂ්ඨතම නිළධාරියා වන ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති අචාර්ය පී එන් වීරසිංහ මහතා සාක්ෂියට කියනවා අගමැතිට එහෙම උපදෙස් දෙන්න අයිතියක් නෑ. බලය තියෙන්නේ මුදල් මණ්ඩලයට පමණයි.
එතකොට නුසුදුස්සෙක් පත් කරලා ඒ වගකීම බාර ගැනීම, පාර්ලිමේන්තුව විසුරුවා හැර සොරුන් ආරක්ෂා කිරීමට උත්සහා දැරීම, වසර එකහාමාරක් පුරා එජාප මන්ත්‍රීන් හොරුන් රකින තැනකට මෙහෙය වීම, තමන්ට කිසිම බලයක් නැති මුල්‍ය ප්‍රතිපත්ති වලට ඇගිලි ගැසීම කියන වරදවල් හතර අගමැතිතුමා කල තිබෙන නිසා තමයි අපි කියන්නේ අගමැතිතුමා බැදුම්කර සිද්ධියේ වගකීම බාරගෙන වහාම ඉල්ලා අස්විය යුතුයි කියලා. නමුත් පා ච රණවක ඇමතිතුමා දැඩි මතයක ඉන්න නිසා අගමැතිතුමා ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් නෑ කියලා. ගරු ඇමතිතුමාට අභියෝග කරනවා එන්න මා සමග විවාදයකට මම ඔප්පු කරලා පෙන්වනම් අගමැතිතුමා වගකිව යුත්තේ ඇයි කියලා.
පා ච රණවක ඇමතිතුමත් අපි දන්නවා අලපාලු ආර්ථිකය වැනි ගැබුරු ආර්ථික කාරණා සම්බන්ධයෙන් පොත්පත් ලිව්ව ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ප්‍රවීණයෙක්. මගේ ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම මොකක්ද කියලා මම කියන්නේ නෑ. මොකද අනිත් හැමෝටම වඩා එතුමා මගේ ආර්ථික විද්‍යා පසුබිම පිළිබඳ හොද දැනුමක් තියෙනවා. ඒ නිසා මෙම විවාදය මග හරින්න වෙන හේතු දක්වන්න කිසිම හේතුවක් නෑ. එතුමා මා කිව්ව දේ අභියෝග කල නිසයි මම එතුමට අභියෝග කරන්නේ. පාලු මාධ්‍ය සංදර්ශන වල වලං බිදින්නේ නැතුව එන්න අපිත් එක්ක විවාදයකට අපි ඔබට පහදා දෙන්නම් අගමැතිතුමා ඉල්ලා අස්විය යුත්තේ ඇයි කියලා.
පසුගිය කාලේ මාධ්‍ය වල වැඩි අවධානයක් යොමු වුණේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට බිලියන එකොළහක ලාබයක් ලැබීම. ලංකාවේ තියෙන දැවැන්ත සමාගම් පෙරලා මේ සමාගම් දැවැන්ත ලාබයක් ලැබීම මාධ්‍යයට ප්‍රවෘත්තියක් තමයි. හැබැයි ඒ සමාගමේ ලාභය නෙවෙයි ආණ්ඩුවේ පාඩුව. ඇයි මේ සමාගම මේ ලබන්නේ වසර එකහාමාරක ලාභය. හැබැයි මේ බැදුම්කරය නිකුත් කරලා තියෙන්නේ වසර 30කට. වසර 30 පුරාම මේ අලාභය වෙනවා. ඒවගේම මේ කාරණයේ දී අපි ගණන් හදලා බැලුවා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්ලාල් මැතිතුමා, අචාර්ය නාලක ගොඩහේවා මැතිතුමා ඇතුළු මේ ආර්ථික කේෂ්ත්‍රයේ විද්වතුන් පිරිසක් ගණන් හදලා බැලුවා මෙහි සමස්ථ මුල්‍ය පාඩුව කොපමණද? 8.85% තිබුණු බැදුම්කර වල පොලි අනුපාතය මේ ගණුදෙනුව නිසා 11.76% දක්වා ඉහල නැගුනා. මේ ගණුදෙනුවෙන් විතරක් වුනු පාඩුව බිලියන 8.7ක්. හැබැයි මතක තියා ගන්න එදා ඒ ගනුදෙනුවෙන් ඉහල නැග්ග පොලි අනුපාතය ආයේ පල්ලෙහාට වැටුණේ නෑ. එදයින් පස්සේ මහ බැංකුව විසින් 63 වතාවක් භාණ්ඩාගර බැදුම්කර සහ භාණ්ඩාගර බිල්පත් වෙන්දේසි කරලා තියෙනවා. ආණ්ඩුව දැන් ඒ සෑම එකක්ම ණයට ගන්නේ අඩු පොලියට නෙවෙයි වෙළදපොල තුල කෘතිමව නැග්ගවූ වැඩි පොලී අනුපාතයට. මේ 63න් වතාවේම කොච්චරක්ද කියලා බලද්දි සමහර ඒවා මාස 03 භාණ්ඩාගර බිල්පත් සමහර ඒවා අවුරුදු 30 භාණ්ඩාගර බැදුම්කර. මේ සියල්ලේම කාලය පිරෙන කොට 2015 දෙසැම්බර් 31 දක්වා නිකුත් වුනු 63න් වෙච්ච පාඩුව පමණක් බිලියන 1554යි. ත්රිලියන 1.6ක්. මෙවැනි පාඩුවක් මගේ දැනුමේ හැටියට ලෝක ඉතිහාසයේ කෙහෙන්වත් වාර්තා වෙන්නේ නෑ. මීට වඩා හොද ඔස්තාර් කෙනෙක් ඉදලා තියෙනවා කියලා අපිවත් දැනුම්වත් කරන්න කියලා මේක රකින්න අදටත් කතා කරන ආණ්ඩුවේ ඇමතිවරුන් ගෙන් අපි ඉල්ලීමක් කරනවා.
මේ අපි කිව්වේ ආණ්ඩුවේ පාඩුව. දැන් ආණ්ඩුව ගත්තොත් 2013 වසරේ ආණ්ඩුව ගෙව්ව පොලිය බිලියන 463ක්. 2014 ඒක 446 දක්වා බිලියන 17කින් අඩු වුණා. එතකොට අපේ ආණ්ඩුවේ ප්රවනතාව වුණේ ආණ්ඩුවෙන් සමුගන්න කොට වාර්ෂිකව ගෙවන ණය පොලිය, පොලි බර අඩු කරමින් ඇවිල්ලා ඉන්නේ. අපි අඩුකරගෙන ආපු පොලිය අඩු කරගැනීම මේ මහ බැංකු බැදුම්කර වංචාවෙන් පොලිය ඉහල නැගිමේ ප්‍රතිපලයක් විදිහට 2015 වසරේ පමණක් බිලියන 64කින් රාජ්‍ය ණය පොලිය වැඩි වෙලා තියෙනවා. දැන් මේ බිලියන 64 හොයා ගන්න ඕනේ. දැන් 2016 වන විට ඒක බිලියන 100ක් වෙලා තියෙනවා. ඒ නිසා අද මේ අයට සිද්ධ වෙලා තියෙනවා වැඩි වැඩියෙන් බදු ගහන්න. රාජපක්ෂ ණය වලට ගෙවන්න කියමින් අද මේ අය වැට් බදු හදුන්වා දීලා අහිංසක දුප්පත් ජනතාවගේ ඊරිමාංශ හුරාගෙන කන්නේ මේ මහබැංකු වංචාවෙන් ඇතිවුණු වැඩි ණය පොලිය ගෙවා ගන්නයි. පොලිය විතරක් නෙවෙයි අද ජනතාවගෙන් ඇහුවොත් දැන් අවුරුදු 2කට වඩා ලිසීං වල වාරිකය වැඩියිනේද? බැංකු අයිරාවක පොලිය වැඩිවෙලා නේද? නිවාස ණයක් ගන්න ගියාම වෙනදට වඩා පොලිය වැඩි වෙලා නේද? මේ සියල්ල වැඩි වුණේ මේ වංචාව නිසා. ඒකට හේතුව තමයි බැංකුවක් අඩුවෙන්ම පොලියට ණය දෙන්නේ ආණ්ඩුවට හේතුව ආණ්ඩුවක් බංකොලොත්වෙන්නේ නෑ ආණ්ඩුව තමයි සල්ලි අච්චු ගහන්නේ. ගෙවන්න තියෙනවා නම් වැඩියෙන් අච්චු ගහලා ගෙවන එකයි තියෙන්නේ. ආණ්ඩුවට දෙන ණය තමයි අවදානම් අඩුම ණය. ඊට පස්සේ තමයි පොලිය ටිකෙන් ටික වැඩිවෙන්නේ. ආණ්ඩුවට ණය දෙන පොලිය කෘතිම ලෙස ඉහල ගියාම බැංකු අනෙක් අයට දෙන ණය පොලිය අනුපාතිකව වැඩිවෙනවා. අනිත් අයට දෙනකොට අවදානම වැඩි නිසා වැඩි පොළියක් අයකරන නිසා. හොයලා බලන්න 2013ට වඩා දැන් බැංකුවෙන් ලිසිං කම්පනියෙන් අය කරන ණය පොලිය වැඩිද කියලා.
විශේෂ කාරණයක් කියන්න ඕනේ නීතිමය කාරණයක් ආණ්ඩුවෙන් තර්කයක් ගේනවා අර්ජුන් ඇලෝසියස් මේකට වගකියන්න ඕනේ නෑ කියලා. මහ බැංකු අධිපති ධුරයට ඔහු පත්වෙන්නේ 2015 ජනවාරි මාසයේ 26. අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක ධුරයෙන් 2015 ජනවාරි 16 වැනිදා ඉවත් වෙනවා. ඔය ගණුදෙනුව වෙන කාලේ මම හිටියේ නෑ මාව අත්අඩංගුවට ගන්න ඕනේ කියා එක එක්කෙනා කියලා තියෙනවා. මම ඕවට නෑ කියලා. අර්ජුන් ඇලෝසියස් වෙබ් අඩවිවලට කියලා තියෙනවා. මේ සම්බන්දව සුප්‍රකට නඩුවක් තියෙනවා අපි සමාගම් නීතිය ඉගෙන ගද්දි දෙවැනි ලෝක යුද්ධ කාලේ 1944 එංගලන්තය තහනම් කරලා තිබුණා ජර්මන් සමාගම් වලට ව්‍යාපාර කරන්න. ජර්මන් ව්‍යාපාරිකයන් මොකද කලේ අදුරණ ඉංග්‍රිසි ජාතිකයන්ට කිව්වා ඔයාලා සල්ලි දාලා ව්‍යාපාර පටන්ගෙන අපේ බඩුටික විකුණන්න. මේ සම්බන්දව නඩුවක් පැවැරුවා උසාවියේ. ව්‍යාපාරයේ සියළු දෙනාම ඉංග්රිසින් නිසා මේක ජර්මන් කියන්න බෑ කියලා තර්ක කලා. උසාවිය තීරණය කලා නෑ මුණ වසා සිටින රෙදි කඩ අයින් කරලා රෙදි කඩ ඇතුලේ සැගවී සිටින්නේ කවුද කියලා බලන්න උසාවියට අයිතියක් තියෙනවා. ඒ නිසා ලංකාවේ නීතියටත් ඒක අදාලයි. ඒ ඉංග්‍රිසි නඩු තින්දු ලංකාවෙත් භාවිතා කරනවා. ඒ නිසා අර්ජුන් මහේන්ද්‍රන් අධ්යක්ෂ ධුරයෙන් ඉවත් වුණත් ඔහු අධ්යක්ෂ ධුරයක් දරන පර්පෙචුවල් හොල්ඩින් සිල්ප් ලිමිටඩ් සමාගමට තමයි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අයිති. මේ වංචාවේ ලොකුම කුට්ටිය යන පුද්ගලයා තමයි අර්ජුන් ඇලෝසියස්. ඒ නිසා අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගන්න කිසිම නීතිමය බධාවක් නෑ. නීතිපතිතුමනි ඔබ ව්‍යාකුල වෙලා වසර එකහාමාරක් කල්පනා කරන බව පේනවා. අපි නොමිලේ නීති උපදෙස් ලබා දෙන්න අපි සුදානම් කියලා නීතිපතිතුමාට සිහිපත් කරන්න කැමතියි.
– අරවින්ද අතුකෝරල
අද එන්.ජී.ඕ ඉල්ලීම් ඉටු කරන රජයට විරුද්ධව මාධ්‍ය සාකච්චාවක් - අජිත් ප්‍රන්න
එන්. ජී . ඕ නඩයෙන් ඉල්ලූ පරිදි බ්‍රිගේඩියර් සුරේෂ් සලේ බුද්ධි බලකා ප්‍රදානී තණතුරෙන් ඉවත් කිරීමට එරෙහි මාද්‍ය සාකච්ඡාව අද සවස 2.00 ට මරදාන , ඩීන්ස් පාරේ, CSR ආයතනයේ දී.
=====================
නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න 0773373418
1. ලන්කාවේ සියලුම මාද්‍ය ආයතන වලට
2. මුහුණු පොතේ මාද්‍ය වේදීන්ට
3. මව්බිම ට , රණවිරුවන් ට හිතැති ඔබ සැමට
ආරාධනා .....
ජාතික ආරක්ෂාව අණතුරේ..
ඉවසුවා ඇති ....
මේ මව්බිම වෙනුවෙන් අරගල කල යුතු කාලයය්.
නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න 0773373418
කැදවුම්කරු ,
" මව්බිම වෙනුවෙන් රණවිරුවෝ"
ආබාදිත රණවිරුවෙක් මාරාන්තික උපවාසයක
සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා අඛණ්ඩ විරෝධතාවයේ නිරතව සිටින ආබාධිත රණවිරුවෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
සේවා කාලය වසර 12කට අඩු විශ්‍රාමික ආබාධිත රණවිරුවන් තමන්ට සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය 31 වනදා සිට කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධතාවයේ නිරතව සිටියි.
සිය ඉල්ලීම සඳහා පිළිගත හැකි විසඳුමක් ලබා දෙන තුරු සිය විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ‘රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය‘ සඳහන් කළේය.
ඒ අනුව විරෝධතාවයට සමගාමීව දෑස් සහ දෙඅත් අහිමි ආබාධිත රණවිරුවෙකු අද(03) දහවල් සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව එම සංවිධානයේ සභාපති යූ.බී වසන්ත මහතා කියා සිටියේය.
අමරදේවයානන් දැයෙන් සමු ගයි - ඔහු ගැන පල වූ සම්පූර්න විකිපීඩියා සටහන බලන්න මෙතනින්
හෙලයේ මහ ඝාන්ධර්වයා ආචාර්ය පණ්ඩිත් අමරදේව මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත විය.
අද පෙරවරුවේ හදිසියේ ඇති වූ අසනීප තත්වයත් මත ඒ මහතා රෝහල් ගත කරන ලද අතර එහිදී දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 88ක් විය.
— මේ අමරදේවන් සම්බන්ධයෙන් වූ විකිපීඩියා සටහනයි —
ඩබ්. ඩී. අමරදේව උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්ෂේත්රය පෝෂණය කල ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුවේදී මෙළොව එළිය දුටු, වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනී.
දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේව, දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස්ට දාව උපත ලැබුවකු විය. කුඩාකල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙනි. එමෙන්ම ඔහුගේ වැඩිමහලූ සහෝදරයෙකු ඉන්දීය ශාස්ත්‍රිය සංගීත ගුරුවරයෙකුද වුයේය.
අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.
‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයාවු මෙහොමඞ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය.
‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි පිහිටි බාත්ඛන්ඬේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.
ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සදහා 1950 මැදභාගයේදී සිය ජන ගායනා ව්‍යාපෘතිය වෙනුවෙන් “පණීභාරත, කිරිගනිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා” වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගේ අනුදැනුම ලැබීය.එම සංගීත රටා එක් තනි තාලයක් වටා පමණක් ගෙතී ඇති බව හදුනා ගන්නා ඔහු, ඒවාට මධ්‍ය තාලයක් සදහා අනුගත වන පද මාලා එක් කිරීමට තීරණය කරයි.එහිදී එකල පැවැති ඇතැම් සීමා කිරීම් පසෙකලීමටද ඔහු පෙළඹෙයි.මේ අන්දමෙන් බාහිර තත්වයන්ගේද බලපෑම ලත්, සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහිකරලීමට අමරදේව සමත්වෙයි. පසුව වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලාකරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සඳහාද ඔහු ක්‍රියාකාරීව දායක වෙයි.
පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය (2001), ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය සහ ශ්‍රි ලංකාවේ කලාකීර්ති ජනාධිපති සම්මානය (1986), මෙන්ම දේශමාන්‍ය සම්මානය(1998) ආදී සම්මාන රැසක් දිනා ගැනීමටද අමරදේව සමත් වෙයි.එමෙන්ම 1967, යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම සහ, “ගවුමි සලාම්” නම් වූ මාලදිවයින් ජාතික ගීය සදහා 1972 දී බ්‍රිතාන්‍ය එළිසබෙත් රැජිනගේ ආරාධනයෙන් යුතුව තනුව නිර්මාණයට දායක වීම ආදියෙන්, ඔහු ජාත්‍යාන්තරය තුළ ලාංකේය අනන්‍යතාව සැළකොට සිටියේය.
ළමා කාලය සහ අධ්‍යාපනය
වඩු කාර්මිකයෙකු වූ වනක්කුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා සහ බාලාපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් යන මවුපිය යුවලට දාව, මොරටුව ප්‍රදේශයේදී අමරදේව උපත ලබන්නේ සත් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා ලෙසටයි. තම පියා බෞද්ධයෙකු වීමත් මව කතෝලික තැනැත්තියක් වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ්රවුණු පවුලක ජීවත් වීමේ හැකියාව නිතැතින්ම අමරදේවට ලැබෙයි.
අමරදෙව සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටුමුල්ල වඩු කාර්මික විද්‍යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලුත්වැඩියා කරන්නෙකු වූ ඔහුගේ පියා විසිනි. අමරදේව, කුඩා කළ තම මවගේ ස්තෝත්ර ගායන වලට හිතුමනාපයේ වයලීනයේ තත් හඬවන්නට පුරුදුව සිටියේය.ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය උගන්වනු ලැබීම අමරදෙවගේ සංගීත ජීවිතය ඔපවත් වීම සදහා පවුලෙන් ලද තවත් පිටුවහලක් විය. ඔහුට වයස අවුරුදු හත වන විට ජපන් ටින් වයලීනයක් පියාගෙන් ලද ත්‍යාගයක් වශයෙන් ඔහුට හිමිවේ.
කොරළවැල්ලේ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙරණුවන් යටතේ ස්වකීය මූලික අධ්‍යාපනය ලබන අමරදේවයන්ගේ සංගීත ප්රතිභාවේ අපූර්වත්වය දුටුවන්, විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීම සඳහා අමරදේවයන් හට ආරාධනා කරයි. අනතුරුව තම ග්‍රාමයේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දැරීමටද අමරදේවයන්ට හැකියාව ලැබෙයි.
ශ්‍රි සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබන අමරදේව, මොරටු විද්‍යාලයෙන් පවත්වන ලැබූ කවි ගායනා තරගයකින් ජයග්‍රහණය ලබන්නේ මේ අතරදීය. එසේම කොළඹ කලා සංගමය විසින් මෙහෙය වූ ගායනා තරගයකින් ජයග්‍රහණය ලැබීමට අමරදේවයන් නායකත්වය දැරූ පාසල් ගායක කණ්ඩායමට හැකියාව උදාවේ. මෙම ජයග්‍රහණ වලින් උද්දාමය ලද අමරදේවයන්ගේ පාසල් ගුරුවරු, ඔහුව ලංකා ගුවන් විදුලි සේවයෙහි ගායක මඩුල්ලට ඇතුලත් කිරීමට ක්‍රියා කරයි. මේ අන්දමින් දක්ෂතා ප්‍රදර්ශනය කරන අමරදේව, 1945 වර්ෂයේදී ජන කලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායනා හා වයලීන වාදක තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට බුහුටි වෙයි.
තම ප්‍රාථමික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව සදහා ලද ශිෂ්‍යත්වයකින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව අමරදේවයන්ට ලැබේ. එහිදී විදුහල්පති ඩැනිස්ටර් තෝමස් ප්‍රනාන්දු (ඩී.ටී. ප්‍රනාන්දු ) මහතා සමග දැන හැඳුනුම් කමක් ඇති කරගන්නා ඔහු, ඩී.ටී. ප්‍රනාන්දු මහතාගේ උපකාරීත්වයෙන් කළුතර විද්‍යාලයටත් ඉන් අනතුරුව, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කර ගනියි.
මෙකලදී “අශෝකමාලා” චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙන අතර, මොරටුවෙහි ජෙරාඩ්.ජේ.පීරිස් නැමැත්තෙකු විසින් අමරදේවයන්ව එම චිත්‍රපටයේ සංගීතය මෙහෙය වූ, මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත හඳුන්වා දෙනු ලබයි. අමරදේවයන්ගේ ශක්‍යතාවන් හඳුනාගන්නා ගවුස් මාස්ටර් විසින් තම වාදක මණ්ඩලයේ ප්‍රමුඛතම වයලීන වාදක ශිල්පියා බවට අමරදේව පත්කරනු ලබයි.
ඩී.ටී. ප්‍රනාන්දු පවසන අන්දමට, ඔහුගේ සහොදරයා වූ කොරළවැල්ල පාසලේ සංගීත ගුරුවරයා වශයෙන් සේවය කළ ඩ්බ්.ජේ.ප්‍රනාන්දු විසින් අමරදේවයන්ගේ දක්ෂතාවන් හඳුනා ගනු ලබයි. අමරදේව පාසලේදී වයලීන වාදන සම්භන්ධයෙන් දක්වන බුහුටි බව ඔහුගේ නිරීක්ෂණයට ලක්වේ. පසුව අමරදේවගේ පියා ඔහුට වයලීනයක් තනා දෙන අතර, ඔහු පියා යටතේ වයලීන වාදනය හදාරනු ලබයි. ඔහු පසුව අශෝකමාලා චිත්‍රපටය සදහා මොහොමඩ් ගවුස් වෙත හදුන්වාදීම සිදුවන්නේ, ඩී.ටී.ප්‍රනාන්දු මහතාගේ උපකාර ඇතුව ඉගෙනීමේ කටයුතු සඳහා අමරදේව කළුතර බලා යාමෙන් වසර කිහිපයකට පසුවය. අශෝකමාලා චිත්‍රපටයේ පද රචකයා වශයෙන් කටයුතු කරන්නේ ඩී.ටී. ප්‍රනාන්දු මහතා වන අතර, ඔහු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වූ ශාන්තිකුමාර් සෙනෙවිරත්න මහතා සමග ඇති කරගෙන තිබූ දැඩි මිත්‍රත්වය මේ සදහා පිටුවහලක් වෙයි. තම උසස් අධ්‍යාපන කටයුතු සදහා 1950 වර්ෂයේ මැද භාගයේදී ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ සංගීත අධ්‍යයනායතනයට ඇතුළත් වෙයි. අමරදේව ලංකාවට පැමිණි පසු දිනක් කළුතර සිට කොළඹ බලා ධාවනය වන බසයකට මොරටුවේදී ගොඩ වැදෙන අමරදේවයන්ට, බසයේ සිටින ඩී.ටී.ප්‍රනාන්දු මහතා මුණගැසෙන අතර එහිදී තමා සඳහා පද්‍ය රචනා කර දෙන ලෙසට අමරදේවයන් ඉල්ලා සිටියි. මෙහිදී බසය ධාවනය වන අතර ඩී.ටී.ප්‍රනාන්දු මහතා විසින් “පීනමුකෝ කළුගගේ” ගීතය රචනා කරන අතර, ඔහුට ගීතයේ අවසාන කොටස ගායනා කිරීමට නොහැකි වන්නේ බම්බලපිටිය ප්‍රදේශයේදී බසයෙන් බැසයාමට අමරදේවයන්ට සිදුවීම නිසයි.
තම ඉගෙනීමේ කටයුතු අහවර කරන අමරදේව, මොහොමඩ් ගවුස් සමග එක්ව, චිත්‍රපටයක වැඩ සඳහා ඉන්දියාව බලා යයි. “ඇයි යමෙකු කලේ ආලේ” ගීතය සදහා ගායනයෙන්, නර්තනයෙන් හා රංගනයෙන් යන ත්‍රිවිධ අංශයෙන්ම දායක වීමට අමරදේව මෙහිදී සමත් වෙයි.
වෘත්තීමය
ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ අධ්‍යාබනායතනයෙහි ලැබූ පරිචයත් සමග, ලංකා ගුවන් විදුලියෙහි නිත්‍ය ගායකයෙකු ලෙස සේවයට එක් වීම තුළින්, ස්වකීය ප්‍රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වූ වඩා පුළුල් ශ්‍රාවක ගහණයක් වෙත සම්ප්‍රේශණය කිරීමේ හැකියාව ඔහුට උදා වේ. බාත්ඛන්ඩේ අධ්‍යයනායතනයෙහිදී ලබන සතතාභ්යාසයන්ගේ දැනුම ලබන දොන් ඇල්බර්ට් පෙරේරා ලංකාවට පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කු වඩුගේ දොන් අමරදේව ලෙසිනි. අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද මේ නාමය ඔහුට ලබාදෙන්නේ මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනුයි.
මේ සමය වන විට ශ්‍රි ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල්ම අවදිය වූ අතර, ශ්‍රි ලාංකේය අනන්‍යයතාවක් සහිත සංගීත විදිය නම් කවරක්ද යන ගැටළුව, සමාජීය ප්‍රාඥයන්, කලාකරුවන් සහ පොදු මහජනතාව අතර විමසීමට බඳුන් දුන් තත්වයක් විය. මෙම තත්වයන්ට අනුකූලව, ස්වදෙශික ජන සංගීතය සමග, ඔහු ඉන්දියාවෙදී හැදෑරූ සංගීතයත් ඇසුරුකොට ගෙන වඩා සුඛනම්‍ය වූ සංගීත වහරක් මතුකොට ගැනීමට අමරදේව සමත් වෙයි.
දකුණු ඉන්දියානු සහ ද්‍රවිඩ සංගීත ආකෘති පිළිබද අමරදේවයන් කළ පර්යේෂණාත්මක හැදෑරීම් ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් අතර වේ. ශ්‍රි ලංකාවේ අසහාය පද්‍ය රචකයෙකු වූ මහගම සේකරයන් හා එක්ව, අමරදෙවයන් විසින් කරන ලද ස්වර රචනා ශාස්ත්‍රීය සිංහල පද්‍යයේ ස්වර විභේදනයන් පිළිබඳ වූ ඔහුගේ අනන්‍ය ප්‍රතිභාව ගවේෂණය කරන්නක් වී තිබේ. මේ වන විට අමරදේවයන්ගේ සංගීත භාවිතාව සමස්ත ජාතියක භාවමය ආත්මය ප්‍රවර්ථනය කරන්නක් බවට පත්ව තිබේ.
කාව්‍යමය නාට්‍ය (කරදිය, නළදමයන්ති ආදිය), චිත්‍රපටි (රන් මුතු දූව, ගම්පෙරෙළිය, රන් සළු, දෙළොවක් අතරේ, ගැටවරයෝ, රෑන ගිරවු, තුන්මං හංදිය ආදිය), නුර්ති (වෙස්සන්තර ) ආදී කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට අමරදේවයන් හැකියාව ලැබීය.
අමරදේව සහ ඔහුගේ බිරිය වන විමලාට දාව රන්ජන අමරදේව නමින් පුතෙකු සහ සුභානි අමරදේව (දක්ෂ ගායන ශිල්පිණියෙකි), ප්‍රියන්වදා අමරදේව නමින් දියණිවරුන් දෙදෙනෙකු සිටිති.
හවුල අවුල් වෙයි - ශ්රීලංනි පක්ශය කඩා එ.ජා.ප ගොඩ ගැනීමේ මෝඩ වෑයමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක් කර ගැනීමේ සූදානමක් ගැන ඉහල පෙලේ දේශපාලන කවයන්හි සාකච්චා වෙමින් ඇත.
ඉන් පසු එක්සත් ජාතික පක්ෂය මූලික කර ගත් ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් මෙම සැලසුම ක්‍රියාත්මක වන්නේ යයිද පැවසෙයි.
ආණ්ඩුයේ ප්‍රධාන පාර්ශ්වයන් දෙක වන එජාපය හා ශ්රීලනිපය අතර මේ වන විට ඇතිව තිබෙන මතබේදකාරී තත්වය මත එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පිරිසක් විසින් යෝජනා කර ඇත්තේ ජාතික ආණ්ඩුව ගැන තව දුරටත් බලාපොරොත්තු නොතබා එජාප ආණ්ඩුවක් ගැන අවධානය යොමු කල යුතු බවයි.
එජාපයෙන් ජනාධිපති ධුරයට පත් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අයත් වන්නේ එජාපයටම බවත් ඔහුගේ තීරණවලින් එජාපයට අවාසියක් විය යුතු නැති බවත් මෙම පිරිස පෙන්වා දී ඇත.
ෆු නෝට් යන යන තැන පීච්චන් - දෙරණේ සංක රෙදි ගලවයි
දෙරණ රූපවාහිනියේ ඊයේ දින පැවති ‘අලූත් පාර්ලිමේන්තුව’ වැඩසටහනේදීද සාකච්චාවට ගැනුනේ මහ බැංකුවේ බැදුම්කර මගඩිය ගැනයි.
ෆුට් නෝට් කණ්ඩායමේ දෙදෙනෙක් සහිතව කෝප් කමිටු සාමාජිකයින් හතර දෙනෙක් සහ නීතිවේදියෙක් සාකච්චා මණ්ඩපයට සහභාගී විය.
බැදුම්කර නිකුතු එදා පටන් දිගටම වන බවත් පසුගිය රාජපක්ෂ රජයෙන්ද සිදු කරන ලද මේ ආකාරයේ බැදුම්කර නිකුතු ගණනාවකින් පාඩු වූ බවත් ෆුට් නෝට් නියෝජිතයින් දිගින් දිගටම අදහස් දක්වද්දී වැඩසටහන මෙහෙයවූ සංඛ අමරජිත් එක් අවස්තාවක ‘හැබැයි ඒ පාඩුව කාගෙවත් සාක්කුවකට ගියේ නෑ නේද’ විමසුවේය.
ඊට පිලිතුරක් මුළු වැඩසටහන පුරාම ‘ෆුට් නෝට්’ පිලෙන් ලැබුනේ නැත.
නව පක්ශය මහින්ද මහතා සමග සාකච්චාවක්
හිටපු අමාත්‍ය ජී.එල් පීරිස්ගේ සභාපතිත්වයෙන් අලුතෙන් ලියාපදිංචි කෙරුණු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සාකච්ඡාවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබෙනවා.
ජී.එල් පීරිස් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම නව පක්ෂය ලියාපදිංචි කළ බවයි.
එහිදී හෙතෙම පැවසුවේ වත්මන් රාජය පිළිබඳ විශාල අප්‍රසාදයක් ගොඩනැගෙමින් ඇති බවයි. අලුත් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමග ඉතා සමීපව කටයුතු සිදු කරන්නට බලාපොරොත්තු වන බවත් සඳහන් කළා. නුදුරු අනාගතයේදී මෙම පක්ෂය හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශාල කාර්යභාරයක් පැවරෙනු ඇති බවත් සඳහන් කළා.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලෙස අලුතින් ලියාපදිංචි කෙරුණේ මීට පෙර පැවති අපේ ශී‍්‍ර ලංකා නිදහස් පෙරමුණයි. මල් පොහොට්ටුව එහි ලාංඡනය වනවා.
උපාදිධාරීන් උද්ඝෝශනයක - කොයි යහපාලනේ රැකියා දශ ලක්ශය
විරෝධතාවේ...
රැකියා විරහිත උපාධිධාරීන්ට වහා රැකියා ලබා දෙන ලෙස රජයට බලකරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ඊයේ (02 දා) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ අයුරු. ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන
පිස්සු රාජිතගේ කතාවට ගෝටගෙන් කන පැලෙන්නම උත්තරයක්
උතුරු පළාත් තුල ක්‍රියාත්මක වන ‘ආවා ගෲප’ තමන්ගේ මෙහෙයවීමෙන් බිහි වූ එකක් බවට ඇමති රාජිත සේනාරත්න විසින් කරනු ලැබූ ප්‍රකාශය තරයේ ප්රතික්ෂෙප කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඇමතිවරුන් විසින් සිදු කරන මේ ආකාරයේ ප්‍රකාශ හේතුවෙන් අපහාස වන්නේ තමනට හමුදාවට බවද පවසන රාජපක්ෂ මහතා තමනට දේශපාලනිකව පහර දීමට මේ අකාරයේ ප්‍රකාශ කලවිට සමස්ත හමුදාවටම පහර වදින බවත් හමුදාව කිසිසේත්ම මේ ආකාරයේ දේවල් සිදු නොකල බවත් කියා සිටී.
2016/11/02
රනිල්ගෙ බැදුම්කර වන්චාව පොඩි එකක්නේ - සරත් ෆොන්සේකා
වර්තමානයේදී සිදුව ඇති මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදුවීම පෙර පැවති ආණ්ඩුව සමයේදී මහබැංකුව සම්බන්ධව සිදුවූ සියළු වංචාවලට සාපේක්ෂව සුළු සිදුවීමක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
විපක්ෂ කණ්ඩායම් විසින් දේශපාලන වාසි ලබාගැනීම සඳහා මෙම මහබැංකු සිදුවීම භාවිතා කරන බවයි ඔහු පෙන්වාදෙන්නේ.
කැලණිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් අමතා සරත්
සිකරට් මොනවද ? බීඩි කොච්චර හොදද - ඇමති රාජිත
සිගරට් පානය කිරීමේදී ශරීරයට සිදුවන හානියට වඩා බීඩි පානය කිරීමේදී සිදුවන හානිය අඩුබව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
දැනට දුම්වැටි වලට පනවා ඇති බදු ඉහළ දැමීම බීඩි ඇතුළු විකල්ප දුම්කොළ නිෂ්පාදන සඳහා ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ බීඩි නිෂ්පාදන සඳහාද බදු ක්‍රියාත්මක බවයි.
මිල වැඩි කිරීම නිසා සිගරට් භාවිතාව සහ දුම් පානය අඩුවී ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියා.
බීඩි නිෂ්පාදනයට යොදාගන්නා අමුදුව්‍ය වලින් ශරීරයට සිදුවන හානියට සාපේක්ෂව දුම්වැටියක අඩංගු සංඝටක රැසකින් සිරුරට අහිතකර බලපෑම් එල්ලවන බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ.
රනිල් අල්ලස් කොමිසමට යන්න සූදානම් - හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ මේක
ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් කමිටුව ලබාදුන් වාර්තාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
එහිදී හෙතෙම පෙන්වා දුන්නේ කෝප් කමිටුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට තමන් සෑම විටම ක්‍රියා කළ බවයි. ඇතැමුන් කෑ ගසන්නේ ඔවුන්ගේ නිරුවත වසා ගැනීමට බවත් එහිදී තමන්ට එරෙහිව ඇති නඩු දේශපාලන පලිගැනීම් ලෙස දකින බවත් කෝප් සිද්ධිය ලෝකයේ ලොකුම සොරකම ලෙස ඔවුන් දකින බවයි.
අවශ්‍යතාවක් ඇති වුවහොත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව හමුවේ පෙනී සිටීමට වුව ද තමන් පසුබට නොවන බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.
ශ්‍රී පාද භූමියෙ තනන්න ගිය කතාවේ සැග උන රහසක් මෙන්න
නල්ලතන්නිය මරේ ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රීපාද රක්ෂිත මායිමේ පිහිටි පීක්ෆීල්ඩ් වතුයායේ “නිවාඩු නිකේතනයක්“ යැයි හදුන්වමින් ඉදිකිරීමක් සිදුවන භූමිය හා එම වතු යාය නැරඹීමට එහි පාලනාධිකාරිය මාධ්‍යට අවස්ථාව ලබා දී තිබෙනවා.
මෙරට දුරකථන සමාගමක කොටස් හිමිකාරීත්වයෙන් යුතු ඩුබායි කැපිටල් ගෘප් නම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක ප්‍රධානියෙකු විසින් මීට සිවු වසරකට පෙර මිලදී ගෙන ඇති මෙම ඉඩමට ඔහු සහ අරාබි ජාතිකයන් නිතර හෙලිකොප්ටර් මගින් පැමිණෙන බැවින් එහි හෙලිකොප්ටර් අංගනයක්ද ඉදිකර තිබෙනවා.
සමාජ ජාලා ඔස්සේ මතුවූ විරෝධයත් සමග මධ්‍යම පරිසර අධිකාරිය මගින් එහි සිදුවන ඉදිකිරීම් තාවකාලිකව නවතා තිබෙනවා. ආදම්ගේ පාදය යැයි මුස්ලිම් ජාතිකයන්ගේ විශ්වාසයට අනුව ඉදිරියේදී එහි පැමිණෙන අරාබි මුස්ලිම් ජාතිකයන්ගේ නවාතැන් පහසුකම් පිණිස මෙය ඉදිකෙරන බවයි සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වන්නේ.
මහින්ද මහතාගේ නව පක්ශය බිහි වෙයි - මෙන්න සියලු විස්තර
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවන නව පක්ෂය සදහා නව නිලධාරී මණ්ඩලය මේ වන විට පත්තර තිබේ.
නව පක්ෂය ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ‘ ලෙස නම්කර තිබෙන අතර ‘මල් පොහොට්ටුව’ නව පක්ෂයේ ලාංඡනයයි.
එහි සභාපතීත්වය දරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වන අතර ලේකම්වරයා වන්නේ නීතිඥ සාගර කාරියවසම් මහතායි.
නව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇත්තේ ජනප්‍රිය මාධ්‍යවේදියෙකු වන සංජීව එදිරිමාන්න මාහතායි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 18 වනදා නව පක්ෂයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.
අර්ජුන් ලංකාවට එනවිට රනිල් රටින් පනි
15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා – ශාන්තිකර සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (03දා) හොංකොං බලා පිටත්ව යාමට නියමිතය.
සමුළුව සංවිධානය කෙරෙන්නේ ආසියා ශාන්තිකර කලාපීය ව්‍යවසායකයන් සහ ජර්මානු ව්‍යවසායකයන් අතර සම්බන්ධතා ශක්තිමත් කරලීමේ අරමුණිනි.
හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්රණ හා ප්‍රදර්ශන ශාලාවේ නොවැම්බර් 03 වන දා සිට 05 වන දා දක්වා සමුළුව පැවැත්වෙන අතර, ජර්මනියේ සහ ආසියා ශාන්තිකර කලාපයේ ප්රමුඛ නීති සම්පාදකයන්, විද්වතුන්, ව්‍යවසායකයින් ඊට සහභාගී වෙති.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද මේ සංචාරයට එක්වෙති.
මේ අතර හිටපු මහ බැoකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හෙට දිවයිනට පැමිනෙණ බව විශ්වාශනීය ආරoචි මාර්ග පවසයි
මෙය යහපාලනයක්නම් උතුරට හම්දාව එපා - විග්නේශ්වරම් තපුල්ලයි
රට තුළ යහපාලනය පවතින්නේ නම් උතුරු පළාතෙන් ආරක්ෂක හමුදා ඉවත් කළ යුතු බව පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වර්තමානය වනවිට උතුරු පළාතේ සාමකාමී තත්වයක් ස්ථාපිත වී ඇති බවයි. එම නිසා උතුරු පළාත තුළ තවදුරටත් ආරක්ෂක හමුදා රඳවා තැබීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග පැවත් වූ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
උතුරු පළාත තුළ මේ වනවිට ලක්ෂයකට ආසන්න හමුදා සාමාජිකයින් පිරිසක් රැඳි සිටිනවා. එය කිසිසේත් අවශ්‍ය කරුණක් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. යුද්ධය නිමා වී මේ වනවිට වසර 7 ක් ගත වී තිබෙනවා. එහෙත් ජනතාවගේ ගැටළුවලට නිසි විසඳුම් ලැබී නොමැති බවයි උතුරු පළාත් මහ ඇමතිවරයා පෙන්වා දෙන්නේ. උතුරු පළාතේ සිටින යුද හමුදා සාමාජිකයින් ඉවත් කිරීමට රජයේ අවධානය යොමු කරන්නැයි ද මහ ඇමතිවරයා යුරෝපා සංගමයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.
යහපාලන ආණ්ඩුව ngo ඉල්ලීම් ඉටුකරයී-හමුදා ප්‍රධානියා ඉවතට
වහාම ක්‍රියාත්මක වන ලෙස යුධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස බි්රගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක පත් කල බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සදහන් කරයි.
බි්රගේඩියර් සුරේෂ් සලෙයි මෙතෙක් හමුදා බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබින.
දැනට දෙසතියකට පෙර කොලඹදී කැදවූ මාධ්‍ය හමුවකදී මහාචාර්ය සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් කිහිප දෙනෙකු විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වහා ඉවත් කල යුතු බවයි.
අර්ජුන් පත් කරන විට මා අකමැති උනා. නමුත් අගමැති ඔහුව පත් කලා - රාජිත හෙලි කරයි
කෝප් කමිටුෙවි නිර්දේශ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී සාකචිඡ කළ බවත්, එම නිර්දේශ නීතිපතිවරයාට සහ රාජ්‍ය මූල්‍ය දෙපාර්තෙමින්තුවට යොමු කර පරික්ෂණ පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ දී අවදානය යොමු කළ බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කළ පියා අහිමි වූ දරුවන් 200 කට පාසල් උපකරණ පරිත්‍යාග කිරීෙමි සුවිශක්ති මාතා‘ වැඩසටහනක් පයාගල රාජිත සේනාරත්න ක්‍රිඩාංගණයේ දී අද පස්වරුෙවි දී පැවැත්විනි.
එම උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා
‘කෝප් කමිටුෙවි සභාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙක්. රාජපක්ෂ සමයේ කෝප් කමිටුෙවි සභාපති වූයේ අමාත්‍යවරයෙක්. එයයි යහපාලන රජයේ වෙනස. කෝප් කමිටුෙවි නිර්දේශ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී සාකචිඡ කළා. එම නිර්දේශ කථානායක වරයා හරහා නීතිපතිවරයාට යොමු කිරීමටත්, රාජ්‍ය මුල්‍ය දෙපාර්තෙමින්තුව හරහා පරීක්ෂණ පැවැත්වීමටත් අවධානය යොමු කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එම පරික්ෂණ පිළිබදව කරුණු පැහැදිලි කළා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිධූරයට පත් කරන විට මම විරුද්ධ වුනා. ඔහු පිළිබදව විශ්වාසයක් නොමැති බව ප්‍රකාශ කළා. එවිට අග්‍රාමාත්‍යවරයා කියා සිටියා ප්‍රශ්නයක් ඇති වුවහොත් පසුව විසදාගමු කියලා. නමුත් මා ප්‍රකාශ කළ ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රශ්නයක් ඇති කර ලංකාවම ගද ගැස්සුවා. ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා ඇතුලු පිරිසක් අල්ලස් කොමිසටම මෙම ප්රශ්නය ඉදිරිපත් කර තිබෙනවා. රාජපක්ෂ පාලන සමයේ දී ඔවුන්ට මෙවැනි ප්‍රශ්න අරගෙන අල්ලස් කොමිසමට යන්න බැරි වුනා. එදා ප්‍රශ්න අරගෙන ගියා නම් වාසුදේව මන්ත්‍රීවරයාට වෙන්නේ ඇමැතිකම නැතිවීම පමණයි’
– නිපුන් ඒකනායක
එක්සත් ජාතික මන්ත්‍රීන් පිරිසක් මහින්දගේ නව පක්ශය සමග එකතු වෙයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව දේශපාලන බලවේගයට සහය ලබා දීමට එක් වී තිබේ.
බත්තරමුල්ලේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්දීකරණ කාර්යාලයේදී හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා හමුවූ මඩකලපුව, කාත්තන්කුඩි පළාත් පාලන ආයතනවල එජාප පළාත් පාලන නියෝජිතයින් පිරිසක් හා පක්ෂ ක්‍රියාකාරින් පිරිසක් මෙසේ නව බලවේගයට සහාය දීමට එක් විය.
-lana c news
'නලුවෙක් නොව මොලයක්' කියු රනිල් රට සෝමාලියාවක් කරයී
අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු කිහිපයක් සඳහා මෙම වසරට (2016) පසුගිය අයවැයෙන් වෙන් කළ මුදල ප්‍රමාණවත් නැතැයි පවසමින් අමතර රුපියල් කෝටි පන්දහස් එකසිය තුනකට අධික මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.
වසර අවසන් වීමට මාස දෙකක කාලයක් සහ මීළඟ වසර අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට සති දෙකක කාලයක් ඉතිරිව තිබියදී මෙම කෝටි පන්දහසකට අධික මුදල ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් වෙනුවෙන් ඉල්ලා ඇත.
අමාත්‍යාංශ කිහිපයකට වාහන මිලදී ගැනීම සඳහා ද රුපියල් දහඅටකෝටි පනස් දෙලක්ෂයක මුදලක් මෙම පරිපූරකය මගින් ඉල්ලා ඇත. ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක්, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ තිහක්, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයට, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට සහ සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍යාංශයට රුපියල් හාරකෝටි තිස්ලක්ෂය බැගින් හා විදේශ රැකියා අමාත්‍යාංශයට රුපියල් පනස් ලක්ෂයක්, මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් විසිදෙලක්ෂයක්, අස්ගිරි මහානාහිමි වෙනුවෙන් රුපියල් එක්කෝටි නවලක්ෂයක් වාහන වෙනුවෙන් ඉල්ලා ඇත.
ඊට අමතරව වියට්නාමයෙන් සහල් අපනයනය කිරීමේදී සිදුවූ පාඩුව කපා හැරීම සඳහා රුපියල් තුන්කෝටි පහළොස් ලක්ෂයක් ද ලංකා සතොසට වූ පාඩුව මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපූර්ණය කිරීම සඳහා රුපියල් විසිකෝටි අසූලක්ෂයක් ද කාන්තා හා ළමා කටයුතු ඇමැති නිල නිවසට ලී බඩු මිලදී ගැනීම සඳහා රුපියල් එක්කෝටි එක්ලක්ෂයක් ද, එල්µsන්ස්ටන් රඟහල නවීකරණය සඳහා රුපියල් දාහතර කෝටි දොළොස් ලක්ෂයක් ද මෙම පරිපූරකය මගින් ඉල්ලා තිබේ.
අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
– දිවයින
රජයේ ඉඩම් මන්කොල්ලයට ෆයිසර් මුස්තාපා වග කිව යුතුයි - ගල හොඩ අත්තේ හිමි
රට තුළ සිදුවන මහා ඉඩම් මංකොල්ලයට පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා සහ ඔහුගේ පවුලේ උදවිය සම්බන්ධ බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (01 වැනිදා) චෝදනා කර සිටියහ.
එහෙයින් ඔහු ඇමැති ධුරයෙන් නෙරපා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
ශ්‍රී පාදස්ථානය අවට ඉඩමක හෝටලයක් ඉදිකිරීමේ සිද්ධියට අදාළ ඉඩම් ගනුදෙනුව පිටුපසත් තවත් ඉඩම් ගනුදෙනු රැසක් පිටුපසත් සිටින්නේ ඇමැති ෆයිසර් මුස්තාපා මහතා බවත් අලුත්කඩේ උසාවිය පැත්තේ ගැවසුණහොත් ඒ පිළිබඳ දැනගත හැකි බවත් උන්වහන්සේ කීහ.
නීතිඥ ලෝගුවට මුවාවී ඔහු දිගින් දිගටම මේ වංචාවන් සිදු කරන බවටත් ඔහු මුල මැද අග නැති 'ගනුදෙනු' කර ආයෝජකයන් මුලා කර ඇති බවටත් ඥනසාර හිමියෝ චෝදනා කළහ.
ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ එම අදහස පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
අගමැති ඉල්ලා අස් නොව්නොත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් වහාම ඉල්ලා අස් විය යුතුයි - ජී එල් පීරිස් අනතුරු අගවයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා ඉල්ලා අස් නොවන්නේනම් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්විය යුතුයෑයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.
ආණ්ඩුවෙන් අස්නොවී ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් තවදුරටත් සිටින්නේ නම් සාමූහික වගකීම අනුව ඒ සියලු දෙනාද රටට වගකිව යුතු බවත් ඔවුන්ට ඇඟ බේරා ගැනීමට කිසිසේත් පුළුවන්කමක් නැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය. මෙම බැඳුම්කර වංචාව පිළිබඳව ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතිවරුන් විශාල වාග් ප්‍රහාර විවේචන එල්ල කළත් ඒවා සත පහක වැඩකට නැති පුස්සක් බවත් ඔවුන් කළ යුතු එකම දේ ආණ්ඩුවෙන් ඉවත් වීම බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවැසීය.
අග්‍රාමාත්‍යවරයාට කැබිනට් මණ්ඩලය තුළ සුවිශේෂි බලයක් තිබෙන බැවින් ඔහු ප්‍රධානත්වය දරන කැබිනට් මණ්ඩලයක ශ්‍රී.ල.නි.ප. ඇමැතිවරුන්ට හෘද සාක්ෂියට අනුව තවදුරටත් සාමාජිකයන් ලෙස සේවය කළ හැකි දැයි හෙතෙම විමසා සිටියේය.
අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් නොවන්නේනම් අස්වනතුරු බලා සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට පූර්ණ බලතල තිබෙන අතර ඔහු ඉවත් නොකර බැඳුම්කර වංචාව පිළිබඳව ස්වාධීන පරීක්ෂණ ගැන කතා කිරීමේ පලක් නැතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊයේ 1 දා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව පැවැසීය
ආභාදිත රණවිරුවන් ආරක්ශක ලේකම්ට පාඩමක් උගන්වයී
තම විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා දින දෙකක් තිස්සේ මෙම රණවිරුවෝ උද්ඝෝෂණයේ නිරත වෙති මීට ටික වේලාවකට පෙර සාකච්ජාවක් සදහා ආරක්ෂක ලේකම් වරයා ආබාධිත රණවිරුවන් හමුවට පැමිණ තිබේ.එහිදී ආරක්ෂක ලේකම් වරයා රණවිරුවන් සදහා ප්‍රකාශ කොට ඇත්තේ විශ්‍රාම වැටුප ලබාදිය හැකි බවත් එහෙත් ඒ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවත්ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට විශ්‍රාම වැටුප ලබාදෙන බවට මීට පෙර සදහන් කල බව පැවසූ රණවිරුවෝ ආරක්ෂක ලේකම් වරයා සමග වචන හුවමාරුවක් සිදුකලේය. එම අවස්ථාවේදී ආරක්ෂක ලේකම්වරයා රණවිරුවන්ගේ හූ හඩ මද්දේ පළා ගියේය.
මේ වනවිට ආබාධිත රණවිරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැදී සිටියි..
2016/11/01
යහපාලනේට පින් සිද්ද වෙන්න රණවිරුවන් තවමත් මහ පාරේ
කොළඹ කොටුව ඕල්කට් මාවත අවහිර කරමින් අද (01) පෙරවරුවේ විරෝධතාවක නිරත වූ අබාධිත රණවිරුවන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටිනවා.
තම විශ්‍රාම වැටුප සහ දීමනා ඉහළ දමන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කළේ ඊයේ (31) උදෑසනයි.
කෙසේ වෙතත් බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් අද දිනයේ ද කොළඹ කොටුව ඕල්කට් මාවත අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. එම විරෝධතාව අත්හිටුවන ලෙස අධිකරණය අද පස්වරුවේ ලබාදුන් නියෝගයක් අනුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් වී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණියා.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් ද විමසීමක් කළා. එහිදී හෙතෙම පැවසුවේ එම පිරිස දැනට විශ්‍රාම වැටුපට නුසුදුසු තත්ත්වයක පවතින බවයි. ඒ හේතුවෙන් විශ්‍රාම දීමනාවක් ඔවුන්ට හිමිවන බවත් සඳහන් කළා. අදාළ කටයුතු සිදුවෙමින් තිබියදී ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන බවත් පෙන්වා දුන්නා. කෙසේවෙතත් දැනට ඔවුන්ට ලැබෙන රුපියල් 65000 ක වැටුපයි දීමනාවලටයි අමතරව ඔවුන් මෙම ඉල්ලීම සිදු කරන බවත් පැවසුවා.ඔබ්ා
රනිල්ට පරදින්න දෙන් නෑ - දයසිරි ලෝක හොරා ආරක්ශා කරයී
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ දී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එය පරාජය කිරීමට ආණ්ඩුවක් ලෙස සූදානම් බව ද අද (01) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා කියා සිටියා.
එහිදී හෙතෙම සඳහන් කළේ “අගමැතිතුමාව පටලවා ගැනීම සාදාරණ නැහැ. ඒ තීන්දුව ගන්න ඕන මුදල් මණ්ඩලය. අගමැතිවරයා ලෙස එතුමා එතුමාගේ කාර්යභාරය කරලා තියෙනවා. කවුරුත් ආරක්ෂා කරන්න අගමැතිතුමාට අවශ්‍ය නැහැ. අගමැතිතුමාට විශ්වාසභංගයක් ගෙනාවොත් ඒකට මුහුණදීලා ආණ්ඩුවක් ලෙස අපි ඒක පරාජය කරනවා.” යනුවෙනි.
බැදුම්කර වන්චාව පියව ගන්න රජයෙන් අලුත් නීති
මහබැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට සිදුවූ පාඩුව පියවා ගැනීම සඳහා නව නීති ගෙන ඒමට වුවද සූදානම් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසනවා.
ඔහු කියා සිටියේ බැඳුම්කර ගනුදෙනුවේ සත්‍යතාවය අනිවාර්යයෙන්ම ජනතාවට හෙළි කළ යුතු බවයි.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්තිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වුවද යා හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
මහබැංකු ගනුදෙනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම වංචාව ලෙස ඇතැමුන් විග්රහ කළ ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදුවූ වංචාව ඊට වඩා දැවැන්ත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
වැඩි කල වැට් බද්ද අද සිට ඉහලට
වැඩි වන වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අද (01) සිට කි‍්‍රයාත්මකයි.ඒ අනුව සියයට 11ක්ව පවතින වැට් බද්ද සියයට 15ක් දක්වා වැඩි වනු ඇති.
කෙසේ වෙතත් පසුගියවර පැනවූ සියයට 15 වැට් බද්ද කි‍්‍රයාත්මක කිරීමට වඩා මෙවර වෙනස්කම් රැසක් ඊට ඇතුළත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ.
වැට් බද්ද සියයට 15ක් දක්වා වැඩි වුවද ජනතාවට ඉන් බරක් ඇති නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
වැට් බද්ද සියයට 15ක් දක්වා වැඩි කිරීමට අදාළ වූ යෝජනාව ඉකුත් ඔක්තෝම්බර් 26 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
එහිදී මුදල් අමාත්‍ය රවී කරුණානායක වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ පිළිබඳ මෙලෙස පැහැදිලි කිරීමක් කළා.
ශ්‍රී පාද අඩවියේ හෝටලයේ වැඩ අතර මග නවතී
ශ්‍රී පාද අඩවිය ආසන්නයේ පිහිටි නල්ලතන්නිය පීක්ෆීල්ඞ් වතුයායේ ඉදිකිරීමට යෝජිත හෝටල් ව්‍යාපෘතියේ ඉදිකිරීම් මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් වීමෙන් නතර කර තිබෙනවා.
එම අධිකාරියේ මධ්‍යම පළාත් අධ්යක්ෂ සුසන්ත වෙදගේ පැවසුවේ ඊයේ (31) දිනයේ එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ නිලධාරීන් විසින් මේ පිළිබඳ වතු අධිකාරීවරයාට දැනුම් දී ඇති බවයි.
මාඋස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මරේ දිය ඇල්ලට ආසන්න වතු යායේ ඇති පැරණි ගොඩනැගිල්ලක් කඩා අලුතින් හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීමටයි සැලසුම් කර තිබුණේ.
කෙසේ වෙතත් මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරව අදාළ භූමියේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට අද (01) දිනය තුළ ලබා දී ලිඛිත තහනම් නියෝගයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි මධ්‍යම පළාත් අධ්යක්ෂවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
මෙම හෝටල් ව්‍යාපෘතිය හේතුවෙන් ශ්‍රී පාදය ආශ්රිත සංවේදී පරිසර කලාපයේ ජීවත් වන වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව හා ශාක කොටස්වලට දැඩි බලපෑමක් එල්ල වන බවයි පරිසරවේදීන් පවසන්නේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් පළමුව පරිසර අමාත්‍යංශයේ අවධානයට යොමුකළේ ද නෙත් නිවුස් විසින්. පසුව පරිසර අමාත්‍යංශයේ නියෝග මත මධ්‍යම පරිසර අධිකාරිය ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුවයි විශේෂ කණ්ඩායමක් එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේ.
සිකරට් මිල අද සිට රුපියල් 5කින් ඉහලට
දුම්වැටි මිල ගණන් අද (01) සිට තවත් රුපියල් 5කින් ඉහළ යනවා. ඒ, වැට් බද්ද අද සිට කි‍්‍රයාත්මක වීම හේතුවෙන්.
ඒ අනුව දැනට රුපියල් 42ක්ව පවතින දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති. රුපියල් 42ට වඩා වැඩි මුදලකට අලෙවි කළ දුම්වැටි රුපියල් 5කට වඩා වැඩි මුදලකින් ඉහළ යන බවයි වාර්තා වන්නේ. එහි උපරිමය රුපියල් 10ක්.
මීට පෙර ද දුම්වැටියක මිල රුපියල් 7කින් වැඩි කිරීමට රජය තීරණය කළා. ඒ අනුව මාස 2ක් වැනි කාලයක් තුළ දුම්වැටියක මිල රුපියල් 12කින් වැඩි වී තිබෙනවා. එය කෙටි කාලයක් තුළ අවස්ථා 2කදී ශ්‍රී ලංකාවේදී දුම්වැටියක මිල වැඩි වූ ඉහළම ප්‍රතිශතය ද වනවා.